Ada Ipadunu Nawum Lowata Song Lyrics - අද ඉපැදුනු නැවුම් ලොවට ගීතයේ පද පෙළ

Ada Ipadunu Nawum Lowata Song Lyrics - අද ඉපැදුනු නැවුම් ලොවට ගීතයේ පද පෙළ
Song Title : Ada Ipadunu Nawum Lowata (අද ඉපැදුනු නැවුම් ලොවට)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙළා
හද සුව යහනේ රකින්න //

උපන් බිළිඳු නහවන්නට
රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝපත් සෙලවී
මෙත් සිහිලෙන් සුවය දෙතී
දහසක් දෙව් බඹුන් නිතින
තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව
කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී

අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙළා
හද සුව යහනේ රකින්න

සහසක් බුදු වදන් නිතර
නැළවිලි ගීයෙන් ගයතී
සිරිදළදා හිමි සරණින්
පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර
දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට
සමන් දෙවිඳු දෝත දෙතී
සමන් දෙවිඳු දෝත දෙතී

අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙළා
හද සුව යහනේ රකින්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Ipadunu Nawum Lowata Song Lyrics - අද ඉපැදුනු නැවුම් ලොවට ගීතයේ පද පෙළ Ada Ipadunu Nawum Lowata Song Lyrics - අද ඉපැදුනු නැවුම් ලොවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2022 Rating: 5

0 comments:

Post a Comment