නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් (Some Information About Sri Lanka's Independence Day)

නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් ( Some Information About Sri Lanka's Independence Day) - Your Choice Way

🔸 ජාතික දිනයක් ලෙස හැදින්වෙන්නේ ජාතියක් හෝ ස්වෛරී නොවන රටක් විසින් ජාතික තත්වය හිමිකර ගැනීම සැමරීම සදහා විශේෂිතව නම් කෙරුණු දිනයක් වේ.

🔹 ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස ලිපාස්/ජොෂුවා ලුවී නීතියට අනුකූලව 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමට හැකි අතර එය සිදුකරනු ලබන්නේ පෙබරවාරි 04වනදාය ය.

🔴 බොහෝ විට ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ දී පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත්, නිදහස්  දින කතාව පැවැත්වීමත් සිදු කරනවා.

▪️▪️▪️1948 පෙබරවාරි 04▪️▪️▪️

💠 133 වසරක් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ව පැවති අපේ රට නිදහස් බිමක්‍ ලෙස ප්‍රකාශයට පත් කළ දිනයේ දහසක් ජනයාගේ සිත්වල අරුණළු පූදින්නට පටන් ගත්තා.

💠 ඒ වර්ෂ 1948 පෙබරවාරි 04 වන දිනයි.

ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුණේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි.
🟤 එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

🟤 මේ දිවුරුම් දීම සිදු වුනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.

🟤 නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ.

🟠 නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබුණා.

🟢 මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමුණා.

🟣 පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරුණා.

🔴 වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොළඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක වුණා.

🔘 එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය.

🟠 ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්.එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කළා.

⚫1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබෙනවා.

🟢 බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෞතුක භාණ්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.

🟤 කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 74ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් (Some Information About Sri Lanka's Independence Day) නිදහස් දිනය පිළිබද තොරතුරු බිදක් (Some Information About Sri Lanka's Independence Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment