Your Choice Way

Radha Krishna Rama Sitha Song Lyrics - රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගීතයේ පද පෙළ

Radha Krishna Rama Sitha Song Lyrics - රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගීතයේ පද පෙළ
Song Title : Radha Krishna Rama Sitha (රාධා ක්‍රිෂ්ණා රාමා සීතා)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : චන්ද්‍රසේන රංගේ
තනුව : සරත් ද අල්විස්


රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
අප පෙම හමුවේ
ඔවුන් ළදරුවෝ
ආදරයේ
රන් කිරි කට ගෑ

පියවි ලොවේදී ඇතිවන තුරු අපි සිනාසෙමූ
සීන ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමූ
ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමූ
සිනාසෙමූ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී

අරුණලු සිඹ සිඹ සූර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ කොඳ මල සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද අප හද මල් ඉති සිනාසෙතේ
සිනාසෙතේ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Radha Krishna Rama Sitha Song Lyrics - රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගීතයේ පද පෙළ Radha Krishna Rama Sitha Song Lyrics - රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 10, 2022 Rating: 5

0 comments:

Post a Comment