Pera Dinayaka Ma Song Lyrics - පෙර දිනයක මා ගීතයේ පද පෙළ

Pera Dinayaka Ma Song Lyrics - පෙර දිනයක මා ගීතයේ පද පෙළ
Song Title : Pera Dinayaka Ma (පෙර දිනයක මා)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා //
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

ඉරට සඳට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා

එදා වගේ තාමත් වැට අද්දර නාමල් පූදිනවා //
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pera Dinayaka Ma Song Lyrics - පෙර දිනයක මා ගීතයේ පද පෙළ Pera Dinayaka Ma Song Lyrics - පෙර දිනයක මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2022 Rating: 5

0 comments:

Post a Comment