අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake)

අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිටි ග්‍රෑම් 200
  • සීනි ග්‍රෑම් 200
  • බටර් ග්‍රෑම් 200
  • කිරි කෝප්ප 1/2
  • අන්නාසි එසන්ස් තේ හැඳි 2
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
  • අන්නාසි යුෂ කෝප්ප කාලයි
  • ලොකු බිත්තර 3
කැරමල් එක සඳහා
  • උණු කල බටර් කෝප්ප කාලක්
  • තද දුඹුරු සීනි කෝප්ප 1/2
  • චෙරි ගෙඩි 5 ක්
  • අන්නාසි පෙති 5 - 6
  • ගෝල්ඩන් සිරප් මේස හැඳි 5ක් (තිබේනම්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් 180 කට දාන්න.ෆැරන්හයිට් නම් 350 ක්.
  2. ♦️ මුලින්ම අන්නාසි යුෂ එක හදමු. මැටි බඳුනකට අන්නාසි කැබලි ටික දමා (අනිවාර්යයෙන්ම මැටි බඳුනක් ගන්න.අම්ල සහිත දේවල් කොහෙත්ම ඇලුමිනියම් වල නම් දාන්න එපා.) එයට ලුණු තේ හැඳි කාලක් සීනි ග්‍රෑම් 50 කුරුදු පොතු කැබැල්ලක් හා වතුර කෝප්ප කාලක් දමා ලිපේ තබා උතුරන තෙක් මද ගින්නේ තම්බා ගන්න.ලිපෙන් බෑවට පස්සෙ අත තද කරල හැන්දකින් තලා ගන්න.(හැන්ද පවා පොල් කටු එකක් ගන්න) දැන් මේක පෙරාගෙන පසෙකින් තබන්න.
  3. ♦️ දැන් කේක් එක හදන තැටිය අරන් යටට පාච්මන්ට් පේපර් එක්ක් හොඳට එලා ගන්න.
  4. ♦️ ඊලඟට මේකට උණුකර ගත් බටර් ටික දාන්න.මුළු තැටිය පුරාම පැතිරෙන විදියට ගා ගන්න.
  5. ♦️ පසුව හොඳට හැම තැනටම විසිරෙන විදියට දුඹුරු සීනි ටික ඉසින්න. මතකනේ.. මේකට ගන්නෙ තද දුඹුරු පැහැති සීනි.මොකද ඒකෙන් තමා අපි හදන කේක් එකට ලස්සන පාටක් එන්නෙ.
  6. ♦️ දැන්  මේ මත අන්නාසි පෙති ලස්සන රටාවකට අතුර ගන්න.ආ.. මට කියන්න අමතක උනා.අන්නාසි පෙති වල මැද කොටස අයින් කරල සිදුරක් හදා ගන්න ඕන.පසුව අන්නාසි සිදුරු වැහෙන්න ඒ මත චෙරි ගෙඩි තියල ලස්සනට හදා ගන්න.තියේනම් ගෝල්ඩන් ශිරප් වලින් පොඩි ලයින් දෙකක් විදියට වක් කරන්න.ඒක අවශ්‍යම නෑ. දැන් මේක පැත්තකින් තියා ගන්න.
  7. ♦️ දැන් අපි කේක් එක හදමු.
  8. ♦️ ඉඩකඩ ඇති බෝල් එකක් අරන් සීනි සහ බටර් ටික දමා හොඳින් බීට් කරන්න.(සාමාන්‍යයෙන් විනාඩි 3 ක් 4 ක් වගේ)
  9. ♦️ දැන් මේකට බිත්තර එකින් එක එකතු කරන්න.මතකනේ මම කලින් කිව්ව බිත්තර වල පිළී ගඳ එන විදියට දාන්න එපා.එතකොට අන්නාසි වල කොලිටි එක නැත්තටම නැති වෙනවා.♦️♦️♦️ මෙන්න මේකනම් ඔයාලට ගොඩක් වැදගත් වේවි. සමහරු වටලප්පන් එතකොට පුඩිං,කේක් කන්න කොච්චර ආස උනත් නොකා ඉන්නෙ බිත්තර පිළී ගඳයි කියල. බිත්තරය කැඩුවම කහ මදය අයිනෙ තියෙන සුදුපාට ඝණ නූල වගේ කොටස ඉවත් කළාම පිළී ගඳක් එන්නෙ නෑ.බිත්තර ලොකු ප්‍රමාණයකින් හදනකොට එකින් එක ඉවත් කරන්න අපහසු නිසා වඩා පහසු බිත්තර ටික ගෑරප්පුවකින් යන්තම් ගසාගෙන ස්ටේන්ලස් ස්ටීල් දැල් පෙරනයකින් පෙරාගන්න එක. අර ඝණ කොටස පෙරනයේ ඉතිරි වෙනව. එතකොට හරි. පිළී ගඳ එන්නේ නැහැ.
  10. ♦️ දැන් මේකට අන්නාසි යුෂ ටික සහ එසන්ස් එකතු කර හොඳට මිශ්‍ර කර ගන්න.
  11. ♦️ හලාගත් පිටි සහ බේකින් පවුඩර් ටිකෙන් ටික එකතු කරන්න.කිරිත් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න.එක පාර එකතු කරන්න එපා. හොදට මිශ්‍ර කරන්න.
  12. ♦️ හරි. දැන් මේ බැටර් එක අපි අන්නාසි අතුර ගනිපු තැටියට ඉතා සෙමින් දා ගන්න.දාල ඉවර වෙලා තැටිය හෙමීහිට සොලවන්න.2 cm විතර ඔසවා මේසය මත තදින් තියන්න. මොකද වාත බුබුළු තියේනම් ඒව කැඩෙන්න. අන්න ඒ දෙවල් ගොඩාක් වැදගත් වේවි අළුතින්ම කෙක් හදන අයට.
  13. ♦️ කේක් තැටිය අවන් එකට දාල විනාඩි 30 ක් වගේ බේක් කරන්න. අවන් එකෙන් අවන් එකට පොඩි වෙනස් කම් තියනවනේ.ඉතින් විනාඩි 30 ක් ගියාම ඔයාල ටූත් පික් එකක් අරන් ඇනල බලන්න.ටූත් පික් එක පිරිසිදුව එනව නම් ඔන්න කේක් එක ගානට බේක් වෙලා.
  14. ♦️ දැන් තැටිය වටේටම පුංචි පිහි තලයක් යවා පොඩ්ඩක් බුරුල් කර ගෙන පැතලි පිඟානක් තබා කේක් එක උඩ යට ගසා ගන්න. හොඳට නිවුනාට පසු ශීතකරණයේ තියන්න.
♦️ මේ කේක් එක හදන්න ලොකු දැනුමක් ඕන නෑ.ඉක්මනට හදන්නත් පුළුවන්.ඉතින් ඔයාලත් මේ රසම රස කේක් එක හදල කැපචිනෝ එකක් බොන ගමන් පවුලේ අයත් රස විඳින්නකො.. හැමදාම හදන්න හිතේවි.😋

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) - Your Choice Way

අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) - Your Choice Way

අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) - Your Choice Way

අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) - Your Choice Way

අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) - Your Choice Way

අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) අන්නාසි අප්සයිඩ් ඩවුන් කේක් හදමු 🎂😋 (Let's make Pineapple Upside Down Cake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2022 Rating: 5

0 comments:

Post a Comment