කරල්හැබ (Karalhaba - Achiranthus Aspera)

කරල්හැබ (Karalhaba - Achiranthus Aspera) - Your Choice Way

🌿 ඉතා වැදගත් ඖෂධීය ශාකයක් වූ මෙය අඩි 1-2 අතර උසට වැඩේ. එහි කඳ සෘජුය. 

🌿 විහිදී යන අතු කිහිපයක් මේ ශාකයට ඇත. අතුවල බූව ඇත.

🌿 පත්‍ර ඇත්තේ ස්වල්පයකි. පත්‍රවල නටු කෙටිය. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාරය. ඒවා පාදයෙ හිදී ක්‍රමයෙන් හීන් වේ. සාමාන්‍යයෙන් පත්‍රයක දෙපැත්තේම සිහින් බූවක් ඇත.

🌿 තද බදව එක්රැස්වූ පුෂ්ප බොහෝමයක් පුෂ්ප මංජරිවල දක්නට ලැබේ. සිහින් ශුකි අඟල් 1/2 පමණ දිගය. පටලමය නිපත්‍ර කෙටිය.

🌿 නිපත්‍රිකා කණටකාශ්‍රයය. එක් එක් නිපත්‍රිකාවේ පාදයෙහි පටලමය පියාපතක් ඇත. රේණු සංඛාව පහකි. 

🌿 වඳ රේණු ලොකුය. ඵලය ඉතා කුඩාය. එය ව්‍යාප්ත වන්නේ යම් කිසි දෙයකට ඇලීමෙනි.

🌿 නිවර්තන ප්‍රදේශවල බෙහෙවින් දක්නට ලැබෙන මෙම ශාකය බොහෝ විට මෙරට මඟ දෙපස, ඇළ ඉවුරුවල හා පිට්ටනිවල වැවේ.

🌿 බිං කරල්හැබ නම් තවත් ප්‍රභේදයක් ඇත. එය Cyathula prostrata නම් වේ. එය අඩි තුනක් පමණ දිගට වැඩේ.

🌿 එහි කඳ ඉහල නොනැග බිම දිගේ දුවයි. ශාකයේ මුල ප්‍රදේශයේ ඇති වන ගැටවලින් මුල් ඇදේ.කඳේපාදයෙන් අතු විහිදේ. පත්‍රය අඟල් දෙක් පමණ දිගය. එහි දෙපැත්ත තරමක් බූව සහිතය. කොළ පැහැති පුෂ්ප ද්වීලිංගික හෝ ඒකලිංගික විය හැකිය.

🌿 මනා ඔපයකින් යුක්ත ඇට ළා දුඹුරුවන්ය. බිං 

🌿 කරල්හැබ ලංකාවේ පහතර ප්‍රදේශවලද වැවේ.

🌿 Pupalia lappacea යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන වෙල් කරල්හැබ නම් තවත් විශේෂයක් ඇත.

🌿 එහි කඳ අඩි පහක් දක්වා දික්විය හැකිය. අණ්ඩාකාර පත්‍රක් අඟල් තුනක් පමණ දිගැතිය.

🌿 ශාකයේ අග්‍රස්ථ ශුකිරූපීය. පුෂ්ප මංජරිවල පොකුරු වශයෙන් නිර්වෘන්ත පුෂ්ප දක්නට ලැබේ. පුෂ්ප කොළ පාටය.

🌿 නණ්ඩු වශයෙන් පුෂ්ප හීන වී ඇත.

🌿 ලංකාවේ වියළි ප්‍රදේශවල කරල්හැබ ශාකය බහුලය.

🌿 ඉන්දියාව, මලයාව පිලිපීනය හා දකුණු අප්‍රිකාව යන රටවල මෙම ශාකය දක්නට ලැබේ. යටකී කරල්හැබ විශේෂ තුනම ඇමරැන්තස් (Amaranthaceae) කුලයට අයත්ය.

🌿 සංස්කෘත ග්‍රන්ථවල කරල්හැබ “අපාමාර්ග“, “ශිඛරී“ හා “ශෛඛරික“ යන නම්වලින් හැඳින්වේ.

🌿 මෙම ඖෂධීය ශාකය මෙරට ජනයා සැබෝ, සෑබෝ, කරල් සැබෝ, කරල් හැබ්බ හා කරල් සැබ යන නම්වලින් හඳුන්වති. 

🌿 මහ කරල්හැබ හා හීං කරල්හැබ යනුවෙන් මෙහි ප්‍රභේද දෙකක ඇත. මහ කරල්හැබ ප්‍රභේදයේ මල් ළා කහ පැහැ වන අතර හීං කරල්හැබ ප්‍රභේදයේ මල රතු පාටය. 

🌿 මුලින් කී ප්‍රභේදය හෙළ සැබෝ යනුවෙන්ද දෙවනුව කී ප්‍රභේදය රත් සැබෝ යනුවෙන්ද හැදින්වේ.

🌿 මහ කරල්හැබ තිත්තය, ඌෂ්ණය, මල බඳී, දිරවීම අපහසුය, වමනය ඇති කරයි. අර්ශස්, උදර රෝග, වාත හා සෙම් රෝග නසයි.

🌿 හීං කරල්හැබ ශීතලයි, වමනය ඇති කරයි, වා සෙම් නසයි, වණ හා විෂ නසයි. මල බඳියි, පණුවන් නසයි, හිස සිසිල් කර එහි රෝග නසයි.

🌿 යටකී කරල්හැබ දෙ වර්ගයම පොදුවේ වමනය ගන්වයි.

🌿 ලේ බැඳීම කරයි.

🌿 රක්තාතීසාරය සුව කරයි.

🌿 කුසගිනිවඩවයි.

🌿 හෘද රෝග, අර්ශස් හා උදරාබාධ සුව කරයි.

🌿 කරල්හැබ ඇට මධුරය.

🌿 දිරවීම අපහසුය.

🌿 බඩ පිපුම ඇති කරයි.

🌿 වාතය වඩයි.

🌿 රත්පිත් සමනය කරයි.

මූලාශ්‍ර ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය(සරත් රණවීර සහ රේඛා රණවීර) සේයා රූ අන්තර්ජාලයෙන්
කරල්හැබ (Karalhaba - Achiranthus Aspera) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කරල්හැබ (Karalhaba - Achiranthus Aspera) කරල්හැබ (Karalhaba - Achiranthus Aspera) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment