Nambara Goyamata Song Lyrics - නාඹර ගොයමට ගීතයේ පද පෙළ

Nambara Goyamata Song Lyrics - නාඹර ගොයමට ගීතයේ පද පෙළ
Song Title : Nambara Goyamata (නාඹර ගොයමට)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න


නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

මගෙ පිය සටහන් අඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්හළ මැද වෙහෙසෙණ විට ගත සිත
ඔබ ගැන මතකය මඳපවනයි

නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

බලාපොරොත්තුව කිරි වැදිලා හෙට
ගමේ කුඹුර මඳහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි

නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nambara Goyamata Song Lyrics - නාඹර ගොයමට ගීතයේ පද පෙළ Nambara Goyamata Song Lyrics - නාඹර ගොයමට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 14, 2021 Rating: 5

0 comments:

Post a Comment