චිං ෂිහ්: වාර්ථාගත ඉතිහාසයේ වඩාත් සාර්ථක හා මාරාන්තික මුහුදු කොල්ලකාරිය බවට පත් වූ ගණිකාව (Zheng Yi Sao) - දෙවන කොටස

චිං ෂිහ්: වාර්ථාගත ඉතිහාසයේ වඩාත් සාර්ථක හා මාරාන්තික මුහුදු කොල්ලකාරිය බවට පත් වූ ගණිකාව (Zheng Yi Sao)
චිං ෂිහ් සහ ෂෙන් යී ප්‍රමුඛ රතු කොඩි බලඇණිය මේ වන විට මුහුදේ සිය ආධිපත්‍ය තහවුරු කරගෙන හමාරය. නමුත් අනාගත උරුමක්කාරයෙකු පිළිසිඳ ගැනීමට නොහැකි වූ මේ මුහුදු කොල්ලකාර යුවළ චියුන්ග් පෝ(Cheung Po) නම් තරුණ ධීවරයෙකු අසල වෙරළබඩ ගම්මානයක දරුකමට හදා ගැනීමට තීරණය කළහ. ඒ වන විට චියුන් පෝ ගේ වයස අවුරුදු විස්සකටත් වැඩි විය. මේ සමගම චියුංග් පෝ, ෂෙන් යීගේ දෙවන අණදෙන නිලධාරියා බවට පත්වූ අතර ඔහු සහ චිං ෂිහ්ට පසුව සිටි අණ දෙන නිලධරියා බවටද පත් විය. නමුත් මේ මුහුදු කොල්ලකාර යුවළ පූර්ණ ලෙස වැඩුණු මිනිසෙකු දරුකමට හදා ගැනීමට තීරණය කළේ ඇයිද යන්න බොහෝ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ප්‍රහේලිකාවක් විය.  මෙයට හේතුව ඔබට ළඟදීම දැනගැනීමට හැකි වනු ඇත.

ඔවුන්ගේ විවාහයෙන් වසර හයක් වැනි කෙටි කාලයකදී, 1807 දී, චිං ෂීගේ ජීවිතය හදිසියේම ඛේදජනක හැරීමක් සිදු වූ අතර, වියට්නාම් වෙරළට ඔබ්බෙන් වූ විනාශකාරී කුණාටුවකට හසු වූ ෂෙන් යී අභාවප්‍රාප්ත විය.  ඔවුන්ගේ දරුකමට හදාගත් පුත් චියුං පෝ රතු කොඩි බලඇණියේ ප්‍රමුඛ අණ දෙන නිලධාරියා සහ මුහුදු කොල්ලකරුවන්ගේ රැජින වූ චිං ෂීගේ විශ්වාසවන්තයා ලෙස නම් කරන ලදී.

නමුත් මෙම ඛේදවාචකය මධ්‍යයේ, හවුල්කාර නැව්වල බලය ලබා ගැනීමට ආශාවෙන් පෙළෙන කපිතාන්වරුන් අතර බලය සඳහා අභ්‍යන්තර ගැටුමක් ඇති විය.  රතු කොඩි බලඇණියේ අනාගතය අනතුරක බව බොහෝ දෙනා මේ සමග විශ්වාස කළහ. නමුත් කාලයාගේ ඇවෑමෙන්, චින්ග් ෂිහ් විසින් බලය යළි ලබා ගැනීමටත්, ෂෙන් යී ගේ බෑණනුවන් සහ නෑදෑ සහෝදරයන් ඇතුළු ෂෙන් යීට පක්ෂපාත වූ කන්ඩායම්වල සහාය දිනා ගැනීමටත්, කපටි ව්‍යාපාරික උපක්‍රම කිහිපයක් උපයෝගී කරගෙන සමත් විය.  වැඩි කල් යන්නට මත්තෙන්, බලයට කෑදර ද්‍රෝහීන් අල්ලාගෙන ප්‍රසිද්ධියේ ඝාතනය කරනු ලැබුවේ කුමන්ත්‍රණයක අනාගත හැකියාවන් වළක්වා ගැනීමට ය.

මෙම තත්වයෙන් පසුව, දැඩි විනය ක්‍රියාමාර්ග සහ නීති සංග්‍රහ ක්‍රියාත්මක කරන ලද අතර, නීති කඩ කරන්නන් ඔවුන්ගේ තරාතිරම නොතකා ක්ෂණිකව කපා කොටා මරා දමන ලදී.

මේ අතර තවත් දෙයක් සිදු විය. එනම් තම ස්වාමිපුරුෂයාගේ ඛේදනීය මරණයෙන් සති දෙකකටත් අඩු කාලයකදී මුහුදු කොල්ලකාර රැජින නිවේදනය කළේ රතු කොඩි බලඇණියේ අණදෙන නිලධාරි, තම දරුකමට හදාගත් පුතා සමඟ ඇය විවාහ වන බවයි.  ඇය ඔහු සමඟ සම්බන්ධතාවයක් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ඇති බව පැවසේ. ෂෙන් යී විසින් තරුණ ධීවරයා දරුකමට හදාගෙන ඔහුගේ උරුමක්කාරයා ලෙස ප්‍රකාශයට පත් කළේද ඇගේ බලපෑම යටතේ ය.

චිං ෂීගේ නායකත්වය යටතේ රතු කොඩි බලඇණිය නව වෙරළබඩ ගම්මාන අල්ලා ගැනීමට පිටත් වූ අතර දකුණු චීන මුහුදේ පූර්ණ පාලනය සහ ආධිපත්‍යය පතුරුවා හැරියේය.  මෙය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ යටත් විජිතවාදීන් මුහුණ විශාල කරදරයක් විය. ඔවුන්ගේ නැව්  මුහුදු කොල්ලකරුවන් විසින් නිරන්තරයෙන් කොල්ලකනු ලැබීය.

රතු කොඩි බලඇණිය සිය ව්‍යාපාර අතිවිශාල පරිමාණයකින් ක්‍රියාත්මක කළේය.  චිං ෂීගේ හමුදාව නොදැන එක් නැවක් දකුණු චීන මුහුදේ ගමන් කළේ නැත.  මුළු වෙරළබඩ නගර ඔවුන් වෙනුවෙන් වැඩ කළ අතර ඔවුන්ට ආහාර, භාණ්ඩ හා වෙනත් ප්‍රතිපාදන සැපයීය.  දකුණු චීන මුහුද තරණය කිරීමට අවශ්‍ය නැව්වලට මුහුදු කොල්ලකරුවන් විසින් බදු අය කරන ලදී.  ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් වහාම ඔවුන්ට පහර දී කොල්ලකනු ලැබේ.

එසේ වුවද, චීන රාජවංශයට මේ සියල්ල මහා හිසරදයක් විය. මෙම නිසා නව චීන මැන්ඩරින් නාවික යාත්‍රා දකුණු චීන මුහුදේ රතු කොඩි බලඇණියට මුහුණ දී ඒවා විනාශ කිරීමට යවන ලදි.  සටනනේ පැය කිහිපයක් යද්දී මැන්ඩරින් නාවික හමුදාවට හිමි වූයේ නින්දිත පරාජයකි.  චිං ෂිහ් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් අතර මැන්ඩරින් කාර්ය මණ්ඩලය රතු කොඩි බලඇණිය සමඟ අත්වැල් බැඳගන්නේ නම් ඔවුන්ට දඬුවම් නොකරන බව නිවේදනය කළේය. එම නිසා මැන්ඩරින් නාවික හමුදාවේ බොහෝ දෙනා මුහුදු කොල්ලකරුවන් සමග එක් වූ අතර ක්විං රාජවංශයට ඔවුන්ගේ නාවික හමුදාවෙන් විශාල කොටසක් අහිමි විය.

චීන අධිරාජ්‍යයා කෝපයට පත් වූයේ කාන්තාවක් තමාට අයත් ගොඩබිම, මුහුද, සම්පත් සහ මිනිසුන් මෙතරම් විශාල ප්‍රමාණයක් පාලනය කරන බව දැනැනීමට ලැබීමෙනි.  එබැවින්, මුහුදු කොල්ලකරුවන් සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමේ උත්සාහයක් දැරූ අධිරාජ්‍යයා රතු කොඩි බලඇණියේ සියලුම මුහුදු කොල්ලකරුවන්ට පොදු සමාවක් ලබා දුන්නේ, මුහුදේ චිං ෂීගේ පාලනය අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් ය.

මේ අතර, රතු කොඩි බලඇණිය පෘතුගීසි නාවික හමුදාවේ ප්‍රහාරයට ලක්විය.  පෘතුගීසි නාවික හමුදාව මීට පෙර දෙවරක් කොල්ලකරුවන් හමුවේ පරාජය වී තිබුණි.  කෙසේ වෙතත්, මේ වතාවේ තත්ත්වය වෙනස් වූ අතර, ඔවුන් පැමිණියේ උසස් නැව් සහ ආයුධ වලින් සන්නද්ධව ය.  මෙය පෘතුගීසීන්ට ඉහළින් ලබා දුන් අනක් වන අතර රතු කොඩි බලඇණිය සුණු විසුණු කළ ඔවුන් පළා යන්නන් හඹා ගොස් ඝාතනය කරන ලදී.

පෘතුගීසි නාවික හමුදාව විශාල ලෙස ඇගේ බලඇණිය විනාශ කරමින් සිටින බව චිං ෂිහ් තේරුම් ගත්තේය.  එබැවින් ඇය චීන අධිරාජ්‍යයා විසින් ඉදිරිපත් කරන ලද පොදු සමාව පිළිගත්තේය.  රතු කොඩි බලඇණියේ මුළු කාර්ය මණ්ඩලයටම යටත් වීමට බල කෙරුනි.  අධිරාජ්‍යයා මුහුදු කොල්ලකරුවන්ට කිසිදු විශාල විපාකයකට මුහුණ නොදී වසර ගණනාවක් තිස්සේ රැස්කරගෙන තිබූ ධනය ගෙදර ගෙන යාමට අවසර දුන් අතර එපමණක් නොව මුහුදු කොල්ලකරුවන්ට චීනය තුළ රැකියා ලබා දෙන ලදී.  චිං ෂිහ්ගේ දරුකමට හදාගත් පුත්‍රයා සහ පසුව සැමියා වූ චැං පාවෝ ගුවැන්ඩොං නාවික හමුදාවේ කපිතාන්වරයා බවට පත්විය. 1813 දී ඇය සිය පළමු දරුවා වන චියුං යූ ලින් නම් පුතෙකු බිහි කළ අතර, ඇයට දියණියක් ද සිටි බව කියවේ.

1822 දී ඇගේ දෙවන ස්වාමිපුරුෂයා ද මුහුදේදී ජීවිතය අහිමි වූ අතර, පසුව ඇය තම දරුවන් සමඟ මැකාවු වෙත පදිංචියට ගිය අතර, ඇය මුහුදේදී අත්පත් කරගත් සියලු ධනය සමඟ සූදු නිවසක් විවෘත කළාය.  ඇය ලුණු වෙළඳාමට ද සම්බන්ධ වූවාය.  ඇයගේ ජීවිතයේ අවසානය දක්වා ඇය මැකාවු හි දිවි ගෙවූ අතර එහි ගණිකා නිවාසයක්ද විවෘත කළාය. මෙම කථාංගයේ ඇති පුදුමය නම් ඇගේ කතාව සියල්ල ආරම්භ වූ ස්ථානයෙන් සම්පූර්ණ කවයකින් අවසන් කිරීමට වග බලාගැනීමයි. එනම් ගණිකා නිවාසයකින් සිය දිවි ඇරඹී ඇය ගණිකා නිවසකින්ම එය අවසන් විය 

ඇය වයස අවුරුදු හැට නවයේදී නින්දේදී සාමකාමීව මිය යන ලදී.  ඇය තවත් එක් සූරාකනු ලැබූ ගණිකාවක් ලෙස මිය නොගිය අතර, ඒ වෙනුවට, ඇය ඇයට හිමි වූ සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනයට ගෙන එයින් ජීවිතය සාර්ථක එකක් කර ගත් බව පෙනී යයි.

චිං ෂීගේ ජීවිතය, ගණිකා වෘත්තියේ යෙදෙන බලවත් තරුණ යෞවනයෙකු විශාලතම කුරිරු මුහුදු කොල්ලකරුවන්ගේ බලඇණියට අණ දුන් අතර බලවත් අධිරාජ්‍යයා යටත් කර ගැනීමට සමත් වූයේ කෙසේද යන්න පිළිබඳව සුන්දර හා කාව්‍යමය පණිවිඩයක් සපයයි.

ඉතිහාසයේ මෙම පරිච්ඡේදය අපට උගන්වා ඇති එක් දෙයක් තිබේ. එනම් අධිෂඨානශීලී කාන්තාවක් කිසිවෙකුට නැවැත්විය නොහැකි අතර ඇයට ඉතිහාසය නැවත ලිවීමේ බලයක් ඇත.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චිං ෂිහ්: වාර්ථාගත ඉතිහාසයේ වඩාත් සාර්ථක හා මාරාන්තික මුහුදු කොල්ලකාරිය බවට පත් වූ ගණිකාව (Zheng Yi Sao) - දෙවන කොටස චිං ෂිහ්: වාර්ථාගත ඉතිහාසයේ වඩාත් සාර්ථක හා මාරාන්තික මුහුදු කොල්ලකාරිය බවට පත් වූ ගණිකාව (Zheng Yi Sao)  - දෙවන කොටස Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment