Randu Wewi Yalu Wewi Song Lyrics - රණ්ඩු වෙවී යාළු වෙවී ගීතයේ පද පෙළ

Randu Wewi Yalu Wewi Song Lyrics - රණ්ඩු වෙවී යාළු වෙවී ගීතයේ පද පෙළ

Randu Wewi Yalu Wewi Song Lyrics - රණ්ඩු වෙවී යාළු වෙවී ගීතයේ පද පෙළ
Song Title : Randu Wewi Yalu Wewi (රණ්ඩු වෙවී යාළු වෙවී)
ගායනය : චන්ද්‍රිකා සිරිවර්ධන, සුනිල් සිරිවර්ධන
තනුව : සරත් දසනායක
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ


රණ්ඩු වෙවී යාළු වෙවී
දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා
මතක් වෙනවා නගේ

පුංචි අතෙන් අල්ලාගෙන
ඒ දණ්ඩෙන් නැගී
ලන්ද පුරා කල සක්මන්
මතකයි අයියණ්ඩී

නැවුම් ළිදෙන් දිය නාගෙන
නුඹ ගෙට ආ දවසේ
පැතුම් ගොඩක් නුහුරු බරක්
ඇතිවිය හද පතුලේ

අතට වළලු කණට තෝඩු
නොපැතු දුගී ළයේ
සාගිනි නිවු බත් කටකට
සෙනේ සඳක් තැවේ

රණ්ඩු වෙවී යාළු වෙවී
දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා
මතක් වෙනවා නගේ

අද ලොකු ගැහැණියක වෙලා
දීග ගියත් නගේ
මගේ හුස්ම යනතුරු මට
උඹ පුංචියි නගේ

නෙතේ නැගෙන කඳුළු බිදක්
වියලෙන්නට නොදී
දෙපා නැමද සමුගන්නෙමි
මගේ සුදු අයියණ්ඩී

රණ්ඩු වෙවී යාළු වෙවී
දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා
මතක් වෙනවා නගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Randu Wewi Yalu Wewi Song Lyrics - රණ්ඩු වෙවී යාළු වෙවී ගීතයේ පද පෙළ Randu Wewi Yalu Wewi Song Lyrics - රණ්ඩු වෙවී යාළු වෙවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2021 Rating: 5

0 comments:

Post a Comment