ව්‍යසනයකින් අවසන් වූ ළමා කුරුස යුද්ධය (The Children's Crusade, Which Ended In Disaster)

ව්‍යසනයකින් අවසන් වූ ළමා කුරුස යුද්ධය (The Children's Crusade, Which Ended In Disaster) - Your Choice Way
ළමා කුරුස යුද්ධය, 1212 ග්‍රීෂ්ම ඍතුවේ දී යුරෝපයේ ජනප්‍රිය ආගමික ව්‍යාපාරයක් වූ අතර එහිදී දහස් ගණනක් තරුණ තරුණියන් ජෙරුසලම මුස්ලිම්වරුන්ගෙන් ලබා ගැනීමට පිටත්ව ගියහ.  මැයි සිට සැප්තැම්බර් දක්වා පමණක් පැවති ළමා කුරුස යුද්ධයට නිල අවසරයක් නොමැති වූ අතර එය අසාර්ථක විය.  සහභාගී වූ කිසිවෙකු ශුද්ධ භූමියට පැමිණියේ නැත. එසේ වුවද, එය උද්දීපනය කළ ආගමික උද්යෝගය පස්වන කුරුස යුද්ධය (1218) ආරම්භ කිරීමට උපකාරී විය. එමෙන්ම එය පළමු යුරෝපීය තරුණ ව්‍යාපාරයද විය.

13 වන ශතවර්ෂයේ සිට පැවත එන වංශකථා 50 කට වැඩි ගණනක මේ පිළිබඳ සඳහන් කර ඇතත්, ළමා කුරුස යුද්ධය පිළිබඳ බොහෝ කරුනු අපැහැදිලි ය.  වංශකථාවල වාර්තා බොහෝ විට පේළියකට හෝ දෙකකට වඩා වැඩි නොවන අතර අනෙක් ප්‍රභවයන්ද විනාශ වී ඇති අතර සමහරක් ඇතැම් විට විශ්වාස කළ නොහැකි ලෙස අලංකාර කර ඇත.  එහි  ප්‍රතිඵලයක් ලෙස ළමා කුරුස යුද්ධයේ තීරණාත්මක අංශ තවමත් මතභේදාත්මක ය.  නිදසුනක් වශයෙන්, මෙම කාල පරිච්ඡේදය පිළිබඳ සදහන් කරන  විද්වතුන් පවසන්නේ මෙම ව්‍යාපාරය සැබවින්ම කුරුස යුද්ධයක් ද යන්න සහ සහභාගී වූවන් සැබවින්ම තරුණයන් ද යන්න විවාදාත්මක බවයි.

1212 දී ක්ලෝයිස්හි ස්ටීවන් සහ ඔහුගේ අනුගාමිකයන් පැරිසියට ළඟා වන විට ඔවුන් වෙහෙසට පත්ව, කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළුණි.  එහෙත් ඔවුන්ගේ නායකයාගේ නිර්භීත මෙහෙයුම නවතාලීමට ඒ කිසිවකට නොහැකි විය.  ස්ටීවන් ඉල්ලා සිටි පරිදි ඔහුගේ පිරිවර බලා සිටි අතර කුරුස යුද්ධයක් පැවැත්වීමට අවසර ඉල්ලා ප්‍රංශ රජුගෙන් අවසර ඉල්ලීය.

ස්ටීවන්ගේ දර්ශනය අතිවිශිෂ්ට එකක් වූ අතර ඔහුගේ අනුගාමිකයන් සමඟ ඔහු ජෙරුසලමෙන් මුස්ලිම්වරුන් ඉවත් කර කතෝලිකයන් සඳහා ශුද්ධ භූමිය නැවත ලබා ගැනීම බලාපොරොත්තුව විය.  නමුත් ස්ටීවන් ගැන තවත් එක් දෙයක් සදහන් කළ යුතුය. එනම් ඔහුට වයස අවුරුදු 12 කි.

ඔහුගේ අනුගාමිකයන් දරුවන් වූ අතර, ස්ටීවන්ගේ දේශන මගින් කියූ පරිදි ඔහුට ඇතැයි කියන දිව්‍යමය දර්ශනයක් හේතුවෙන් දරුවන්ගේ පවුල්වලින් පවා පිරිස් ඔහුට ආකර්ෂණය විය.  පිලිප් රජු ස්ටීවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළද උත්සාහය අත්නොහල ඔවුන්  නිරායුධ හා සූදානම් නොවූ මෙම දරුවන් තමන්ගේම කුරුස යුද්ධයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

ළමා කුරුස යුද්ධය නිල වශයෙන් කිසි විටෙක කුරුස යුද්ධයක් නොවීය. කුරුස යුද්ධ ආරම්භ විය හැක්කේ පාප්තුමාගේ අනුමැතියෙන් පමණක් වන අතර  පාප්තුමා (1198–1216) කිසි විටෙකත් එවැනි දෙයක් කැඳවූයේ නැත.  වර්ෂ 1095 දී  පාප්තුමා පළමු කුරුස යුද්ධයට නියෝග කළ අතර, ඉන් පසුව ඇති වූ ආගමික යුද්ධ රඳා පවතින්නේ පල්ලියේ අනුමැතිය මත ය.  විවිධ කාලවලදී පාප්වරුන් යුරෝපීය ඇදහිලිවන්තයන්ගේ ශුද්ධ භූමියට ගොස් මුස්ලිම්වරුන් පලවා හැරීමට උත්සාහ කරන ලෙස ඉල්ලා සිටි අතර මෙම කතෝලික පල්ලිය විසින් අනුමත කරන ලද කුරුස යුද්ධ වර්ෂ 1400 ගණන් දක්වා පැවතුනි.

නමුත් මෙම ස්වයං ප්‍රකාශිත, නිරායුධ ළමා කුරුස යුද්ධ භටයන් ජෙරුසලම නැවත ලබා ගැනීමට සහ සත්‍ය කුරුසය (යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ කුරුසිය) යථා තත්වයට පත්කිරීමට අදහස් කළහ.  ඔවුන් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වූ ආකාරය ගැන කිසිදු සටහනක් නැත.

වංශකථාවල එකිනෙකට පරස්පර තොරතුරු ලබා දුන්නද, ළමා කුරුස යුද්ධයට සහභාගී වූ ප්‍රධාන කණ්ඩායම් දෙකක් සිටි බව පෙනේ.  ප්‍රංශයේ ක්ලෝයිස්හි ස්ටීවන් විසින් මෙහෙයවන ලද කණ්ඩායම මෙන්ම ජර්මනියේ තවත් කුරුස යුද්ධ කණ්ඩායමක්ද, කොලොන්හි නිකලස් නමින් හැඳින්වෙන අද්විතීය පිරිමි ළමයෙකු විසින් මෙහෙයවන ලදී.  දෙදෙනාම දහස් ගණනකට නායකත්වය දුන් බව කියනු ලැබේ.

වංශකථාවන්ට අනුව, ළමා කුරුස යුද්ධය අතිශය ව්‍යසනයකි.  කුරුස යුද්ධ භටයන් ස්වල්ප දෙනෙක් ඔවුන්ගේ ගමනෙන් ආපසු පැමිණියහ. නමුත් බොහෝ දෙනා කුසගින්නෙන් හෝ පිපාසයෙන් හෝ මුහුදේ ගිලී මිය ගිය අතර අනෙක් අය වහලුන් ලෙස විකුණනු ලැබීය. 

ව්‍යාපාරයේ අසාර්ථක බව නොතකා, ළමා කුරුස යුද්ධය පිළිබඳ උනන්දුව සියවස් ගණනාවක් පුරා පැවතුනි.  එය වෝල්ටෙයාර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, අගාත ක්‍රිස්ටි සහ කර්ට් වොනෙගුට් වැනි විවිධ විශිෂ්ඨ කතුවරුන්ගේ කෘතිවල නිරූපණය කර ඇති අතර ළමයින්ගේ පොත් ගණන් ඒ පිළිබඳව ලියා ඇත.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ව්‍යසනයකින් අවසන් වූ ළමා කුරුස යුද්ධය (The Children's Crusade, Which Ended In Disaster) ව්‍යසනයකින් අවසන් වූ ළමා කුරුස යුද්ධය (The Children's Crusade, Which Ended In Disaster) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment