Wellasse Geethaya Song Lyrics - වෙල්ලස්සේ ගීතය ගීතයේ පද පෙළ

Wellasse Geethaya Song Lyrics - වෙල්ලස්සේ ගීතය ගීතයේ පද පෙළ
Song Title : Wellasse Geethaya (වෙල්ලස්සේ ගීතය)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව ‍දෝ
මාළිගාව දෝ

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි
මිණී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි

බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව ‍දෝ
මාළිගාව දෝ

කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි
වෑ කන්ද කඩා බිම් කටුකම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්
කඩුව බිම දමව්

බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව ‍දෝ
මාළිගාව දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wellasse Geethaya Song Lyrics - වෙල්ලස්සේ ගීතය ගීතයේ පද පෙළ Wellasse Geethaya Song Lyrics - වෙල්ලස්සේ ගීතය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment