Sasara Sari Sarana Thek Oba Mage Song Lyrics - සසර සැරි සරණ තෙක් ඔබ මගේ ගීතයේ පද පෙළ

Sasara Sari Sarana Thek Oba Mage Song Lyrics - සසර සැරි සරණ තෙක් ඔබ මගේ ගීතයේ පද පෙළ
Song Title : Sasara Sari Sarana Thek Oba Mage (සසර සැරි සරණ තෙක් ඔබ මගේ)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්


ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasara Sari Sarana Thek Oba Mage Song Lyrics - සසර සැරි සරණ තෙක් ඔබ මගේ ගීතයේ පද පෙළ Sasara Sari Sarana Thek Oba Mage Song Lyrics - සසර සැරි සරණ තෙක් ඔබ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2021 Rating: 5

0 comments:

Post a Comment