Sagara Rajinata Adareyi Kiya Song Lyrics - සාගර රැජිණට ආදරෙයි කියා ගීතයේ පද පෙළ

Sagara Rajinata Adareyi Kiya Song Lyrics - සාගර රැජිණට ආදරෙයි කියා ගීතයේ පද පෙළ

Sagara Rajinata Adareyi Kiya Song Lyrics - සාගර රැජිණට ආදරෙයි කියා ගීතයේ පද පෙළ
Song Title : Sagara Rajinata Adareyi Kiya (සාගර රැජිණට ආදරෙයි කියා)
ගායනය : සුජාතා අත්තනායක සමග රංජනී පෙරේරා
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.

චිත්‍රපටියේ ගීය ගැයුවේ සුජාතා අත්තනායක සමග මල්ලිකා කහවිටයි. මුල් ගීයේ සංරක්ෂිත හඬ ඛණ්ඩයක් සොයා වෙහෙසුණ මුත් දුර්වල තත්වයේ පවතින්නක් හෝ සොයා ගැනීමට නොහැකි විය.
ඉතා මිහිරි, අහන්න අහන්න ආස හිතෙන රසයක් මේ ගීයේ තිබේ.


සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

අප තරුණ ජීවිතේ මධුර මීවිතේ
රස උරාල බොමු ලෝකයේ සොයා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

මේ ලොව කෙම්බිම නීල ගංගාවේ
නෑවෙමු පීනමු ගිලි එ දියේ
හෙට ඒද නැද්ද යනු කියනු නොහේ
අද විනෝද වෙමු අපි රහට රහේ
මල්සරාගෙ මල් හී විදින්න දැන් කාලේ

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

අහ හා හාහාහ ආ..
හහ හා හාහාහ හඅආ
හහ හා හාහාහ හඅආ
හහහා හහහා හහහා

සේද වලාකුළු ඈත යයි පාවී
යමු ඒ ලෙස මඟ එළිවේවී
ලොව රංග පීඨයකි රඟමු එහී
ඇත අනේකවිද රස අරුතෙ වැහී
වාසනාවෙ මල් වැතිරේ වසන්තේදී

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ලලා

සොම්නස මල් ඵල දී උදාවේවා
සෝකය භීතිය ඉන් පලායේවා
හිරු චන්ද්‍ර කාන්ති දෙක එකය සිතා
රස ලතාවෙ දැවටෙමු සතුට පතා
සුභ වෙලාව එළඹෙයි පදින්න මේ දියේ

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා
අප තරුණ ජීවිතේ මධුර මීවිතේ
රස උරාල බොමු ලෝකයේ සරා
සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagara Rajinata Adareyi Kiya Song Lyrics - සාගර රැජිණට ආදරෙයි කියා ගීතයේ පද පෙළ Sagara Rajinata Adareyi Kiya Song Lyrics - සාගර රැජිණට ආදරෙයි කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2021 Rating: 5

0 comments:

Post a Comment