දේශපාලනය, මුදල් සහ ඔලිම්පික් (Politics, Money And The Olympics)

දේශපාලනය, මුදල් සහ ඔලිම්පික් (Politics, Money And The Olympics) - Your Choice Way
මීට වසර 3,000 කට පමණ පෙර පුරාණ ග්‍රීසියේදී ආරම්භ වූ ඔලිම්පික් ක්‍රීඩා 19 වන සියවසේ අගභාගය වන විට ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලිය බවට පත් විය. පළමු නූතන ඔලිම්පික් උළෙල 1896 දී ග්‍රීසියේ ඇතන්ස් නුවරදී පැවැත්වුණු අතර එහිදී රටවල් 12 කින් ක්‍රීඩකයන් 280 දෙනෙකු ඉසව් 43 ක තරඟ වදින ලදී. එමෙන්ම 1924 සිට ගිම්හාන හා ශීත ඍතු ලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් දෙකක් වෙන වෙනම පවත්වනු ලැබූ අතර එය සෑම වසර දෙකකට වරක් පැවැත්වේ. COVID-19 වසංගතය හේතුවෙන් වසරක් ප්‍රමාද වූ 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල 2021 ජූලි 23 සිට අගෝස්තු මස 8 දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.

සැබැවින්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වීම යනු ක්‍රීඩකයෙකු ලබා ගන්නා සුවිශාල ජයග්‍රහනයකි. එමෙන්ම මුළු ලොවක් බලා සිටින මේ සුවිශාල තරගාවලිය සැබැවින්ම ක්‍රීඩා තරඟාවලියකට එහා ගිය සැණකෙළියකි. එනම් මෙය පැවැත්වීම මගින් බලාපොරොත්තු වන අවසාන අරමුණ වන්නේ ක්‍රීඩාව හරහා ලෝක සාමය ඇති කිරීමයි. නමුත් වර්තමානය වන විට ඔවුන් එලෙස බලාපොරොත්තු වූ දෙය ඉටු වී තිබේදැයි ප්‍රශ්නාර්තයක් මතුවී තිබේ. මක්නිසාදයත් වර්තමානයේ රටක් ඔලිම්පික් සත්කාරකත්වය දරනු ලබන්නේ තම රටේ පවතින ශක්තිය අනෙක් රටවලට පෙන්වීමටය. 

මෙවැනි හේතු නිසා වර්තමානයේ මේ සුන්දර ක්‍රීඩා උළෙලට දේශපාලනය සහ මුදල් යන දෙකම අනවශ්‍ය ලෙස ඇතුළු වී ඇති අතර ලෝක සාමය රැකගැනීම අරමුණු කර ගත් උළෙලක් මගින් මෙවැනි ආකාරයේ දෙයක් සිදු වීම මහත් ඛේදයකි. අද අප ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුළට අතීතයේ දේශපාලනය සහ මුදල් රිංගූ ආකාරය පිළිබඳ අවධානය යොමු කරමු.

විසිවන සියවසේ මුල් භාගයේදී ලෝකය විනාශ කර දැමීමට සමත් වූ ජාතිකවාදී දෘෂ්ටිවාදය ඔලිම්පික් උළෙල තුලටද ඇතුළු වීමට සමත් විය. 1936 දී බර්ලිනයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූ නාසි ජර්මනිය විසින් මලල ක්‍රීඩා ජාතිකවාදය එහි උච්චතම අවස්ථාවට රැගෙන එන ලදී. එහිදී ජර්මානුවන් සුවිශාල පුහුණුවකින් සහ විද්‍යාත්මක පරීක්ෂණ වලින් ලද ආධාරයෙන් ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර ඔව්න් එම උළෙලේ ආධිපත්‍යය දැරීමට සමත් විය. හිට්ලර් ප්‍රමුඛ නාසින්ට අවශ්‍ය වූයේ ජර්මානුවන් යනු ලොව ශක්තිමත්ම ජාතිය බව එම උළෙල හරහා ලොවට පෙන්වීමටය.

නාසි ජර්මනිය බිඳ වැටුණු පසුත් දේශපාලනය ඔලිම්පික් උළෙල තුළට පැමිණීම වැළැක්විය නොහැකි විය. සූවස් ඇළ ප්‍රංශය අත්පත් කර ගැනීමට විරෝධය පාමින් 1956 දී ඊජිප්තුව, ඉරාකය සහ ලෙබනනය මෙල්බර්න් ක්‍රීඩා උළෙල වර්ජනය කරන ලදී. එමෙන්ම සෝවියට් සංගමය හංගේරියාව ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය ද මෙම ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලදී.

1968 දී මෙක්සිකෝ නගරයේදී පැවති ඔලිම්පික් උළෙලේදී අප්‍රිකානු ඇමරිකානු ධාවකයන් දෙදෙනෙකු එක්සත් ජනපද වාර්ගික ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා සිය ජයග්‍රාහී වේදිකාව භාවිතා කළහ. 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී සිදු වූ දෙය ඔබ සියලු දෙනාට මතක ඇතැයි සිතමු. එහිදී ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු පලස්තීන ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ලොවම කම්පා කරමින් ඝාතනය කර දමන ලදී. එමෙන්ම 1976 මොන්ට්‍රියල් උළෙලේදී අප්‍රිකානු රටවල් 33 ක මලල ක්‍රීඩකයන් 400 ක් පමණ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා ක්‍රීඩා උළෙල වර්ජනය කළහ.

කෙසේ වෙතත් නූතන ඔලිම්පික් උළෙලට වඩාත්ම බරපතල බාධාවන් සිදු වූයේ 1980 සහ 1984 දී ය. ඔලිම්පික් අනාගතය පිළිබඳ සැක මතු කිරීමට සමත් වූ එම සිදු වීම් වලට මුල් වූයේ එවකට සිටි ලෝක බලවතුන් දෙපලයි. 1980 දී කාටර් පරිපාලනයේ දැඩි පීඩනය යටතේ එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව විසින්, 1979 දී සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට විරෝධය පාමින් මොස්කව්හි ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලදී. එමෙන්ම බටහිර ජර්මනිය, චීනය සහ ජපානය ඇතුළු රටවල් 40 ක් පමණ එය අනුගමනය කරන ලදී. 

1984 ශීත ඍතු ක්‍රීඩා උළෙල වර්ජනයකින් තොරව ඉදිරියට ගියද ලොස් ඇන්ජලීස් හි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ නායකත්වයෙන් යුත් රටවල් කිහිපයක් වර්ජනය කරන ලදී. ලොස් ඇන්ජලීස් තිබුණේ යැයි කියන සතුරු තර්ජනයක් පිළිබඳ භීතිය සෝවියට් ඔලිම්පික් කමිටුව විසින් මෙයට සහභාගී නොවීමට හේතුව ලෙස සඳහන් කරන ලදී. නමුත් බොහෝ විචාරකයින් පවසා සිටියේ මෙයට හේතුව රටවල් දෙක තුළ පවතින දේශපාලනික මතබේද බවයි.  එක්සත් ජනපද-සෝවියට්  සබඳතාවල එකල තිබූ මතබේදකාරී තත්වය සහ 1980 දී එක්සත් ජනපදය සෝවියට් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම සඳහා සිදු කළ පළිගැනීමක් ලෙස මෙය සිදු කරන ලදැයි කියවේ. ඊට අමතරව එකල සිටි සෝවියට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා නිසා ලොව පුරා ජනයා අතර සෝවියට්වරුන්ගේ නාමය ලැජ්ජාවට පත් වන නිසා මෙය සිදු කළේ යැයි තවත් මතයක් පවතී.

1988 දී කැනඩාවේ පැවති ශීත ඍතු ක්‍රීඩා උළෙල කිසිදු සිදුවීමකින් තොරව සිදු විය. එහෙත් දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී රටවල් හයක් (කියුබාව සහ උතුරු කොරියාවද ඇතුළුව) වර්ජනය කළ අතර තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආපසු ගෙන්වා ගන්නා ලදී. 1992 ශීත ඍතු සහ ගිම්හාන ක්‍රීඩා (පිළිවෙලින් ප්‍රංශයේ ඇල්බට්විල්වල  සහ ස්පාඤඤයේ බාසිලෝනා හි පැවැත්විණි) සෝවියට් සංගමය සහභාගී නොවූ පළමු ඔලිම්පික් උළෙල විය. බිඳවැටුණු සෝවියට් සංගමයේ "ඒකාබද්ධ කණ්ඩායම්" ඉදිරිපත් වීම එයින් අවසන් විය. එමෙන්ම දකුණු අප්‍රිකාව ඔලිම්පික් තරගාවලියට නැවත පැමිණීම මෙහිදී සනිටුහන් කළේය.

1996 ඇට්ලන්ටා  ක්‍රීඩා උළෙලට දෙදෙනෙකුගේ ජීවිත බිලිගත් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. 1994 සහ 1998 ශීත ඍතු ක්‍රීඩා උළෙල කිසිදු සිදුවීමකින් තොරව සිදු විය. 2000 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සිඩ්නි නුවරදී පැවැත්විණි. මෙහිදී ආරම්භක උත්සවවලදී ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් රටක් ලෙස ගමන් කිරීම නිසා උතුරු හා දකුණු කොරියාව තාවකාලිකව නැවත එක්වීම සිදු විය.

දේශපාලනය හැරුණුකොට නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇති අනෙක් ලොකුම බලපෑම මුදල් ය. ලොව පුරා සිටින සහෝදර තරඟකරුවන් තුළ කැපී පෙනෙන මිත්‍රත්වය දැන් කෙමෙන් කෙමෙන් වාණිජකරණය වෙමින් පවතී. එමෙන්ම ප්‍රේක්ෂකයින් සහ අනුග්‍රාහකයින් මෙම අවස්ථාවට විශාල ලෙස එක්වන නිසාත්, දැවැන්ත ලෙස ලාභ ලැබිය හැකි නිසාත්, සත්කාරක නගර තෝරා ගැනීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇති අතර එම නිසා දූෂණ වංචා වලට විශාල ලෙස ඉඩ විවර වී ඇත.

1998 ශීත ඍතු ක්‍රීඩා උළෙල සඳහා සෝල්ට් ලේක් සිටි ජයග්‍රාහී ලංසුව සමඟ සම්බන්ධ වූ ප්‍රවර්ධකයන් ඔලිම්පික් කමිටු සාමාජිකයින්ට අල්ලස් ලබා දී ඇති බව දැනගත් විට 1998 අග භාගයේදී  විශාලඅපකීර්තියක් ඇති විය. එමෙන්ම නාගානෝ සහ සිඩ්නි මිල ගණන් ද අල්ලස් ලබා ගැනීමේ සැකයට භාජනය විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, විශේෂයෙන් ජිම්නාස්ටික්, අයිස් ස්කේටිං වැනි ඉසව් සදහා ඉදිරිපත් වන ක්‍රීඩකයින්ට, නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා විශාල මූල්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකිය. මෙසේ ක්‍රීඩකයින් අනුග්‍රාහකයින් සොයා යාම ඇරඹුනේ 1960 දශකයේ කොමියුනිස්ට් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයෙන් විශාල ලෙස සහාය ලබා දීමත් සමගය. මෙයට පිළිතුරු ලෙස 1970 සහ 1980 දශකවල කොමියුනිස්ට් නොවන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද පෞද්ගලික අනුග්‍රාහකයන් සොයා ගිය අතර එමඟින් ක්‍රීඩකයා අනුග්‍රාහකයාගේ “සේවකයින්” බවට පත්විය.

ඉන්පසු ඔලිම්පික් පිටියේ තම ආධිපත්‍ය දැරූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටුපස අනුග්‍රාහකයින් විශාල ලෙස සිටි අතර මේ පිළිබඳව වර්තමාන ඔලිම්පික් කමිටුවේ ඇති ලිහිල් නීති හේතුවෙන් පදක්කම් දිනා ගත් බොහෝ තරඟකරුවන්ට ඔවුන්ගේ ඔලිම්පික් කීර්තිය නිෂ්පාදන ප්‍රවර්ධන සදහා යොදා ගත හැක.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දේශපාලනය, මුදල් සහ ඔලිම්පික් (Politics, Money And The Olympics) දේශපාලනය, මුදල් සහ ඔලිම්පික් (Politics, Money And The Olympics) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2021 Rating: 5

0 comments:

Post a Comment