නින්දේදී පැමිණි සුදු පාට කුරුම්බා ලොදය (Janthu)

https://lh3.googleusercontent.com/9YyUuZ-36fnPhejHfGDqPiFXHOTWDpaBLXoyN-agYPKltCtxGhBBbZZ1Wk2rvpSyWKYB0ADoflfBBrt3bF7chXyXP86-wHnAwOWdIrPGvHpLfvghDBFJpCTw_GAc9qLldAhnCExWktI=w2400

මට උන දෙයක් නම් නෙමෙයි මේක .මගේ හොදම යාලුවොන්ගෙන් කෙනෙක්ගේ මල්ලිට උන දෙයක්..මගේ යාලුවට chines restaurant එකක් තිබුනා .උන්ගෙ අම්මා මල්ලි මෙ ඔක්කොම එකතුවෙලා තමා මෙ ව්‍යාපාරය කරගෙන ගියේ ..අවසනවකට උන්ගෙ තාත්තා අපි අතර නෑ..මගේ යාලුවා ගොඩක් වෙලවට කඩේ වහල එන්නෙ මහා රාත්‍රී යෙදී ..උන්ගෙ මල්ලි 10 වගේ වෙනකොට ගෙදරට එනවා ..

උන්ගෙ මල්ලි දවසක් මෙහෙම ගෙදරට එනකොට කඩේ ඉතුරුවෙලා තියෙන රොස්ට් කරපු කුකුල් මස් වගයක් කකා ආවලු..ගෙදර අවිල්ලත් තවත් ඉතුරු වෙලා තිබුන මස් ටිකක් කකා ඉන්දලා නිදා ගත්තලු...කතාවේ හොදම seen වෙන්නෙ ඉතින් ඊට පස්සෙ ...අපේ ගෙවල් ලග ඉන්නවා ..ජන්තු (මෙම නම මොහුගේ සත්‍ය නම නොවන බව සලකන්න) කියලා කපු මහත්‍තයෙක් ..පන්සලට අයත් සියලුම දෙවාල වල කටයුතු ඉස්ට සිද්ධ කරන්නේ මෙ කපු මහත්‍තයා..හරිම හොද මනුස්සයෙක්..යන්ත්‍ර මන්ත්‍ර වෙඩකට උනත් අපේ ගමේම ඉන්නෙ මෙ කපු මහත්‍තයා විතරයි ..

එදා රාත්‍රී 2 වගෙ අපෙ ගෙදරට මගේ යාලුව අවා bike එකෙන් ..පුදුම විඩියට බයවෙලා ඉනඩියෙ මු.. මන් අහුවා මොකො බන් කියලා .. මු කිව්වා අපෙ මල්ලි බයවෙලා බන් යමන් කියලා ..අපි යනගමන් ජන්තු මාමවත් අඩගහන් ගියේ ..අපරාදේ කියන්න ..කිව්ව ගමන් අවා යමල්ලා ඉක්මනට කොලුවට මොකද දන්නෙ නෑ කියලා..

අපි යාලුවගෙ ගෙදරට එනකොට ..මුලු ගෙදරම lights දාලා ..මල්ලි නිදන් ඉන්දපු කාමරෙට අපි ගියා අපි දෙයක් දේක්ක ..දක්නට ලෙබුන දෙ අපිට හිතාගනවත් අමරු උනා..මගෙ යාලුවගෙ මල්ලි ඉන්දියෙ කාමරේ ජනෙල් වලට ගහලා තිබුන ග්‍රිල් එකේ එල්ලිලා අත් දෙකයි කකුල් දෙකයි දේපෙතට දාලා ..හිතලා නෙමෙයි ..මු බයටම ..කට අරගෙන ඉන්නවා ..

මු කොච්චර බයවෙලා ද කිව්වොත් මුව දකපු අපිත් බය උනා..ජන්තු මාම මතුරලා ඔලුවට තෙල් ටිකක් දාලා මොනද මන්ද tamil වගේ මතිරුව . ඉට පස්සෙ අපි මුව ග්‍රිල් එකෙන් බිමට ගත්තා.. ජන්තු මාම අහුවා මොකද පුතෙ උනේ කියලා අරුන්ගෙ මල්ලි ගෙන්..උන්ගෙ මල්ලි කිව්වා සුදු පාට කුරුම්බා ලොදයක් වගේ උස අමුතු මිනිහෙක් මුනට ලන් උනා කියලා..මු ට ඉටපස්සෙ උන දෙයක් මතක නෑ කිව්වා ....අපි ඉටපස්සෙ උන දෙවල් දෙක්කානෙ ..

පහුවදා මුලු වත්තම cover වෙන්න අරක්ශාවක් ජන්තු මාම දාලා දුන්නා..අදටත් මගේ යලුවගේ මල්ලි හොදින් ඉන්නවා ..කිසිම මස් මාංශ ජාතියක් කටෙවත් තියන්නෙ නෑ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නින්දේදී පැමිණි සුදු පාට කුරුම්බා ලොදය (Janthu) නින්දේදී පැමිණි සුදු පාට කුරුම්බා ලොදය (Janthu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2021 Rating: 5

0 comments:

Post a Comment