මහ රෑ කාමරේට ආවේ යාලුවාගේ අවතාරයද? (Hostel)

මහ රෑ කාමරේට ආවේ යාලුවාගේ අවතාරයද? (Hostel) - Your Choice Way

එතකොට මම කැම්පස් එකේ 4th year එකෙ.හොස්ටල් එකේ තම හිටියේ.එක රූම් එකක තුන් දෙනෙක් හිටියා.නිදාගත්තේ තට්ටු අදන් වල.මන් නිදා ගත්තේ උඩ අදක.හොස්ටෙල් එකට ඔන වෙලාවක එන්න යන්න පුලුවන්.එනිසා රෑ වෙලා නිදියද්දී එකෙක් හරී අඩු නම් දොර ඇරලා තියලා නිදා ගන්නව.රෑ වෙලා ආවොත් කියලා.

ඉතින් මේ අතරේදී එකෙක්ගේ මාමා කෙනෙක්ට අසනීප උනා.ඉතින් මේ යලුවා තමා සාත්තු එහෙම කරේ.හැබැයි ඉතින් ටික්ක කාලෙකින් මේ මාමා මරුනා.ඉතින් යාලුවා ගිහින් මලගෙදර කටයුතු කරලා අවා bike එකෙන්.

මූ හොන්දටම බය වෙලා.මන් එදා හොස්ටෙල් එකේ හිටියේ .මූ අපට කිවා.මූ මල ගෙදර ඉදලා bike එකෙන් එනවලූ රෑ.වෙලාව නම් 9 වගේලු.ටිකක් දුශ්කර පැත්තක් හන්දා පාරේ වැඩිය ගෙවල් වාහන එහෙම නෑලු.ඉතින් ඔහොම එද්දී එක ගෙයක් ලගදී මුගේ bike එකට බල්ලෙක් වගේ එකෙක් පැන්නලූ ගෙදර ඉන්දලා.සුදු පාට බල්ලෙක්ලු.ඒ පාර මූ ව වැටිලා.ඒ සද්දෙට ගෙදර අය ඇවිත් බලලා.මූ විස්තරේ කියලා ඇහුවාලූ සුදූ පාට බල්ලෙක් ඉනවාද කියලා.ඒ ගෙදර අය කියලා එහම සුදූ පාට බල්ලෙක් කොහේකවත් නෑ කියලා.ඉතින් මූ ටිකක් බය වෙලා.එත් ඉතින් එන්නත් ඔනනේ මූ හොස්ටෙල් එකට ඇවිත්.අපට ඔය කතාව කිව්වාම අපි ඒක ගනන් ගත්තේ නෑ.

පස්සේ මූ ඉතින් නා ගෙන මහන්සී කියලා නිදා ගත්තා.මත් ඉතින් පව්නේ කියලා කමරේ light එකත් නිවලා එලියට ඇවිත් පාඩ්ම් කරා.ඉතින් රෑ 12ත් පහු වෙනකන් පාඩම් කරලා මන් නිදා ගන්න කමරේට ගියා.මේ වෙද්දී අනිත් කොල්ලො සේරම වගේ නිදි.කාමරේ අරු නිදි හොදටම.අනිත් එකා පේන්න හිටියේ නෑ.මන් හිතුවා මලක් වත් කඩනව වෙන්න ඇති කියලා කමරේ .දොරත් බාගෙට වහලා මන් උඩ ඇදට නැග්ගා.

ඒත් නින්ද ගියේ නෑ.ටික වෙලාවක් යද්දී කමරේ දොර ඇරගෙන කව්දෝ කෙනෙක් කමරේට අව.උස අඩි 5ක් විතර ඇති.කලුයි.හරියට පේන්නේ නෑ light නිවලානේ.ආපු කෙනා දොර වහලා අනිත් ඇද උඩට ගියා.මන් හිතුවා අනිත් යාලුවා ආව කියලා.ටික වෙලාවක් ගියා.කිසි සදයක් නෑ.ඉතින් මන් අනිත් ඇහුවා මචන් උබද ආවේ කියලා.ශද්දයක් නෑ.ඒ පාර මන් නැගිටලා light දාලා බැලුවා.මොකෙක්වත් නෑ ඒ අදේ.අරූ නම් නිදි.

දොර අරින්න ඇද්දා.ඒක එතුලෙන් ලොක් කරලා.මට හොදට මතකයි මන් දොර අඩවල් කරලා නිදා ගත්තේ.මන් ඉතින් දොරත් ඇරගෙන එලියට අව.ඇවිත් පහලට ගිහින් පහල කමරේක කොල්ලෙක්ගෙන් ඇහුවා මගෙ කාමරේ ඉන්න අනික් එකාව දැක්කද කියලා.ඌ කිව්ව එකා හවස ගෙදර ගියා කියලා.එතකොට මහ රෑ කමරේට අවේ කව්ද? ආපු කෙනා දොර ලොක් කරලා තීද්දී කොහොමද අතුරු දහන් උනේ? අදටත් මේක ප්‍රශ්නයක්.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහ රෑ කාමරේට ආවේ යාලුවාගේ අවතාරයද? (Hostel) මහ රෑ කාමරේට ආවේ යාලුවාගේ අවතාරයද? (Hostel) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2021 Rating: 5

0 comments:

Post a Comment