ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura)

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන හොයල බලන කෙනෙක්ට අනිවාර්යයෙන් වැදි ජනතාව ගැන අහන්න, කියවන්න ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ තරම් ඉතිහාසයක් ලංකාවේ වැදි ජනතාවට තියෙනවා . ඒක 1914දී වැදි ජනයා ගැන අධ්‍යයනය කරපු විල්හෙල්ම් ගයිගර් පවා “වැද්දෝ යනු අභිමානවත් ජනතාවක්ය යන්නත් ඔවුන් ලංකාවේ මුල් අයිතිකරුවන් ලෙස සිංහලයන්ගේ ගෞරවයට ප්‍රාත්‍ර වන්නෝය” යනුවෙනුත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට පර්යේෂණ සිදුකරලා තියෙනවා වැදි ජනතාවගේ ආරම්භය ගැන සහ විකාශනය පිළිබඳවත්. ඉතින් අපි අද හොයල බලන්නෙ අන්න ඒ වැදි ජනාතාව ගැන විස්තර. 

1. බිහිවීම

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way

ලංකාවේ වැදි ජනයාගේ සුලමුල එහෙම නැත්නම් ඔවුන්ගේ ආරම්භය ගැන ජනප්‍රවාද ගොඩක් තිබුණත් අපිට ලිඛිත මූලාශ්‍රයක් විදිහට ගන්න පුළුවන් මහාවංසයේ කියල තියෙන දේවල්. ඒකට අනුව විජය සහ කුවේණියට දාව දරුවන් දෙදෙනෙකු ලබෙනවා. ඉන් පස්සෙ විජය ඉන්දියාවෙන් තවත් කුමාරියක් ගේනවා. ඒ නිසා කුවේණිය නැවත තමන්ගේ යක්ෂ   ප්‍රජාව වෙත පිටත් කර හැරෙනවා.  ඒ ගිය අවස්ථාවේ ඇති වෙච්ච ආරවුලක් නිසා කුවේණිය ඝාතනය වෙනවා. ඉන් පස්සේ ඒ දරුවන් දෙන්නත් කැලයට පලා යනවා. ඒ යන්නෙ සමනළ කන්ද පැත්තට. ඉන් පස්සේ ඔවුන් දෙදෙනාගේ එකතු වීමෙන් ආරම්භ උන පරම්පරාව තමයි මේ වැදි ජනතාව කියල මහාවංසයේ සඳහන් වෙනවා. 

2. වරිග

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way

අද අපි වාසගම නමත් එක්ක පාවිච්චි කරනවා වගේ වැදි ජනතාවත් තමන්ව හඳුන්වාගන්න වරිග නාමයක් පාවිච්චි කරනවා. මූලිකව මේ වගේ වරිග හයක් විතර තියෙනවා. මොරාන වරු‌ගේ, උනාපාත වරු‌ගේ, ඌරු වරු‌ගේ, ඇඹල වරු‌ගේ, නමුඩන වරු‌ගේ, සහ තලා වරු‌ගේ තමයි ඒ හය. එහෙම කියද්දි නම් අපිට මතක් වෙන්නෙ ඌරුවරිගේ තිසාහාමි කියන වැදි නායකයාව.  ඊට අමතරව පදිංචිය අනුවත් වරිග වෙන් කිරීමක් තියෙනවා. ඒ හේ‌නෙ බැද්ද වරුගේ, ‌ගොඩතලාව වරු‌ගේ, එල‌කොතලිය වරු‌ගේ, සීතල වන්නිය වරු‌ගේ, ගිරාදුරු වරු‌ගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරු‌ගේ, ‌හොර‌බොර වරු‌ගේ, යක්කු‌රේ වරු‌ගේ, උනිච්චිය වරු‌ගේ වගේ වරිග. 

3. ජීවන රටාව

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way

ආරම්භයේදි වැදි ජනතාව තමන්ට ජීවත් වෙන්න තෝරගත්තෙ ස්වභාවික ගල් ලෙන්. ඒත් පසුකාලීනව ගල් ලෙන් වලින් පැල්පත් වලට මාරු වීමක් වෙලා තියෙනවා. පැල්පත් වලට මාරු උනත් ඔවුන්ගේ සංක්‍රමණික ජීවිතය නම් අත ඇරියෙ නෑ. ආහාර රටාව ගත්තොත් මූලිකව දඩයම් කිරීම මගින් තමයි ආහාර අවශ්‍යතාවය සපුරාගන්නේ. ඒ උනත් දඩයම් කිරීමට අමතරව අල වර්ග එහෙමත් ආහාර විදිහට යොදාගත්තා. ඒ වගේම මී කැඩීමත් ඒ අයගෙ මූලික ආහාර ප්‍රභවයක්. ආහාරයට වගේම පිළිස්සුව මස් කල් තියාගන්නත් මී පැණි පාවිච්චි කලා.

4. භාෂාව

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way

මේ ගැන පර්යේෂණ කරපු අය විවිධ මත පළ කරල තියෙනවා මේ වැදි භාෂාව සම්බන්ධව. ඒ අනුව වැඩි දෙනා පිළිගන්නේ වැදි ජනයා දඩයම් කිරීමේදී භාවිතා කරපු රහස් භාෂාවක් වැදි භාෂාව විදිහට දියුණු වුණා කියන මතයයි. ඉන් පස්සේ ඒ භාෂාව සිංහල භාෂාව එක්ක මිශ්‍ර වෙලා වැදි භාෂාව දැන් තියෙන අකෘතියට හැඩගැහිලා තියෙනවා. ඒ එක්කම වෙනත් භාෂා වලින් එහෙමත් වැදි භාෂාවට වචන එකතු වෙලා තියෙනවා. විශේෂයෙන් දමිළ භාෂාවෙන් ගොඩක් වචන වැදි භාෂාවට එකතු වෙලා තියෙනවා. 

5. ආවාහ විවාහ

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way

වැදි ජනයා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන නිසා ඥාතීන් අතර විවාහ එහෙම සිදු වී තියෙනවා. ඒ නිසාම අසාමාන්‍ය සහ විකෘති දරු උපත් එහෙමත් නිතර දකින්න ලැබිල තියෙනවා. එහෙම අවස්ථාවල ඒ දේවල් අදෘශ්‍යමාන බලවේග නිසා සිදු වුණු දේවල් විදිහට බැහැර කරන්න තමයි ඔවුන් පුරුදු වෙලා හිටියේ. අපි ඉහතින් සඳහන් කළ වරිග අතර තමයි බොහෝ දුරට විවාහ සිද්ද වුණේ. විවාහය සඳහා වරිග සම වීමත් සලකා බැලුනා.  වැදි සංස්කෘතියට අනුව ස්ත්‍රීන්ට විවාහ වීමට වයස් සීමාවක් තිබුණේ නෑ. බොහෝ දුරට මල්වර වීමෙන් පස්සේ විවාහ වලට එළඹීම සිදු උනත් ඊට කලින් උනත් විවාහයට බාධාවක් නෑ. පිරිමි වැද්දන්ට උනත් විශේෂ සුදුසුකමක් අවශ්‍ය නොවුණත් දඩයම් කිරීමට ඇති හැකියාව සහ හේන් ගොවිතැනට ඇති හැකියාව සළකා බැලුනා. විවාහය බොහෝ දුරට කටවචනයට සිදු වුණත් අද වෙද්දී නම් සාමාන්‍ය විවාහ නීතිය ඔවුන්ටත් බලපානවා. 

6. සාහිත්‍යය

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way

වැදි භාෂාව සහ සාහිත්‍යය සැළකිය යුතු වර්ධනයක් නොපෙන්වුවත් සරල වැදි භාෂාව අභාෂය කරගෙන ඇති වුණු සරල සාහිත්‍යයක් තියෙනවා. වැදි ගී, නැලවිලි ගී සහ බඹර කපන ගී එහෙම වැඩි භාෂාව ආශ්‍රයෙන් සරලව සකස් වෙලා තියෙනවා. මේ සියල්ල මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන එන දේවල් විදිහට තමයි පවතින්නේ. ජීවිතයේ එක එක අවස්ථා වලදී ගී ගැයීම වැදි ජනතාව බොහෝ දුරට කරන දෙයක්. ඔවුන්ටම අනන්‍ය රිද්මයක් මේ හැම දෙයකම දකින්න ලැබෙනවා. කැලෑ ජීවිතයක් ගත කරන වැදි ජනතාව වැඩියෙන් අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන කොටසක් උනා. ඔවුන් අදෘශ්‍යමාන බලවේග එක්ක ගනුදෙනු කරන්න මන්තර ක්‍රමයක් නිර්මාණය කරගෙන තිබුණා. 

7. වර්තමාන තත්ත්වය

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way

අද කාලය වෙද්දී නම් වැදි ජනතාව රටේ සාමාන්‍ය ජනතාව එක්ක එකතුව වාසය කරනවා. ඔවුන්ගේ විවාහ කටයුතු, අධ්‍යාපනය වගේ සියලු දේම අද වෙද්දී රටේ අනෙකුත් ජනයා එක්ක එකතුවෙලා රටේ සාමාන්‍ය නීතියට අනුව සිදු කරනවා. විශේෂයෙන් වැදි ජනතාව අධ්‍යාපනයට විශේෂ දක්ෂකම් දක්වපු අවස්ථා එහෙමත් දකින්න ලැබෙනවා. ඒ නිසා අතීතයේ සාමාන්‍ය ජනතාවගෙන් වෙන් වෙලා ජීවත් වුණ වැදි ජනතාව එයින් මිදිලා ඉතාම සාමාන්‍ය ජීවිතයකට හුරු වෙලා තියෙනවා.

..............අන්තර්ජාලය ඇසුරෙනි..............දැනුම සොයන්න මේ පාරෙන් එන්න - බ්ලේඩ් කැපෙන අතට

ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු (Wadi Parapura) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment