පළමු නාසි වධකඳවුරේ කතාව (The Story Of The First Nazi Concentration Camp)

පළමු නාසි වධකඳවුරේ කතාව (The Story Of The First Nazi Concentration Camp) - Your Choice Way
ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් ධුරයට පත්වීමෙන් ටික කලකට පසු 1933 දී පළමු නාසි වධකාගාරය වන ඩැචාවු විවෘත කරන ලදී.  දකුණු ජර්මනියේ පිහිටා ඇති ඩචාවු මුලින් දේශපාලන සිරකරුවන් සඳහා කඳවුරක් විය. කෙසේ වෙතත්, අවසානයේදී එය මරණ කඳවුරක් බවට පරිණාමය වූ අතර, මන්දපෝෂණයෙන්, රෝගවලින් හා අධික වැඩවලින් යුදෙව්වන් දහස් ගණනක් ඒ තුළ මිය ගියහ. යුදෙව්වන්ට අමතරව, එම කඳවුරේ හිට්ලර් නව ජර්මනියට නුසුදුසු යැයි සැලකෙන වෙනත් කණ්ඩායම්වල සාමාජිකයින් ද ඇතුළත් විය. කලාකරුවන්, බුද්ධිමතුන්, ශාරීරික හා මානසික ආබාධිතයන් සහ සමලිංගිකයන් ද ඊට ඇතුළත් ය.  දෙවන ලෝක සංග්‍රාමය (1939-45) පැමිණීමත් සමඟ, ජර්මනියේ යුද ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය ආයුධ සහ වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා දක්ෂ හා ශක්තිමත් ඩැචාවු සිරකරුවන් වහල් ශ්‍රමිකයන් ලෙස යොදා ගන්නා ලදී. මීට අමතරව, සමහර ඩැචාවු රැඳවියන් නාසීන් විසින් කුරිරු වෛද්‍ය අත්හදා බැලීම්වලට ලක් කරන ලදී.  එක්සත් ජනපද හමුදා විසින් 1945 අප්රේල් අග දී ඩැචාවු නිදහස් කරගන්නා ලදී. අද අප මෙම හිට්ලර්ගේ ප්‍රථම කෲරතර නාසි වධකාගාරය ගැන කරුණු කිහිපයක් විමසා බලමු.

ඇඩොල්ෆ් හිට්ලර් 1933 ජනවාරි 30 වන දින ජර්මනියේ චාන්සලර් ධුරයට පත් වූ අතර, එම වසරේ මාර්තු මාසයේදී හෙන්රිච් හිම්ලර් (නාසි එස්.එස් ප්‍රධානී) විසින් පළමු නාසි සිරකඳවුර ප්‍රකාශයට පත් කරන ලදී. එය දකුණු ජර්මනියේ ප්‍රධාන නගරයක් වන මියුනිච් නගරයට නුදුරින් ඩැචාවු නගරයේ විවෘත විය. මෙම කඳවුරේ මුලින්ම දේශපාලන සිරකරුවන් සිටි අතර එහි පළමු රැඳවියන් වූයේ මූලික වශයෙන් සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් ය. නාසි එස්එස් නිලධාරියෙකු වන හිල්මාර් වෝකර්ල් (1899-1941) ඩැචාවු හි පළමු අණදෙන නිලධාරියා ලෙස සේවය කළේය.

ආරම්භයේ සිටම කඳවුරේ රැඳවියන්ට දරුණු ලෙස සැලකීම සිදුවිය. 1933 මැයි 25 වන දින මියුනිච් පාසල් ගුරුවරයෙකු වූ සෙබස්තියන් නෙෆ්ස්ගර් ඩචාවු හි සිරගතව සිටියදී පහර දී මරා දමන ලදී.  කඳවුර මෙහෙයවූ එස්එස් පරිපාලකයින් කියා සිටියේ නෙෆ්ස්ගර් සියදිවි නසාගෙන ඇති බවයි. නමුත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ හුස්ම හිරවීම හෝ ගෙල සිරවීම හේතුවෙන් ඔහුට ජීවිතය අහිමිවී ඇති බවයි. මියුනිච් රජයේ නීතීපතිවරයා විසින් අණ දෙන නිලධාරී වෝකර්ල්ට සහ ඔහුගේ සෙබළුන්ට මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කළේය. නමුත් හිට්ලර් විසින් පැමිණිල්ල වහාම අවලංගු කරන ලද අතර, ඩැචාවු සහ අනෙකුත් සියලුම සිරකඳවුරු ජර්මානු පුරවැසියන්ට අදාළ වන පරිදි ජර්මානු නීතියට යටත් නොවන බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කළේය.  එස්එස් පරිපාලකයින් පමණක් කඳවුරු පවත්වාගෙන ගොස් සුදුසු යැයි පෙනෙන පරිදි දඬුවම් ලබා දිය හැකි යැයි ඔහු වැඩදුරටත් පැවසීය.

එම ජුනි මාසයේදීම තියඩෝර් අයික් නම් නිලධාරියා වෝකර්ල් වෙනුවට ඩැචාවු අණදෙන නිලධාරියා ලෙස පත් කළේය.  කඳවුරේ දෛනික ක්‍රියාකාරිත්වය සඳහා අයික් වහාම නව රෙගුලාසි මාලාවක් නිකුත් කළේය.  නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් යැයි සැලකෙන සිරකරුවන්ට අමානුෂික ලෙස පහර දීමට අණ කළ ඔහු පැන යාමට කුමන්ත්‍රණය කළ අය හෝ දේශපාලන අදහස් දැරූ අය එම ස්ථානයේදීම මරා දැමිය යුතුයැයි නියෝග කළහ. ඉන් පසු අයික්ගේ රෙගුලාසි නාසි ජර්මනියේ සියලුම වධකාගාර තුළ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ලදී.

1938 නොවැම්බරයේදී,  ඇති වූ සුප්‍රසිද්ධ 'ක්‍රිස්ටල්නාච්' ( නොවැම්බර් 9-10 දිනවල නාසි ජර්මනිය පුරා එස්ඒ පැරාමිලිටරි හමුදා විසින් සිදු කරන ලද යුදෙව්වන්ට එරෙහි සංහාරය) නිසා යුදෙව්වන් 30,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඩැචාවු සහ බුකන්වාල්ඩ් සහ සැක්සෙන්හවුසන් සිරකඳවුරුවලට යවන ලදි.  යුදෙව්වන් 11,000 කට ආසන්න සංඛ්‍යාවක් ඩචාවු වෙත ඒවන ලදී. 

1939 අගභාගයේදී, දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී, ඩැචාවුහි සිරකරුවන් බුකන්වාල්ඩ්, මෞතවුසෙන් සහ ෆ්ලොසෙන්බර්ග්හි වධකාගාර වෙත ගෙන යන ලද අතර, ඩැචාවුහි නවක හමුදා භටයන් පුහුණු කිරීමේ ස්ථානයක් ලෙස යොදා ගන්නා ලදී. 1940 මුල් භාගයේදී ඩැචාවූ කඳවුර යළි ආරම්භ කරන ලද අතර  කඳවුරේ නීති තවත් කුරිරු විය. රැඳවියන් 6,000 ක් පමණ වාසය කිරීම සඳහා පහසුකම් ඇති මෙහි ජනගහනය අඛණ්ඩව ඉහළ ගිය අතර 1944 වන විට සිරකරුවන් 30,000 ක් පමණ කඳවුර තුළ ජීවත් විය.

එහි මෙහෙයුම් කාලය තුළ, 1933 සිට 1945 දක්වා, ඩැචාවුහි සිරකරුවන් දහස් ගණනක් රෝග, මන්දපෝෂණය සහ අධික වැඩ හේතුවෙන් මිය ගියහ.  කඳවුරු නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් දහස් ගණනක් ඝාතනය කරන ලදී.  1941 සිට සෝවියට් යුද සිරකරුවන් දහස් ගණනක් ඩැචාවු වෙත යවන ලද අතර පසුව අසල පිහිටි රයිෆල් පරාසයකදී වෙඩි තබා ඔවුන් සියල්ල ඝාතනය කරන ලදී. සියලුම යුරෝපීය යුදෙව්වන් ක්‍රමානුකූලව මුලිනුපුටා දැමීම සඳහා වූ හිට්ලර්ගේ “අවසාන විසඳුම” ක්‍රියාත්මක කිරීමත් සමඟ ඩැචාවුහි රැඳවියන් දහස් ගණනක් පෝලන්තයේ නාසි සමූල ඝාතන කඳවුරුවලට ගෙන යන ලද අතර එහිදී ඔවුන් ගෑස් කුටිවල මිය ගියහ.

එමෙන්ම නාසීන් ඩචාවු සිරකරුවන් කුරිරු වෛද්‍ය අත්හදා බැලීම් සදහාද යොදා ගත්හ. නිදසුනක් වශයෙන්, ශීත ජලයෙහි පුද්ගලයකුට ගිලී සිටීමට හැකි කාලය තීරණය කිරීමට මෙම රැඳවියන් බැඳී සිටියහ.  වරකට පැය ගණනක් සිරකරුවන් අයිස් වතුරෙන් පිරුණු ටැංකිවල බලහත්කාරයෙන් ගිලී ගියේය.  මෙම ක්‍රියාවලිය අතරතුර බොහෝ සිරකරුවන් මිය ගියහ.

මිත්‍ර හමුදා විසින් ඩැචාවු මුදා ගැනීමට දින කිහිපයකට පෙර 1945 අප්‍රේල් මාසයේදී එස්එස් භටයන් විසින් සිරකරුවන් 7,000 කට ආසන්න ප්‍රමාණයක් දකුණේ පිහිටි ටෙගර්න්සි වෙත දින හයක දීර්ඝ මරණයේ පාගමනක් ආරම්භ කරන ලෙස නියෝග කළේය.  ස්ථාවර වේගයකින් ගමන් කිරීමට නොහැකි වූ අයට එස්එස් ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඇත.  අනෙකුත් පෙළපාලිකරුවන් සාගින්නෙන් හෝ ශාරීරික වෙහෙස නිසා මිය ගියහ.

1945 අප්‍රියෙල් 29 වන දින එක්සත් ජනපද හමුදාව ඩැචාවු වෙත ඇතුළු වූ අතර එහිදී ඔවුන් සිරකරුවන් දහස් ගණනක් සොයා ගත්හ. එසේ ඇතුළු වූ ඔවුන් දුටු දේ ඔවුන් ජීවත්ව සිටි තාක් කල් ඔවුන්ගේ මතකයේ රැඳෙනු ඇත. එනම්, මළ සිරුරු ගොඩවල්, නරක ලෙස දිරාපත් වූ මිනිස් අවශේෂවලින් පිරුණු දුම්රිය, කාර් දුසිම් ගණනක් සහ දහස් ගණන් “ඇවිදින ඇටසැකිලි” වන් මිනිසුන් පිරිසක්ය. මේ අතර, ටෙගර්න්සි මරණිය පාගමනෙන් දිවි ගලවා ගත් අය ඇමරිකානු හමුදා විසින් මැයි 2 වන දින නිදහස් කරන ලදී.

ඩැචාවූ සිරකඳවුරක් සහ මරණයේ කඳවුරක් ලෙස සේවය කළ මුළු කාලය තුළම සිරකරුවන් 200,000 කට වැඩි පිරිසක් එහි දොරටු හරහා ගමන් කළ බවට ලැයිස්තු ගත කර ඇත.  දහස් ගණනක් දක්වා දිවෙන ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් කිසි විටෙකත් ලියාපදිංචි නොවූ අතර, ඩැචාවු හි කොපමණ පිරිසක් සිරගත කර ඇත්ද සහ එහි කී දෙනෙක් මිය ගියවාද යන්න හරියටම දැන ගැනීමට අදටත් නොහැකිය.

විශ්මිත ඉතිහාසය
පළමු නාසි වධකඳවුරේ කතාව (The Story Of The First Nazi Concentration Camp) - Your Choice Way

පළමු නාසි වධකඳවුරේ කතාව (The Story Of The First Nazi Concentration Camp) - Your Choice Way

පළමු නාසි වධකඳවුරේ කතාව (The Story Of The First Nazi Concentration Camp) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පළමු නාසි වධකඳවුරේ කතාව (The Story Of The First Nazi Concentration Camp) පළමු නාසි වධකඳවුරේ කතාව (The Story Of The First Nazi Concentration Camp) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2021 Rating: 5

0 comments:

Post a Comment