ඔනියන් රින්ග් 🧅🧅🧅 (‍Onion Rings)

ඔනියන් රින්ග් 🧅🧅🧅 (‍Onion Rings) - Your Choice Way
අද අපි Onion Rings හදමු. Tea time එකකට ගැළපෙන හරිම රස Onion Rings හදන්නත් හරිම ලේසී.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🧅 ලොකු රට ළූණු (අවශ්‍ය තරමට)
  • 🧅 මොසරුල්ලා චීස් 
  • 🧅 පාන් කුඩු
  • 🧅 පාන් පිටි
  • 🧅 මිරිස් කුඩු
  • 🧅 ලුණු කුඩු
  • 🧅 වතුර ටිකක්
  • 🧅 පොල් තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පළමුව රට ළූණු 1 ½ cm පමණ මහත සිටින ලෙස කපා ගන්න. 
  2. ඉන්පසු කපා ගත් රටළූණු රවුම් එකින් එක වෙන් කර ගන්න. ලොකුම රටළූණු රවුම මැදින් පොඩි රටළූණු රවුමක් තබා ඒ රටළූණු රවුම් දෙක අතර ඇති හිදැසට 1 ½ cm ක මහතට කපා ගත් මොසරුල්ලා චීස්  තිරු තබා පැයක් පමණ ශිතකරණයේ තබාගන්න.
  3. පාන් පිටි, මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු, වතුර එකට දමා උකු බැටර් එකක් හදාගන්න.
  4. ශිතකරණයේ තබාගත් Onion Ring හදාගත් බැටර් එකේ දමා පාන් කුඩුවල දවටා ගැඔුරු තෙලේ බැදගන්න.
මේ Onion Rings හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
ඔනියන් රින්ග් 🧅🧅🧅 (‍Onion Rings) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔනියන් රින්ග් 🧅🧅🧅 (‍Onion Rings) ඔනියන් රින්ග් 🧅🧅🧅 (‍Onion Rings) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment