Niyare Piya Nagala Song Lyrics - නියරේ පිය නගලා ගීතයේ පද පෙළ

සිංදු පොත,Saman De Silva,සමන් ද සිල්වා මහත්මා
Song Title : Niyare Piya Nagala (නියරේ පිය නගලා)
ගායනය : සමන් ද සිල්වා
සංගීතය : නිමල් ඩයස්/ අර්නස්‌ට්‌ සොයිසා
ගී පද : වර්නන් පෙරේරා


නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා

නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා

නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සිත පිරුණා හද සෙනෙහස දැණුනා///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Niyare Piya Nagala Song Lyrics - නියරේ පිය නගලා ගීතයේ පද පෙළ Niyare Piya Nagala Song Lyrics - නියරේ පිය නගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 26, 2021 Rating: 5

0 comments:

Post a Comment