1722 පාස්කු ඉරුදිනදා ලන්දේසි ගවේෂකයෙකු වූ ජේකබ් රොග්වීන් "රාපා නුයි" දූපතට ගොඩ බසින ලද ප්‍රථම යුරෝපීය ජාතිකයා බවට පත් විය. මෙම දූපත පාස්කු ඉරිදා දින සොයාගැනීම සැමරීම සඳහා රොග්වීන් මේ දූපත “පාස්කු දූපත”(Easter Island) ලෙස නම් කරන ලදී. මෙම දූපත පෘථිවියේ වඩාත්ම හුදෙකලා ස්ථානයක් වූ අතර එය ආසන්නතම ඇති දූපතේ සිට කිලෝමීටර් 2,075 ක් ද ළඟම ඇති භූමි භාගයේ සිට කිලෝමීටර 3,700 ක් ද දුරින් පිහිටා ඇත.
රොග්වීන් මෙම දූපත කාන්තාර දූපතක් යැයි සැක කළද, ඔහු පුදුමයට පත් කරමින්, දූපතේ ජනාවාස විය. ඊටත් වඩා පුදුමයට කරුණ නම් දිවයින පුරා විශාල අමුතු පෙනුමක් ඇති පිළිම තිබීමයි. මෙම දැවැන්ත පිළිම තැනීමට හා ගෙනයාමට සම්පත් නොමැති බව පෙනෙන්නට තිබුනි. ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින් විසින් දේශීය මිථ්‍යා කථා වලින් හෝඩුවාවන් සොයා ගන්නා තෙක් 20 වන සියවස වන තෙක් මෙම ප්‍රතිමා වල පැවැත්ම අභිරහසක්ව පැවතුනි.
පාස්කු දූපත ලෙස හැඳින්වීමට පෙර මෙම දිවයිනේ මුල් නම වූයේ රාපා නුයි ය. ක්‍රි.පූ 9 වන සියවසේදී මහා නාවිකයින් ලෙස කුප්‍රකට වූ පොලිනීසියානුවන් විසින් රාපා නුයි හි මුලින් වාසය කර ඇත. අද පාස්කු දූපතට ස්වාභාවික සම්පත් නොමැති වුවත් අතීතයේ රාපා නුයි ගස් හා වනාන්තර වලින් බහුල වූ අතර දිවයින වන ජීවීන් හා සම්පත් වලින් පිරී ගියේය. මෙහි පදිංචිකරුවන් අතර හනාවු ඊපේ (දිගු කන්) සහ හනාවු මොමෝකෝ (කෙටි කන්) ලෙස වර්ග දෙකකට බෙදී ජීවත් විය. පදිංචිකරුවන් ඔවුන්ගේ භෞතික ලක්ෂණ මත පදනම්ව ගෝත්‍ර දෙකකට බෙදී ඇත.
හනාව් ඊපේ, වඩාත් බලවත් ගෝත්‍රය වූ අතර, ඔවුන් සිය ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ මුහුණු වල ආකෘතියට පිළිම තැනීමට පටන් ගත්තේය. මෙය සිදු වූයේ ක්‍රි.ව.11 වන සියවසේදී පමණ වන අතර ඒ අවට දිවයිනෙහි පිළිම කැටයම් කිරීම සඳහා පාෂාණ බහුලව තිබූ අතර පාෂාණ ගෙනයාමට ඔවුන් යොදා ගස් කදන්ය. මේ අනුව රාපා නුයි හි තිබූ පාෂාණ හා ගස් සැපයුම වේගයෙන් අඩු වීමට පටන් ගත්තේය.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ හනාව් ඊපේ දිවයිනේ වැඩි පාලනයක් තබා ගැනීම සදහා ප්‍රතිමා ගොඩනැගූ අතර සම්පත් බොහෝ ලෙස හිඟ වූ අතර අධික ලෙස පාෂාණ කැණීමෙන් භූමිය කෙමෙන් නිසරු විය. දූපතේ තිබූ ගස් වේගයෙන් නැතිවී ගිය අතර දිවයිනට අවශ්‍ය නැව් සහ අනෙකුත් යටිතල පහසුකම් තැනීමට නොහැකි විය. 1680 වන විට දිවයිනේ අවසාන ගසද නැතිවී ගිය අතර ගෝත්‍ර දෙක දිවයිනේ පාලනය සඳහා විශාල යුද්ධයක් කරන ලදී. මහා යුද්ධයකින් පසු හනාවු මොමෝකෝ විසින් යුද්ධය ජය ගත් අතර ඔව්න් හනාව් එපේ ඉදිකරන ලද ප්‍රතිමා බොහොමයක් දිනා විනාශ කර දැමීය.
කෙසේ වෙතත්, යුද්ධය අවසන් වන විට දිවයිනෙහි ජීවත් වීමට අවශ්‍ය ස්වාභාවික සම්පත් නොමැති විය. ඉතිරි ආහාර හා සම්පත් ලබා ගන්නේ කව්දැයි යන්න තීරණය කිරීමට දිවයිනේ තවත් සටනක් දියත් කළ අතර 1680 දී 15,000ක්ව සිටි ජනගහනය 1722 දී ජාකොබ් රොග්වීන් පැමිණෙන විට 2,000ක් දක්වා අඩු විය.
සීමිත සම්පත් ඇති කුඩා දූපතක ගෝත්‍රිකයන් අතර නිරන්තර බල අරගලය රාපා නුයි ඛේදවාචකයට හේතු විය. මෝවායි ප්‍රතිමා බලය හා ආධිපත්‍යයේ සංකේතයක් වූ අතර දිවයිනේ වැසියන් බොහෝ දෙනෙක් විනාශ වන තෙක් පිළිම තැනීම හා එකිනෙකා අතර යුද්ධ කරමින් සියවස් ගණනාවක් ගත කළහ. සීමිත සම්පත් හා දිනෙන් දින වර්ධනය වන ජනගහනයක් සහිත කුඩා ග්‍රහලෝකයක මිනිසුන් වැඩි බලයක් සඳහා නිරන්තරයෙන් සටන් කරමින් සිටී. දිනෙන් දින වැඩි වන මෙම තරගය නිසා මේ ලෝකයද මතු දිනක රාපා නුයි දිවයිනේ තවත් අනුවාදයක් විය හැකිය.
විශ්මිත ඉතිහාසය
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment