Diwiya Pura Song Lyrics - දිවිය පුරා ගීතයේ පද පෙළ

Diwiya Pura Song Lyrics - දිවිය පුරා ගීතයේ පද පෙළ
Song Title : Diwiya Pura (දිවිය පුරා)
Singing : Ranidu Lankage (රනිදු ලංකාගේ මහත්මා)


උණුසුම් වු මේ කුරිරු ලොවේ
ඇයි ද මා මෙසේ තනි කෙරුවෙ
මා ළය උණු වී හඩා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ
දිවිය පුරා මා ඔබ රකිමි
මනුදම් ගුණදම් කියාදෙමි
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා… අප සිටින තුරා

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි

අදුරු වූ මේ සැහැසු ලොවේ…
ඔබයි මමයි අලෝකය වේ…
ආදරයට ලෝකය හඩනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ…
ගහ කොළ ඇළ දොළ අපේ තමයි
පුංචි පැටවු රැළ අපේ තමයි
මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුණොත් පමණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diwiya Pura Song Lyrics - දිවිය පුරා ගීතයේ පද පෙළ Diwiya Pura Song Lyrics - දිවිය පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2021 Rating: 5

0 comments:

Post a Comment