ඉතිහාසයේ තුන්වන විශාලතම අධිරාජ්‍යයට ඔවුන්ගේ එකම විදේශීය භූමිය විකිණීමට සිදු වූයේ ඇයි? - රුසියාව විසින් ඇලස්කාව, ඇමරිකාවට විකිණීමට හේතු වූ කරුණු (Alaska)

ඉතිහාසයේ තුන්වන විශාලතම අධිරාජ්‍යයට ඔවුන්ගේ එකම විදේශීය භූමිය විකිණීමට සිදු වූයේ ඇයි? - රුසියාව විසින් ඇලස්කාව, ඇමරිකාවට විකිණීමට හේතු වූ කරුණු (Alaska) - Your Choice Way

බොහෝ දෙනා සිතන්නේ ඇලස්කාව යනු අතීතයේ සිටම  ඇමරිකා එක්සත් ජනපදයේ කොටසක් වී තිබූ බවයි. එහෙත් සැබැවින්ම ඇලස්කාව අතීතයේ අයත්ව තිබුණේ ඇමරිකාවේ නූතන ප්‍රතිවාදීන්ගෙන් එක් අයකු වන රුසියාවටයි. එමෙන්ම ඇලස්කා යන නාමය පවා සෑදී ඇත්තේ එහි ජිවත් වන ස්වදේශික ජනතාවගේ රුසියානු අනුවර්තනය කරන ලද වචනයකින් උපුටා ගන්නා ලද්දකිනි.

1867 ඔක්තෝබර් 18 වන දින රුසියානු භූමි ප්‍රදේශයක් වන ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයට ඩොලර් 7,200,000 කට විකුණනු ලැබූ අතර එහි අද වටිනාකම ඩොලර් මිලියන 111 ක් පමණ වේ. නවීන ප්‍රමිතීන්ට අනුව වුවද, මෙම මුදල වර්ග සැතපුම් 586,412 ක භූමි ප්‍රමාණයකට ප්‍රමාණවත්ද යන්න ඔබට සිතෙනු ඇත. විශේෂයෙන් රුසියානු අධිරාජ්‍යය එකල ඉතා බලවත්ව පැවතුණි. එහෙත් රුසියාව ඇලස්කාව විකුණුවේ ඇයි?

රුසියාවට යුද්ධය අමුත්තෙක් නොවේ. වර්ග සැතපුම් 8,600,000 ක උපරිම මට්ටමකට භූමිය ව්‍යාප්ත වීම කිසියම ගැටුමකින් තොරව සිදුවන්නේ නැත. එතරම් විශාල අධිරාජ්‍යයක් සඳහා වුවද යුද්ධයේ පිරිවැය සෑම විටම ඉහළ මට්ටමක පැවති අතර ක්‍රිමියානු යුද්ධයෙන් පසුව (1853–1856) මෙය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඊට අමතරව ඔටෝමාන් අධිරාජ්‍යය සමග සිදු වූ අසාර්ථක යුධ ව්‍යාපාරයෙන් පසු රුසියානු අධිරාජ්‍යය ආර්ථික වශයෙන් දණ ගසා සිටියේය. යුද්ධය රට බංකොලොත් කරන ලදී.

පැරිස් ගිවිසුමේ කොටසක් ලෙස කළු මුහුදේ නාවික ආධිපත්‍යය අහිමි වීම අධිරාජ්‍යයේ විශාලතම වෙළඳ වත්කම් වලින් එකක් විනාශ කර ඔවුන්ගේ ආර්ථික තත්වය තවදුරටත් නරක අතට හැරවීය.  නවීකරණය කිරීමට හා නැවත ගොඩනැඟීමට සාර් පාලනයට මුදල් අවශ්‍ය වූ අතර ඔවුනට එය ඉක්මනින් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස සාර් පාලනය තීරණය කළේ ඇලස්කා භූමිය විකිණිය යුතු බවයි. ඒත් සමගම ඔවුනට තවත් ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු විය. එනම් ඇලස්කාව විකුණන්නේ කාටද?

එහෙත් එම කාලයේ එය මිලදී ගැනීමට හැකියාවක් තිබූ  සැබෑ තරගකරුවන් සිටියේ දෙදෙනෙක් පමණි. එහි පළමු තරඟකරුවා වූයේ එක්සත් රාජධානියයි. 

1867 වන විට එක්සත් රාජධානිය කැනඩාව ඔවුන්ගේ ආධිපත්‍යයක් ලෙස  හිමිකාරීත්වය දරමින් සිටින ලදී. එම නිසා රුසියාව සිතුවේ එක්සත් රාජධානියට ඇලස්කාව විකිණීම මගින් ඔවුනට කරදරයකින් තොරව පහසුවෙන් කැනඩාව සහ ඇලස්කාව ඒකාබද්ධ කොට පාලනය කළ හැකි වනු ඇති බවයි.

එහෙත් මේ සමග ප්‍රධාන ගැටළු දෙකක් පැන නැගුණි. පළමුවෙන්ම රුසියාව සහ එක්සත් රාජධානිය එකල දරුණු ප්‍රතිවාදීන් විය.  ක්‍රිමියානු යුද්ධයට නායකත්වය දෙන අතරතුර, එක්සත් රාජධානිය රුසියානු ව්‍යාප්තිය සීමා කිරීමට උත්සාහ කළ පළමු රටවල් අතරින් එකක් වූ අතර, අවසානයේදී එක්සත් රාජධානිය මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔටෝමාන් අධිරාජ්‍යයට සහාය දෙන ලදී.

දෙවැන්න නම් ඒ වන විට මහා බ්‍රිතානයයට පැසිෆික් සාගරයේ භූමි ප්‍රමාණයක් අවශ්‍ය නොවීමයි. කැනඩාව එහි විශාලත්වය නිසා දැනටමත් පරිපාලනය කිරීමට අපහසු වූ අතර එහි බටහිරින් කැනේඩියානු වෙරළ තීරය පිහිටි නිසා එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැසිෆික් සාගරයට පිවිසීමට මග සලසා දුන්නේය.

ඉන් පසු ඉතිරි වූයේ තවත් එක් විකල්පයක් පමනි. එනම් ඇමරිකාවයි. රුසියාව සහ ඇමරිකාව එකල මිත්‍ර රටවල් වූ අතර, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට එම දෙරටේම තිබූ අන්‍යෝන්‍ය අප්‍රසාදය තුළින් ඒ බැඳීම තවත් ශක්තිමත් විය. එබැවින් ඔවුන් රුසියාවේ මේ භූමිය මිලදී ගැනීම සදහා ඉතා කැමති විය. එහෙත් ඇලස්කාව මිලදී ගැනීමෙන් ඇමරිකාව නැවැත්වූ එකම කුඩා ගැටළුවක් පමණි. එනම් 1867 ට පෙර ඇති වූ ඇමරිකානු සිවිල් යුද්ධයයි.(1861-1865)

නමුත් අවසානයේ රට ස්ථාවර වූ පසු මිලදී ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලදී. රුසියාව මිනින්දෝරුවන් කණ්ඩායමක් ඇලස්කාවට යවන ලද අතර ඔවුන් භූමි ප්‍රමාණය හා ස්වාභාවික සම්පත් සහ වෙනත් වටිනා ද්‍රව්‍ය ගණනය කර ඇලස්කාවට වටිනාකමක් ඉදිරිපත් කරන ලදී. මිනින්දෝරුවන්ගේ වටිනාකම ඩොලර් 10,000,000 ක් වූ නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තර්ක කළේ විකුණා නොදමන ලෙසටය.

නමුත් සාර් පාලනය මිනින්දෝරුවන්ගේ උපදෙස් නොසලකා හරිමින් මෙම ඇගයීම් වාර්තාව ඇමරිකානු රජයට යවන ලදී.  බොහෝ සාකච්ඡා වලින් පසු ඩොලර් 7,200,000 ක මිලකට දෙපාර්ශවයම එකඟ වූ අතර 1867 ඔක්තෝබර් 18 වන දින නිල වශයෙන් ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයේ කොටසක් බවට පත් කරමින් ගනුදෙනුව අවසන් කරන ලදී.

ඇලස්කාවේ වටිනාකම දෙස අප දැන් බැලුවහොත් මෙම ගනුදෙනුව ඇමරිකානු රජයේ විශාල ජයග්‍රහණයක් බව පැහැදිලි වේ.19 වන ශතවර්ෂයේ අග භාගයේදී එහි තිබී විශාල පොසිල ඉන්ධන සංචිතයක් සහ ප්‍රදේශයේ රන් ඉල්ලමක් හමු වීම හේතුවෙන් ඇලස්කාවේ වර්තමානයේ වාර්ෂික දළ රාජ්‍ය නිෂ්පාදිතය ඩොලර් බිලියන 50 ක් පමණ වේ...විශ්මිත ඉතිහාසය
ඉතිහාසයේ තුන්වන විශාලතම අධිරාජ්‍යයට ඔවුන්ගේ එකම විදේශීය භූමිය විකිණීමට සිදු වූයේ ඇයි? - රුසියාව විසින් ඇලස්කාව, ඇමරිකාවට විකිණීමට හේතු වූ කරුණු (Alaska) - Your Choice Way
ඇලස්කාව සඳහා ගෙවීමට භාවිතා කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක චෙක්පත

ඉතිහාසයේ තුන්වන විශාලතම අධිරාජ්‍යයට ඔවුන්ගේ එකම විදේශීය භූමිය විකිණීමට සිදු වූයේ ඇයි? - රුසියාව විසින් ඇලස්කාව, ඇමරිකාවට විකිණීමට හේතු වූ කරුණු (Alaska) - Your Choice Way
රුසියානු-ඇමරිකානු සමාගම් ධජය - 1806
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉතිහාසයේ තුන්වන විශාලතම අධිරාජ්‍යයට ඔවුන්ගේ එකම විදේශීය භූමිය විකිණීමට සිදු වූයේ ඇයි? - රුසියාව විසින් ඇලස්කාව, ඇමරිකාවට විකිණීමට හේතු වූ කරුණු (Alaska) ඉතිහාසයේ තුන්වන විශාලතම අධිරාජ්‍යයට ඔවුන්ගේ එකම විදේශීය භූමිය විකිණීමට සිදු වූයේ ඇයි? - රුසියාව විසින් ඇලස්කාව, ඇමරිකාවට විකිණීමට හේතු වූ කරුණු (Alaska) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2021 Rating: 5

0 comments:

Post a Comment