Sinawakata Wada Obe Song Lyrics - සිනාවකට වඩා ඔබේ ගීතයේ පද පෙළ

Sinawakata Wada Obe Song Lyrics - සිනාවකට වඩා ඔබේ ගීතයේ පද පෙළ
Song Title : Sinawakata Wada Obe (සිනාවකට වඩා ඔබේ)
ගායනය : නෙළු අධිකාරී
පද රචනය : පී. එච්. කේ. රත්නසිරි
සංගීතය : රෝහණ වීරසිංහ


සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..

සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්..
සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්..

මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්..
ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..

සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinawakata Wada Obe Song Lyrics - සිනාවකට වඩා ඔබේ ගීතයේ පද පෙළ Sinawakata Wada Obe Song Lyrics - සිනාවකට වඩා ඔබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment