තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱

තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 - Your Choice Way
අද අපි කතාකරන්න යන්නේ නුවරඑළියේ ගියොත් අපි අමතක නොකර ගිහින් පින්තූරයක් ගන්න තැනක් ගැන...

ඒ නමින් දම්රෝ ටී ලෝන්ජ්...

Hollywood කියලා ගහලා තියෙනවා වගේ ලංකාවේ අපිට ඒවගේ පින්තූරක් ගන්න අවස්ථාව තියෙන්නේ Damro Tea ලග තමා....

ඉස්සර මෙතන ගහලා තිබිලා තියෙන්නේ Macwoods ලෙසයි...

දැන් නම් ඒක DAMRO Tea ලෙස වෙනස් කරලා...

තේ වතු යායක් මැද්දේ සුදු පාට අකුරු  පෙළකින් දැන් DAMRO Tea දිස්වෙනවා..

මේ වතුයායම අද දම්රෝ සමාගමේ දේපලක්..

දම්රෝ ලබුකැලේ තේ කම්හල අද සංචාරකයින්ට විවෘතයි...

අපි මෙහි යනකොටත් චුරු චුරු වැස්ස තිබ්බා... ඒ වෙලාවෙත් තේ දළු නෙළන කාන්තාවන් මොන වැස්ස තිබ්බත් තමන්ගේ වැඩේ කරන හැටි... 

ඒ දිහා බලන් ඉන්න අපිට නම් හරි ආසයි හැබැයි ඒ මිනිස්සු ගෙවන ජීවිතේ නම් කිසිම මිහිරක් නෑ...

DAMRO Tea view point එක ලගට ගියාම හතරවටේ පේන්නේ එකම හරිත යායක් වගේ හරිම මනස්කාන්තයි.  

හෙක්ටයාර් 5,000 කට අධික සශ්‍රීක තේ වගාවක් මේ දම්රෝ තේ යාය සතුයි...

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපලවල පුළුල් ඉල්ලුමට සරිලන සැපයුමක් මෙයින් ලැබෙනවා.. තේ කර්මාන්තශාලා 15ක් යටතේ මේ තේ නිශ්පාදනය සිදුකෙරෙනවා...

වෙනදට නම් අවසර ඇතිව මේ ඇතුලට ගිහින් බලන්න පුලුවන් උනත් තාම මේ කොරෝනා නිසා නුවරඑළියේ ගොඩක් තැන් තාම වහලා...

මෙතනට ඇවිත් පැයගානක් වුණත් බලන් ඉන්න පුලුවන්.. පහළින් දිය ඇල්ලක් හරි අපූරුවට ගලාගෙන යනවා..

සිතේ තියෙන ප්‍රශ්නත් ඒත් එක්කම අමතක වෙලා මොහොතකට හෝ සැනසීමක් ලැබෙන එක නම් අනිවාර්යයෙන් වෙනවා...
තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 - Your Choice Way

තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 - Your Choice Way

තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 - Your Choice Way

තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 - Your Choice Way

තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 - Your Choice Way

තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 තේ යායක් මැද දිදුළන - දම්රෝ ටී (DAMRO Tea) 🌱🍃🌱 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment