ඇගිල්ලේ තරමින් චරිතය කියවීම 👆💍💍👆 (Charithaya)

ඇගිල්ලේ තරමින් චරිතය කියවීම 👆💍💍👆 (Charithaya) - Your Choice Way
 විවාහ චාරිත්‍ර අතර මුදු මාරු කිරිමේ සිරිත මේ දෙදෙනා අතර විවාහ බන්ධනයේ පැවැත්ම වෙනුවෙන් වු සංකේතයක්‌ විදිහට සලකනු ලැබුවා. මුල් කාලයේදී මේ සඳහා කළේ රන් හෝ රිදී කැබැල්ලක්‌ කඩා විවාහ වෙන දෙදෙනා අතර තබා ගැනීමයි. අයර්ලන්ත වැසියන් වටයක්‌ විදිහට සකස්‌ කරන ලද කෙස්‌ කිපයක්‌ පුංචි මංජුසාවක බහා මේ දෙදෙනා අතර තබා ගන්නට දුන්නා. මිසර සාහිත්‍යයට අනුව මුද්දේ කවාකාර හැඩයෙන් අදහස්‌ කරන්නේ මෙය බිඳී නොයන බන්ධනයක්‌ බවයි.

 කාලයත් සමග ඇති වුණ කලාත්මක සංවර්ධනය සමග මුද්ද පිලියෙළ කිරිමේදි වටිනාකමක්‌ ආරෝපණය සඳහා ගල් අල්ලනු ලැබුවා. හිබ්‍රෑ ජාතිකයන් ඉතා විදිහය රත්රන් යොදා මංගල මුදුව සකස්‌ කර ගනු ලැබුවා. යුදෙව් ජාතිකයන්ගේ මංගල මුදුව ඇඟිල්ලට වඩා ප්‍රමාණයෙන් විශාල නිසා එය පළඳින්න බැරි වුණත් සංකේතයක්‌ විදිහට ළඟින් තබා ගත්තා. රන්, රිදී, මැණික්‌ වෙනුවෙන් වත්කම් නැති වුණත් සංකේතයක්‌ විදිහට විවාහය වෙනුවෙන් යමක්‌ අවශ්‍ය නිසා ආර්ථික ශක්‌තිය නොමැති අය පවා දැව හෝ සම්වලින් නිමකරන ලද පටියක්‌ පැළඳ ගත්තා. තවත් අදහසකට අනුව මුදුවෙන් බලාපොරොත්තු වුණේ මනාලිය වෙනත් අයෙකුට අයත් නැතය යන සංකල්පය විද්‍යමාන කිරීම බවයි. මුලදී භාවිතා කරන ලද වළලු වෙනුවට මුද්ද ආදේශ වූ අතර එයින් පෙන්වන්නේ පුරුෂයාගේ සදාකාලික බන්ධනයක්‌ බවට කාන්තාව පත් වුණ බවයි. මංගල මුදුව වෙනුවෙන් වමත තෝරා ගන්නේද යටත්විමේ සංකල්පය මුල් කර ගෙනයි. වමතේ සතරවැනි ඇඟිල්ල මේ වෙනුවෙන් යොදා ගන්නේ හදවත සමග වූ බන්ධනය නිසා බවත් පැරන්නන්ගේ අදහසයි.

 නමුත් විද්‍යාත්මක ලෝකයේදි විවාහය වෙනුවෙන් මුදුව පළඳන්න පෙරාතුව මිම්ම දෙන්නත් අවදානමක්‌ ගොඩ නැගෙන්න පුලුවන් දිනයක්‌ අනාගතයේදි ඇති වෙන්න පුලුවන්. ඇඟිල්ලේ මිම්ම අනුව චරිත ලක්‌ෂණ කියවන්න හැකියාවක්‌ ඇති බවට විද්‍යාඥයන් සඳහන් කරනවා. ඇමරිකාවේ මැක්‌හිල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යනයට අනුව පිරිමින්ගේ අතැඟිලි දිහා බලලා ඔවුන්ගේ චරිත ලක්‌ෂණ කල් තබා හඳුනාගත හැකි බව පෙන්වා දෙනවා. මේ බලපෑම ඇති වෙන්නේ මව්කුස සිටින කාලයේදි ලැබෙන හෝර්මෝන ක්‍රියාකාරිත්වය අනුවයි. පුද්ගලයන්ගේ අතැඟිලි එකිනෙකාට වෙනස්‌ වෙන්නෙත් ඔවුන් මව්කුස සිටින විට කලලය වෙනුවෙන් වු හෝර්මෝන බලපෑම නිසයි.

 පිරිමි අතක වෙදැඟිල්ල දබරැඟිල්ලට වඩා දිග නම් ඒ තැනැත්තාට කාන්තා ආකර්ශනය නොඅඩුව ලැබෙනවා. කාන්තාවන් තුළත් එවන් පිරිමින්ගේ ගතිගුණ ගැන ප්‍රියතාවය ඉහළයි. මේ පිරිමින් තමන්ගේ බිරිඳට වගේම දරුවන්ටත් බොහොම ආරක්‌ෂාව, ආදරය දෙන පුද්ගලයන්. පුංචි පවුල රත්තරන් යන සංකල්පය වෙනුවට ඔවුන් හිතන්නේ දරුවෝ සම්පතක්‌ විදිහටයි. මේ නිසා දරුවෝ බරක්‌ විදිහට නොසිතා සංඛ්‍යාවෙන් වැඩි විම ගැන ඔවුන් හිතන්නේ නැහැ. ඒ වගේම දබරැඟිල්ල සහ වෙදැඟිල්ල අතර වෙනසත් පිරිමින්ගේ ගති ලක්‌ෂණ පෙන්නුම් කිරීමට හේතු වෙන බව මෙම අධ්‍යනයේදී පෙනි ගියා. මෙම පරාසය දශමය ඉක්‌මවා ඇත්තේනම් එවන් පිරිමි අනුන්ට ඇහුම්කන් දීමට අසතුටු විනෝදකාමි නොවන පිරිසක්‌. ඔවුන් වෙනත් අය ඇගයීමට කැමැති නැහැ.

 දබරැඟිල්ල සහ වෙදැඟිල්aල අතර අනුපාතය 1.2 ට අඩු නම් එම පිරිමි ඉවසිමෙන් කටයුතු කරන බිරිඳ සමග සමගියෙන් වාසය කිරිමට කැමැත්තක්‌ දක්‌වනවා. මේ අය බොහොම ඉවසිමෙන් කටයුතු කරනවා. මෙම අධ්‍යයනය වෙනුවෙන් පිරිමි 155 දෙනෙක්‌ සම්බන්ධ කර ගත්තා. ඇඟිලි දිග සහ අනුපාතය විතරක්‌ නොව මේ පිරිමි චරිතයන්ගේ ගති පැවතුම් ඔවුන් ඉතා සුක්‌ෂ්ම අන්දමින් අධ්‍යයවනය කරනු ලැබුවා. මෙම අධ්‍යයනයේ ප්‍රධානී මහාචාර්ය සීමන් යංග් සඳහන් කරන්නේ මෙම අධ්‍යයනය මානවවේදය සම්බන්ධ කර ගෙන සිදු කරන ලද අධ්‍යයනයන් අතර ඉතිහාසගත වෙන බවයි.

මෙම අධ්‍යයනය වෙනුවෙන් ලැබුණ ප්‍රතිචාර මොන තරම් ඉහළද කිව්වොත් කැනඩා රජයේ මානවවේදී සහ සමාජීය විද්‍යා කවුන්සලය පර්යේෂණය වෙනුවෙන් වූ බරපැන දරන්නත් සුදානමින් සිටිනවා.

සටහන අයිතිය ® රොෂාන්✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇගිල්ලේ තරමින් චරිතය කියවීම 👆💍💍👆 (Charithaya) ඇගිල්ලේ තරමින් චරිතය කියවීම 👆💍💍👆 (Charithaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2021 Rating: 5

0 comments:

Post a Comment