තරුවක් හැඩයට නිර්මාණය වූ - තාරකා කොටුව ⭐️🌟🏰 (Star fort-Matara)

තරුවක් හැඩයට නිර්මාණය වූ - තාරකා කොටුව ⭐️🌟🏰 (Star fort-Matara) - Your Choice Way
අද අපි කතා කරන්නේ දකුණු පුරයේ තිබෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් ගැන ඒ නමින් තාරකා කොටුව...

මෙය කොන් හයක් ඇති තරුවක හැඩයෙන් ඉදිකොට ඇති නිසා මීට තාරකා කොටුව යයි හදුන්වා තිබෙනවා...

ලන්දේසින් විසින් මෙය හැඳින්වූයේ “ර’ ඩූට් ෆන් එක්” (Redoute Van Eck) යන නමිනි.

එය හය කොන් තාරුකාවක හැඩයෙන් යුත් නිසා කොටුවේ පැති දොළහක් තියෙනවා..

මේක හැදෙන්න පසුබිම් වු කතාව මෙහෙමයි..

මාතර කොටුව ක්‍රි.ව. 1761 දී කැරැල්‍‍ලෙන් පසුව,

සිංහලයන්ට අයත් වූ  පසු 1762 දී නැවත ලන්දේසීන් කොටු‍වේ බලය තහවුරු කරගත්තත් ඔවුන්ට ආරක්ෂාව ගැන බියක් ඇති වුණා...

ඒ නිසයි  1763 දී මාතර ‍කොටුවට අමතර ආරක්ෂාවක් ලබාදීමට එම කොටුවට පිටින් තාරකාවක ස්වරූප‍යෙන් යුතු තාරකා කොටුව නිර්මාණය කරලා තියෙනවා...

වර්ෂ 1763 දී ඉදිකිරීම් ආරම්භ කළ තාරකා කොටුව ක්‍රි.ව. 1765 දී තමා නිම කරලා තියෙන්නේ..

මෙම බලකොටුව ඉදිකිරිමේ කටයුතු භාරව සිට ඇත්තේ එකල ඕලන්ද පෙදෙස්වල ප්‍රාදේශීය පාලකයෙක් වූ ඔරුකෙම මුහන්දිරම් විසින්. 

රිඩවුට් වෑන් ආණ්ඩුකාරවරයා යට‍තේ තමයි මෙය ඉදිකෙරුණේ. 

කුඩා ලන්දේසි භට කණ්ඩායම් නවතා තැබීමට තාරකා ‍කොටුව භාවිත කළත් එතරම් කලක් එය භාවිත කිරීමට ලන්දේසීන්ට ඉඩ නොලැබුණේ නෑ..

මොකද ඉංග්‍රීසින් 1796 දී මුහුදුබඩ පළාත් යටත් කරගත්තා නේ..

කොටුව ව‍ටේට දිය අගලක් ඉදිකර ඇති අතර ඉන් එතෙරවීමට ඉවත් කළ හැකි පාලමක් ද තිබෙනවා. 

මෙම දිය අගලේ ඉස්සර කිඹුලන් සිටියා කියලයි කියන්නේ..

කොටුව මධ්‍යයේ ළිඳක් ද පිහිටා තිබෙනවා.. 

ඒ වගේම මේ තාරකා බලකොටුවේ  අද  ප්‍රාදේශීය පුරාවිද්‍යා කෞතුකාගාරය පිහිටා තිබෙනවා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තරුවක් හැඩයට නිර්මාණය වූ - තාරකා කොටුව ⭐️🌟🏰 (Star fort-Matara) තරුවක් හැඩයට නිර්මාණය වූ - තාරකා කොටුව ⭐️🌟🏰 (Star fort-Matara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment