නිවසේදීම ඉතා පහසුවෙන්ම සාදාගැනීමට හැකි ඉන්දියානු ආහාරයකි.සැර නැති එහෙත් ඉතාමත් රසවත් ආහාරයකි.ඔබ කැමැති ද ඉන්දියානු ආහාරයක් පිසීමට.එන්න අපහා එක් වන්න.
අවශ්‍ය ද්‍රවය:
- බටර් තේ හැදි 3
- බි ළුණු ගෙඩි 2 (ඉතා සිහින්ව කපාගත්)
- මුදවපු කිරි මේසහැදි 6
- අඹ චට්නි තේ හැදි 2
- සුදුළුණු බික් 4 (තලාගත්)
- කහකුඩු තේ හැදි 2
- මිරිස්කුඩු තේ හැදි 1
- තුනපහ තේ හැදි 2
- ලුණු කුඩු තේ හැදි 1
- කුකුල් මස් කලව ( Breast) 4
- කජු (Blander කරගත් ) කෝප්ප 1/3
සාදාගන්නා ආකාරය:
- පළමුව බදුනක් ගෙන රත් වෙන්න තබා බටර් එකතු කරාගන්න.
- රත් වූ පසු සුදුළුණු,ළුණු එකතු කර රන්වන් පැහැය වනතෙක් තබා කහකුඩු,තුනපහ කුඩු,මිරිස්කුඩු,අඹ චට්නි දා කවලම් කරාගන්න.
- ඊට පසුව කපාගත් කුකුල් මස් එකතු කර හොදින් කවලම් කරන්න.
- මුදවපු කිරි,ලුණු කුඩු එකතු කරගන්න.
- කුකුල් මස් භාගෙට ඉදුන පසු කජු තලපය දා කවලම් කරාගන්න.
- තව මද වේලාවක් තබා බදුන ඉවතට ගන්න.
වදගත් කරුණු:
- කජු මදවේලාවක් වතුරේ පොගාගන්න.ඉන් පසු අභරා හෝ blander කරගන්න.
- කටු ඉවත් කරගත් කුකුල් මස් පොඩ් කොටුවලට කපාගන්න.
- අඹ චට්නි blander කරල ගන්න.
![චිකන් කුරුමා හදන විදිහ (How To Make Chicken Curuma[Kuruma]) - Your Choice Way චිකන් කුරුමා හදන විදිහ (How To Make Chicken Curuma[Kuruma]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0YyEhsQjZ_FVBg8tGbF7G0x-Rcft4e1wCpKvNjfHXsDnpGIMRLzSg07ctd_gSLYleW9YiGdKaYXn9czlZnD8fH0FjPA805Tfs3wF6FJcWIZwJyzfowx45QushSJagKq7tCCzp4dTnu-I/w534-h640/%25E0%25B6%25A0%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258F+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B1+%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B7%2584+%2528How+To+Make+Chicken+Curuma%255BKuruma%255D%2529+-+Your+Choice+Way.png)
![චිකන් කුරුමා හදන විදිහ (How To Make Chicken Curuma[Kuruma]) - Your Choice Way චිකන් කුරුමා හදන විදිහ (How To Make Chicken Curuma[Kuruma]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7ZPYjIzNwzlCQjl46cFUKkdxq3Y90MnZ_GtZ3zumcfm-A2iHsmgY4FzlNzmWAcZyc4XgOb7Fmoj_1xmjhXPk5lApp47pK9cNcMdKG1mcdNzjZTJ9tP-JRkLBYdvl-ICjbCYZuIXVq61Q/w534-h640/%25E0%25B6%25A0%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258F+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B1+%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B7%2584+%2528How+To+Make+Chicken+Curuma%255BKuruma%255D%2529+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment