කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️)

කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️)
මේ පූජනීය වෙසක් පොහෝ දින අපි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ කැලණිය රජමහා විහාරයෙන් එගොඩ පිගිටි එතරම් ප්‍රසිද්ධියක් නොමැති එගොඩ කැලණිය පූජනීය ස්ථානය ගැනයි..

ඓතිහාසික කැලණිය රාජ මහා විහාරය ආසන්නයේම පිහිටලා තිබෙන මේ පුදබිම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එගොඩ කැලණිය කියන නමින්. කලින් දක්වපු විදිහට මේ පූජනීය ස්ථානය එතරම් ප්‍රසිද්ධ නොවන්නට එක් හේතුවක් වුණේ කැලණි ගඟෙන් එගොඩ පිහිටා තිබීමයි.

මෙය කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය ලෙසද හදුන්වනු ලැබේ.මුල්කාලීනව පාලම් පාරුවක් භාවිතයෙන් එගොඩ මෙගොඩ යාම සිදුවුණා. කොහොම නමුත් වර්තමානය වෙද්දී එගොඩ කැලණියට යාමට පාලමක් ඉදිකර තිබුණත් මේ පූජනීය ස්ථානයට එතරම් වන්දනාකරුවන්ගේ පැමිණීමක් දැකගන්න නැහැ.

කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරයට එන ගමන් මග දැක්වුවොත් කොළඹ - නුවර මාර්ගයේ 4 කණුව මංසන්ධියෙන් බියගම දෙසට ඇති මාර්ගයේ පැමිණීමෙන් මේ පුදබිමට පැමිණෙන්න පුළුවන්.

මේ විහාරය මූලාරම්භය ගැන කතා කළොත් බුද්ධ කාලය දක්වා දිව යනවා. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණිඅක්ඛික නා රජතුමාගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ දහවල් දානය වැළදීමට පෙර කැලණි නදියේ ස්නානය කළ බවත් එහිදී උන් වහන්සේ භාවිතා කළ නානකඩය එහෙමත් නැත්නම් ජලසාටිකාව තැන්පත් කරලා මණිඅක්ඛික නා රජු කිත්සිරිමෙවන් කැලණි විහාර දාගැබ ඉදිකරවූ බව තමයි කියවෙන්නේ.

බුදුන් වහන්සේ පරිභෝග කළ වස්තුවක් තැන්පත් කරලා ඉදිකරපු මේ දාගැබ බුදුන් වහන්සේ පරිහරණය කරපු ජලසාටිකාවක් තැන්පත් කරලා ඉදිකරවපු ලොව එකම දාගැබ විදිහටත් හඳුන්වන්න පුළුවන්.

පසුකාලීනව ක්‍රි.ව. 304 - 328 කාලයේ කිත්සිරිමෙවන් රජ දවස ඒ කියන්නේ මහසෙන් රජතුමාගේ පුත්‍රයාගේ රාජ්‍ය කාලය තුළ මේ දාගැබ තවත් විශාල කරවලා විහාරාරාම සංකීර්ණයක් ඉදිකෙරුණු බව කියවෙනවා. ඒ නිසාම මේ විහාරයට කිත්සිරිමෙවන් කැලණි විහාරය යන නාමය යෙදුණු බවයි විශ්වාස කෙරෙන්නේ.

එසේම දාගැබේ මලසුන්ගෙයක තබා වන්දනා කරන සිරිපතුලක්ද දැක ගත හැක. බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොකෙරුණු මුල්කාලීනව බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට සිරි පතුල, බෝධිය, වජ්‍රාසනය වැනි දෑ භාවිතා වුණු අතර මේ සිරි පතුලද එවැන්නකි.

කැලණිය වන්දනා කරන්න යන ඔබ මෙහි යන්න අමතක කරන්න එපා..

Egoda Kelaniya

Egoda Kelaniya Temple Located close to the historic Kelaniya Raja Maha Viharaya, this sacred place is popularly known as Egoda Kelaniya. One of the reasons why this shrine was not so famous was because it was located across the Kelani River.

It is also known as Kithsirimevan Kelani Raja Maha Viharaya.

Early crossings were made using a bridge ferry. However, even though a bridge has been built to reach Kelaniya at the present day, there are no pilgrims visiting this sacred place.
කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) - Your Choice Way

කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) - Your Choice Way

කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) - Your Choice Way

කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) - Your Choice Way

කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) - Your Choice Way

කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) - Your Choice Way

කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) කැලණියෙන් එහා - එගොඩ කැලණි රජමහා විහාරය (Egoda Kelaniya ☸️) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2020 Rating: 5

0 comments:

Post a Comment