පර්වතයේ නෙලන රුව - බුදුරුවගල ☸️🔅(Buduruwagala)

පර්වතයේ නෙලන රුව - බුදුරුවගල ☸️🔅(Buduruwagala)
මේ වෙසක් සමයේ අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ තවත් සුවිශේෂි ස්ථානයක් ගැනයි..නමින් ඒ බුදුරුවගලයි.

මෙහිදි විශාල පර්වතය අපූරුවට නෙලන ලද පිළිම අපට දැකගන්න පුලිවන්.මෙම තැන හැරි සුවිශේෂි මොකද විශාල පර්වතයත් පිහිටලා තියෙන්නේ ඇතෙකුගේ ශරීරයේ හැඩයටයි. පිට ප්‍රදේශය, හිස, හොඬවැල ආශ්‍රිත ප්‍රදේශයත් එතනදී හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. 

බුදුරුවගල කියන්නේ ඉස්සර නම් ජනාවාස නැති කැලේ මැද්දේ තනි වුණ අපේ උරුමයක්. ඒත් දැන් ටිකක් ආසන්නය‍ට ජනාවාස ඇති වුනත් බුදුරුවල තාමත් කැලේ මැද්දේ තනි වෙලා. මේ අවට තියෙන නටඹුන් පවා තාම හරිආකාරව පුරාවිද්‍යා අධ්‍යයනයන්ද ලක් වෙලා නැහැ. 

වැඩි සංචාරක ආකර්ශනයකුත් නැති වුණාට අපි යන්න ඔනේ වටිනම තැනක් තමා මේ.තලේබාන්වරුන් විසින් විනාසකරපු ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වලට පස්සේ ඉතිරිව තියෙන ඒවාගෙන් විශාලතම ශෛලමය ප්‍රතිමා වන්නේ බුදුරුවල හැටියටයි සැලකෙන්නේ. ඒ නිසාම මෙය බලන්න වටිනම අඩවියක්.

මේ පර්වතය මැද තියෙන්නේ බුදුරුවගල බුදු පිළිමයයි. එහෙම කියන්නට හේතුව අනෙක් පිළිම එකක් වත් බුදුපිළිම නොවන නිසයි.ලංකාවේ ථේරවාදය මුල්තැන ගෙන තිබුනත් මෙම බුදුපිළිම මහායානිකයන් විසින් වන්දනාමාන කිරීම සඳහා නිමැවූ බවයි පිළිගැනෙන්නේ. ඒ අතර උසින් මීටර් 13 වෙන මෙම පිළිමය දීපංකර බුදුන්ගේ බවයි පිළිගැනීම.

මේ බුදුපිළිමයත් එක්කම වම් පැත්තෙන් ගල් කුහරයක් තියෙනවා. කලකට කලින් මේ කුහරයෙන් තෙල් බේරුණු බවත් ඒ තෙල් හිස ගෑමෙන් ලෙඩදුක් නැතිවෙනබවටත් පිළිගැනීමක් තිබුනාලු. අදටත් තෙල් සාරය ගල් කුහරය ඇතුලේ තිබුනත් ‍අතේ ගෑවෙන්න තරම්ම එය පුමාණවත් නෑ. 

බුදුරුවගල පන්සලත් යාබදව පිහිටලා තියෙනවා..අපේ ඉතිහාසය ගවේශනය කරන්න නම් යන්න ඔනේ තැනක් තමා මෙය..

ගමන් විස්තරය මෙහෙමයි.බදුල්ල බණ්ඩාරවෙල ඉඳන්  එනවා නං වැල්ලවාය නගරය පහුකරලා කිලෝමීටර 5ක් විතර එනකොට, එහෙම නැත්තං කතරගම, තිස්ස, හම්බන්තොට වගේ පැතිවල ඉඳලා එනවා නම් වැල්ලවායට කිලෝමීටර් 5ක් මෙපිටින් බුදුරුවගල මංසංදිය හමුවෙනවා. අඳුරගන්න හරිම ලේසියි.

Buduruwagala

Buduruwagala is an ancient buddhist temple in Sri Lanka. The complex consists of seven statues and belongs to the Mahayana school of thought. The statues date back to the 10th century. The gigantic Buddha statue still bears traces of its original stuccoed robe and a long streak of orange suggests it was once brightly painted. The central of the three figures to the Buddha's right is thought to be the Buddhist mythological figure-the Bodhisattva Avalokitesvara. To the left of this white painted figure is a female figure in the thrice-bent posture, which is thought to be his consort-Tara
අපගේ android app එක 👉 

මෙහි ඇතැම් පින්තූර අන්තර්ජාලය ඇසුරිනි.
පර්වතයේ නෙලන රුව - බුදුරුවගල ☸️🔅(Buduruwagala) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පර්වතයේ නෙලන රුව - බුදුරුවගල ☸️🔅(Buduruwagala) පර්වතයේ නෙලන රුව - බුදුරුවගල ☸️🔅(Buduruwagala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2020 Rating: 5

0 comments:

Post a Comment