Api Wenwana Tharamata Song Lyrics - අපි වෙන්වෙන තරමට ගීතයේ පද පෙළ

Api Wenwana Tharamata Song Lyrics - අපි වෙන්වෙන තරමට ගීතයේ පද පෙළ
Song Title : Api Wenwana Tharamata (අපි වෙන්වෙන තරමට)
Singing : Chamika Sirimanna (චාමික සිරිමාන්න මහත්මා)

අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ

හිතන්න බෑ හිත කීරි ගැහෙනවා
ඔය සුදු මූණ මතක් වී
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුළුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ

අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ

සුන්දර සිනාව හුරතල් හිනාව
දකින්න ආසයි අඳුරේ
දැවටුණ හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිතිකැවි යහනේ
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙරසේ
ආදරෙ කියන්න තව එක සැරයක්
වෙන්වී යන්නට මත්තෙන්

අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Wenwana Tharamata Song Lyrics - අපි වෙන්වෙන තරමට ගීතයේ පද පෙළ Api Wenwana Tharamata Song Lyrics - අපි වෙන්වෙන තරමට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2020 Rating: 5

0 comments:

Post a Comment