වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)
අද අපි කතාකරන්න යන්නේ ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන දොරවක ගමේ පිහිටි සුවිශේෂි ලෙනක් ගැන.ඒ නමින් දොරවක ලෙනයි.

මුලින්ම මේ ගමට දොරවක කියන නම ලැබුණ විදිය ගැන කියන්නම්.

ඒ කතාවත් හරි අපූරුයි කෝට්ටේ රාජධානිය සමයේ දී ප්‍රදේශයෙන් රජයට ලැබිය යුතු ආදායම් බදු එකතු කිරීමට පැමිණි රාජ නිලධාරියෙකු හට රාත්‍රී කාලය මෙම ගම්පියස තුළ ගත කිරීමට සිදු වී තිබෙනවා.. 

ඔහුට නිදා ගැනීමට දොර ලෑල්ලක් දී ඇති අතර, එහි වක ගසාගෙන නිදාගෙන තිබෙනවා.. 

එසේ නිදා ගත් හෙයින් එම ග්‍රාමය ‘දොරවක’ නමින් පසුකාලයේ ව්‍යවහාරය වු බව ජනප්‍රවාදයේ පැවත එනවා...

අපි අද කතා කරන ලෙන, දොරවක ග්‍රාමයේ දකුණු ඉහළ කඳුවැටියෙහි ඉහළ තමා පිහිටා ඇත්තේ...

දොරවක ලෙන අඩි 50ක් උසැති දැවැන්ත ගල් පර්වතයකට තවත් ගල් පර්වතයක් හේත්තු වීමෙන් නිර්මාණය වී තිබෙනවා..

අඩි 65ක් දිග අඩි 16ක් පළල දෙපස විවරයක් ද සහිතයි.මේ ලෙනට ඇතුබැඳි ලෙන කියලත් කියනවා.එහෙන කියන්නත් ජනප්‍රවාදයක් තියෙනවා..

ඒ තමා ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ සේනා සංවිධානය කිරීම සඳහා සැඟව සිටි වළගම්බා රජුගේ මංගල හස්තිරාජයා මෙම ලෙනෙහි බැඳ තිබුණු නිසා මෙය ඇතු බැඳි ලෙන නමින් ප්‍රසිද්ධ වුණා කියලයි...

ඒ වගේ රජු මෙතැන සිට සේනා සංවිධානය කරමින් ආයුධ නිපද වූ බවට මේ අවට තිබෙන යබොර පාෂාණ සාක්ෂි දරනවා.

දොරවක ගල්ලෙන ඈත අතීතයේ සිට වාස භුමියක්ව මෙන්ම ආරක්ෂිත ස්ථානයක් ලෙස ද පැවතිලා තියෙනවා..

ලෙනෙහි ඉහලින් ඇති චිත්‍ර ආදි මානව යුගයට අයත් යැයි සැලකෙනවා... දොරවක ලෙන කැණීමෙන් ලැබී ඇති සාධක පූර්ව ඓතිහාසික මෙගලිතික සංස්කෘතියට අයත් යැයි සැලකෙනවා... 

කැණීමෙන් හමු වු මැටි බඳුන් ක්‍රි:පු: 800-1000 අතර කාලයට අයත් බව කාලනිර්ණය කර තිබෙනවා.. 

ගල් ලෙනෙහි වාසය කරන ලද මිනිසුන්ගේ ආහාර රටාව පිළිබද අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ආහාර පීසිම සඳහා ඔවුන් වළං භාවිත කොට ඇති බවත් ඔවුන් ස්ථිර වාසස්ථාන සහිතව සිටි බවත් තහවුරු වෙනවා.
"පසස් තදා තද නෙමි තුන් දියටෙ කය
සවන නුවන් පුද කළ, හිමි දුන් ද කය
නැමද තොසින් වන පින්සල නෙව සැකය
බලන වෙහෙර සැදි සිරිසර දොරවකය"
මෙලෙස තිසර සංදේශයේද දොරවක ගැන සදහන් වෙනවා..

මේ ලෙන බලන්න ‍යන ගමන නම් දුෂ්කරයි.රබර් වත්තක් මැදින් වැටිල තියෙන පුංචි අඩිපාරක තමා යන්න ඕනේ.. ඒ පාර ටිකක් විතර ලිස්සනවා. ඒ නිසා පරිස්සමෙන් තමයි යන්න ඕන..

හැබැයි වැදගත්ම දේ මේ තැන් බලන්න ගියාට කමක් නෑ මෙහි තියෙන අතීත සටහන් විනාශ නොකර එන්න වගබලා ගන්න...

වරකාපොල නගරයෙන් දකුණු පසට ඇති අඟුරුවැල්ල මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ යනවිට තමා දොරවක ගම හමුවෙන්නේ...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)

වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena)
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena) වලගම්බා ‍රජුගේ ඇතුබැඳි - දොරවක ලෙන 🙏🌱🍃🗿 (Doravaka Lena) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2020 Rating: 5

0 comments:

Post a Comment