දළදා මාළිගයේ යුව රජූ - සිංහ රාජා 🐘❤️ (Sinha Raja ❤️🐘)

ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වුණත් මට හිතුනා අපේ සිංහ රාජා හස්ථියා ගැන කියන්නම ඕනේ කියලා.ඇසළ පෙරහර මංගල්‍යයේ භාරධූර වගකීම් ඉටුකල හස්ථියෙක් තමා මේ සිංහ රාජා.

මාලිගාවේ ඇත් පන්තියේ පෙරහර කරඩුව වඩම්මන වගකීම හරි අපූරුව ඉටු කරන හස්ථියෙක් තමා සිංහ රාජා කියන්නේ.මේ ඇතාව මාළිගාවට ලැබුනේ මෙහෙමයි.

යුධ අවධානම පැවති කාලෙක වව්නියාව කොච්චිකුලම් ප්‍රදේශයේ මුර සංචාරයක යෙදෙමින් සිටි යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ භට පිරිසකට අලි පැටියෙකුගේ කෑගැහිල්ලක් ඇහිලා තියෙනවා.

භට පිරිස සොයා බලද්දී වගා ලිදකට වැටී අතරමන් ව සිටි කුඩා අලි පැටියෙක් දැක ගන්න ලැබෙනවා.

ඉතින් මහත් පරිශ්‍රමයකින් මේ පැටියව ගොඩට අරන් ප්‍රතිකාර කරන්න යවලා තියෙනවා.ඉන් අනතුරුව මෙම ඇත් පැටියා මහනුවර යුදහමුදා මුලස්ථානයට ගෙනවිත් බාර දීලා තියෙනවා.

මේ ඇත් පැටවා හමුවෙනකොට වයස අවුරුදු දෙකහාමාරක් පමණ ඇති.මේ හස්ථියා ‍යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ භටයින් විසින් තමා සිංහ රාජා කියන නම දාලත් තියෙන්නේ.

මහනුවර හමුදා මූලස්ථානයේ හැදී වැඩුන ඇත් පැටවා දිගින් දිගටම මූලස්ථානයේ නීතිමයවශයෙන් තියාගැනීම ගැටලුවක් වුණා.1995දී මේ හස්ථියාව ශ්‍රී දළදා මාළිගාවට භාර දී තිබෙනවා.

2012 වසරේදී මේ සිංහ රාජා හස්ථියාට දළදා කරඩුව වඩම්මන්න භාග්‍ය ලැබුණා.අවුරුදු 33ක් පමණ වයසැති මේ ඇත් රජූ දළදා කරඩුව වඩම්මන්න ඉතා කීකරු හස්ථියෙක් ලෙස හදුන්වනවා.

පසුගිය ඇසල පෙරහර මංගල්‍යයයේ දින කිහිපයේම මේ ඇත් රජූ පෙරහරේ ප්‍රමුඛයා වුණා.ආයෙත් ලබන වසරෙත් මේ වගකීම ඉටු කිරීමට සිංහ රජාට පිහිට ආශිර්වාද ලැබේවා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏







උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දළදා මාළිගයේ යුව රජූ - සිංහ රාජා 🐘❤️ (Sinha Raja ❤️🐘) දළදා මාළිගයේ යුව රජූ - සිංහ රාජා 🐘❤️ (Sinha Raja ❤️🐘) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2020 Rating: 5

0 comments:

Post a Comment