ත්‍රිකුණාමලයේ - රාවණා කැපුම 🗻🌊🗻⚔️ (Ravana Cut)

අද අපේ කතාව ත්‍රිකුණාමලයේ යන ඔබට බලන්න යන්න තවත් වටිනා තැනක් ගැනයි.එය නමින් රාවණා කැපුම.

මොකක්ද මේ රාවණා කැපුම කියන්නේ.මුලින්ම මම මෙහි පුරාණ ඉතිහාස කතාව කියන්නම්. එවිට මේ තැන දෑසින්ම බලන්න ඔබට කුතුහලයක් එයී.

රාවණ රජුගේ මැණියන් සිවලිංග පූජාව දිනපතාම කරලා තියෙනවා.එක් අවස්ථාවක සිවලිංග පූජාවට අවහිරයක් ඇතිවීම හේතුවෙන් මව දුකට පත්වෙලා තියෙනවා.

මවගේ දුක නැති කිරීමට සිතු රාවණ රජු"දෙවිසම තෛලාසම්" ලෙස පවසනු ලබන තිරුකෝනේෂ්වර දේවාලයෙහි සිවලිංගයක් ලැබීමට දෙවියන්ට පුද පූජා කරලා තියෙනවා.. 

නමුත් දෙවියන් විද්‍යාමාන නොවීම හේතුවෙන් කෝප වූ රාවණයන් එතැනින් දේවාලය බැහැර කිරීම සදහා තම උරහිසෙන් කන්ද සොලවලා තියෙනවා.. නමුත් කන්ද පොඩ්ඩක්වත් සෙලවිලා නෑ.. 

ඒ නිසා තමාගේ කඩුවෙන් වැරෙන් කන්ද කපලා තියෙනවා. එම ක්‍රියාව හේතුවෙන් දෙවියන්ගේ දඩුවමට භාජනය වූ සිව භක්තිකයෙක් වූ රාවණයන්, තමාගේ සිරස දහයකින් එක් හිසක්, මස් නහරයක්,අතක්,අතැගිලි ගෙන වීණාවක් සකස් කර "සාමවේද" ගාණය ගායනා කරලා තියෙනවා.

එමගින් තමාගේ වැරැද්දට සමාව දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීය.. ඔහුගේ භක්ති ගායනයෙන් සතුටට පත් වූ කෝනේෂ්වර දෙවියන් ඔහු බලාපොරොත්තුවක් වූ ආකාරයටම සිවලිංගයක් ලබාදුන්හ.

මහරජු රාවණයන් ලංකාව රජුකළ සමය අදටත් රාවණ යුගය බවට ඉතිහාසය පවසනු ඇත.ඒ අනුව කෝනේෂ්වර කන්ද කඩුවෙන් කැපූ ස්ථානය අදටත් "රාවණ කැපුම" ලෙස ප්‍රකාශ කරයී.

ඔන්න ඕකයී මෙහි ඉතිහාස කතාව.කෝනේෂ්වරම් යන ඔයාලත් ඒ අසලම තියෙන රාවණා කැපුම බලන්න අමතක කරන්න එපා..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Ravana Cut
Mother of Ravana performed Sivalinga Pooja on a daily basis. One day, she was worried as she could not get a Sivalingam to perform her Pooja. In order to make his mother happy, Ravana came to Thirukoneswaram which was known as "Thedchana Kailasam" and prayed that he be bestowed with a Sivalingam. Since there was no immediate responses from Lord Koneswara, ravana gor frustered and attempted to lift the mountain. As he could not move the mountaion, he tried to cut it with his sword. He was punished by the Lord for his wrongdoing.

Ravana an ardent devotee of Lord Koneshwara, made an improvised veena instrument with one of his ten heads, muscles & hands, and sang "Sama Vetha" hymns and appealed for Lord pardon. Lord Koneswara was very much pleased with his devotion, pardoned him and offered Sivalingam.

Era of great Lanka King Ravana was beleived to be during the "Ramayana" period, Before Christ. The "Konesar" rock that was cut by Ravana is still popularly known as "RAVANA CUT"










උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ත්‍රිකුණාමලයේ - රාවණා කැපුම 🗻🌊🗻⚔️ (Ravana Cut) ත්‍රිකුණාමලයේ - රාවණා කැපුම 🗻🌊🗻⚔️ (Ravana Cut) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2020 Rating: 5

0 comments:

Post a Comment