පැය 6ක් පමණ ඉරපායන සැගවුණ ගම්මානය - කොහොනාවල ගම🌿☘️🌾 (Kohonawala Village)

පැය 6ක් පමණ ඉරපායන සැගවුණ ගම්මානය - කොහොනාවල ගම🌿☘️🌾 (Kohonawala Village) - Your Choice Way
අද අපි කියන්න යන්නේ ලංකාවේ තියෙනන තවත් සුවිශේෂි තැනක් ගැන.

මේ කතාව මම මීට පෙරත් කියලා තියෙනවා. එයට තව වැඩි යමක් එකතු කරන්නයි මේ කියන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර මඩොල්සිම කඳු වළල්ලෙන් එපිටට වන්නට තම කොහොනාවල ගම පිහිටලා තිබෙන්නේ. 

උදේ 9 ත් සවස 3 අතර පෑ 6ක පමණ කාලයක පමණක් හිරු එලිය ගෙනෙන තරමට කඳුවලින් වටව පවතින නිසා මේ ගම හරි සුවිශේෂි.

මීට හේතුව මේ ගම්මානය කඳුවලල්ලකින් වටව අඩි 4500ක් පමණ බෑවුමක පිහිටා තිබීමයි.

ජනප්‍රවාද කිහිපයක් ඔස්සේ දිවයන කොහොලානේ ඉතිහාසය වලගම්බා රජු දවස දක්වා අතීතයක් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

රජුගේ අමාත්‍යවරයෙකු වන කෝණාර යුද්ධයෙන් පැරදී පැමිණ මෙම ගම්මානයේ සිට ඇති අතර ඔහුගෙන් පැවත එන පිරිස රන්පත් මුදියන්සේලාගේ යන පෙලපත් නාමයෙන් හදුන්වයි.

මේ ගම්මානය පිළිබඳ ඉතිහාසය බොහෝ රසවත් ය.1818 කැරැල්ලේදී සටනට සහය පළකළ රණකාමීන් වූ රන්පත්මුදියන්සේ පරම්පරාව ඒ අනුව මෙම ගම්මානයේ සැඟවී තිබෙනවා.

එදා සිට කොහොනාවල ජනාවාසයක් වූ අතර ඒ කතාන්දරය සනාථ කරමින් අදටද මේ ගම්මානයේ ජීවත්වන්නේ රන්පත්මුදියන්සේ පරපුර පමණකි.

මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. 

අයස්කාන්ත කඳු වලල්ලකින් වටවූ මේ හුදෙකලා ගම්මානය ගැන දන්නෝ අතළොස්සකි.

උදාහරණයක් කිවහොත් බදුල්ල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයන් පවා මේ හුදෙකලා කුඩා ගම්මානය ගැන දන්නේ නැත.

ගමේ ජීවත් වෙන පවුල් 45 ම ජීවනෝපාය ලෙස කරන්නේ අර්ධ ගොවිතැන් සහ භෝග වගාවයි.

බදුල්ලේ සිට උරුවිතැන්න පසුකර කහටරුප්ප මාර්ගයෙනුත්, අනෙක් පසින් ලොග්ගල් ඔය දුර්ගය පසු කරමිනුත් කොහොනාවල වෙත ලඟා විය හැකියි. 

අනෙක් අතට ගමේ සියලුම දෙනා රන්පත් මුදියන්සේ යන පෙළපත් නාමයෙන් හඳුන්වන එකම පවුලක නෑසියන් බව යලිත් විශේෂයෙන් කියන්නම ඕනේ.

සංචාරකයෙක් ට මේ ගමේ අත්දැකීම චමත්කාර ජනක වුනාට ඒ ගමේ ජීවත් වන්නෙකුට නම් එය එසේ වන්නේ නම් නැහැ.

මෙහි ගියාටනම් කමක් නෑ පරිසරය විනාශ නොකර පරිස්සමින් ගිහින් එන්න.

අලුත් සටහන:
කොහොනාවල ගම්මානයේ ගැමියන් හිරු එළිය දකින්නේ දිනකට පැය හයක් කීවොත් එය නිවැරදියි...

අපි මේ ගම ගැන මීට පෙරද කියලා තියෙනවා මතක ඇති නේ ද?

ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මඩොල්සිම ග්‍රාම නිලධාරී වසමේ මේ අතිදුෂ්කර ගම්මානය කොහොනාවෙල කිව්වොත් නිවැරදී...

මේ ගමට අපේ ඉතිහාසයකට ද නෑකම් කියනවා... 

1815දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සැඟව සිටීමට ආ කිහිප දෙනකුගෙන් කොහොනාවෙල ගමේ ආරම්භය සිදු වී ඇති බවට ඉතිහාස කතාවල සඳහන්ව තිබෙනවා..

අද වන විට ගම්මානයේ පවුල් පනස්පහක් පමණ ගොවිතැනින් ජීවත් වෙනවා..

යහන්ගල, ගල්උල්ල, හයින්දම්මාගල සහ වියන්ගල යන කඳු පන්ති අතර බෑවුමක තමා මේ ගම්මානය පිහිටා තියෙන්නේ...

මඩොල්සිම ප්‍රදේශයේ සිට ළිඳකට බසින්නාක් මෙන් කිලෝමීටර නවයක් ගලින් ගලට පනිමින් අවදානම් ගමනකින් ගමට යා යුතුව ඇත...

නැතිනම් කහටරුප්ප ප්‍රදේශයේ සිට කිලෝමීටර අටක දුරක් ගැල් කරත්තයකට පවා යෑමට නොහැකි අබලන් වූ පාරකින් ගමට පැමිණිය යුතුයි...

අපිට මේ ගම ලස්සන සුන්දර වුනාට ගමේ මිනිස්සුන්ට නම් එහෙම නෑ...

කොතරම් දුෂ්කරතා තිබුණත් ගම ඉතාම සුන්දරයි. 

ඇත්තටම ගමට ඉර පායන්නේ උදේ 9ට කිව්වොත් හරි...

කොහොනාවෙල ගමට පාසලක් තියෙනවා... හැබැයි පාසලේ ළමයි ඉන්නේ හතයි. 

ගුරුවරුත් හතක් ඉන්නවා. පාසලේ පන්ති පහ වසරින් ඉවරයි. ළමයි ටික දෙනෙක් මඩොල්සිමට සහ ගල්උල්ල පාසලටත් කහටරුප්ප පාසලටත් යනවා. 

ළමයි ගෙදරින් යන්නේ උදේ 4.30ට. පාසලට යද්දී 7.30 වෙනවා. නැවත ගෙදරට එද්දී සවස 5.00 වෙනවා කියලයි දැනගන්න ලැබුනේ...

ඒ වගේම ගමේ ජීවත් වෙන්නේ එකම පරම්පරාවක ඥතීන් පිරිසක්. 

ගොවිතැන හැරුණාම වෙන කරන්නම දෙයක් නෑ, කෙසෙල්, උක්, පුවක්, කුරුඳු ගමේ වගා කරනවා. කඳු, බෑවුම් ප්‍රදේශ නිසා වගා කරන්නත් තැනක් නෑ. 

ගමේ නිෂ්පාදන තවලම් පිටින් හෝ කර මතින් ගමෙන් පිටතට ගෙන යෑමත් ඉතා අසීරුයි.

"සමහර නිලධාරීන් ගමට එන්නෙත් නෑ. ලියුම් ගන්න මඩොල්සිමට යා යුතුයි. ලෙඩ්ඩු රෝහලට අරන් යන්නේ ලීයක බැඳගෙන. 

ගමට මඩොල්සිම පැත්තෙන් පාරක් තිබුණට ඒ පාරේ ගැල් පිටින්වත් යන්න බෑ. 

"ගමේ පන්සලක් කියලා තිබුණට එතන හාමුදුරුවෝ කෙනෙක් නෑ. දහම්පාසලක් නෑ. පෝයකටවත් පන්සල් ගියාට හාමුදුරුවෝ නෑ. මළ ගෙයකට, පාංශුකූලයකට වඩම්මවන්න හාමුදුරුවෝ කෙනෙක් නෑ. 

නිලධාරීන් ගමට වැඩියම එන්නේ ගමේ සුන්දරත්වය බලා යන්න විතරයි කියලයි ගමේ අය කියන්නේ..

මේ ගම ගැනත් අදාළ බලදාරීන් බලලා මිනිදුන්ට උදව් කරොත් හොදයි.. හමේ සුන්දරත්වයට හානියක් නොකර මේ මිනිසුන්ට ජීවත්වෙන්න මාර්ගයක් හදලා දෙන්න... Travel යන ඔයාලත් මේ වගේ ගමකට ගිහින් ඒ සුන්දරත්වය විදලා මේ ජනතාවට උදව් කරන්න අමතක කරන්න එපා...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැය 6ක් පමණ ඉරපායන සැගවුණ ගම්මානය - කොහොනාවල ගම🌿☘️🌾 (Kohonawala Village) පැය 6ක් පමණ ඉරපායන සැගවුණ ගම්මානය - කොහොනාවල ගම🌿☘️🌾 (Kohonawala Village) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2020 Rating: 5

0 comments:

Post a Comment