Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


සිරිපතුල වඳින්න එන සුදු ඇතා

බෞද්ධ සාහිත්‍යයේ හා බුද්ධ චරිතයේ පූජනීයත්වය පාරිශුද්ධත්වය සංකේතවත් කරමින් සුදු ඇතා ගැන බොහෝ විට කියවෙයි. පෙරපින් මහිමය හෝ දෙවියන් දීම නිසා ඇලි – හැලි හෙවත් සුදු ඇතුන් ලැබෙන බව විශ්වාසයයි. විද්‍යාත්මකව සුදු වර්ණය ලැබිම ඉංග්‍රීසියෙන් ඇල්බිනෝ හෙවත් ඇල විකෘතිය ලෙස දැක්වෙයි. සුදු ඇතා අනිත් ඇතුන්ට වඩා පිංවත්, වැඩි සැලකිලි ලබන, නුවණ ඇති, උසස් ගති පැවතුම් ඇති, ලෙස පිළිගැනෙයි. සුදු ඇතෙකු ලැබිම ඉතා කලාතුරකින් සිදුවන නිසා එවැනි දුර්ලභ ඇතුන් රාජකීය හෙවත් මංගල ඇතුන් ලෙස සලකන ලදී. සුදු පාට මංගල වර්ණයකි. ජන ප්‍රවාදයට අනුව ශ්‍රීිපාදයට අධිපති සමන් දෙවිඳුගේ වාහනය සුදු ඇතෙකි.

සමන් දෙවි ගැන කියවෙන කවි ‍පොත්වල ශ්‍රීපාද අඩවියේ ඇලි ඇතා ගැන කියවෙයි. අවාරයේ උඩ මළුවට පැමිණ සිරිපතුල නමදින බව විශ්වාසයයි. හතර කෝරළේ අලුත්නුවර දෙවියන්ගේ වාහනයද සුදු ඇතෙකි. බෞද්ධ සාහිත්‍යය අනුව ශක්‍ර දෙවිඳුගේ ඓරාවන ඇතා සුදු ඇතෙකි. ඓරාවන ධවල හස්තියෙකු බව සාහිත්‍ය ග්‍රන්ථවල එයි. ධවල හෙවත් ඇලි ඇතා මෙන්ම මුළුමනින්ම කාල වර්ණ ඇතාද ඉතා දුර්ලභ වටිනා සතෙකු වෙයි. බෝසතුන් මව්කුස පිළිසිඳ ගත් දින මහමායා බිසව දුටු සිහිනය අනුව ඇය අනෝතප්ත විල්තෙරට ගෙන ගොස් දෙවඟනන් විසින් නාවා පිරිසිදු කොට සරසන ලදුව කුස තුළට සුදු ඇත් පැටවකු පිවිසෙනු සිහිනෙන් දුටු බව පැවසේ. බුද්ධ චරිතය විස්තර කරන සංස්කෘත ලලිත විස්තරයේ මේ සිද්ධිය ඉතා චමත්කාරව වර්ණනා කරයි. මෙහි සුදු ඇතා ලෙස සංකේතවත් වූයේ මව්කුස පිළිසිඳ ගැනීමයි.

බෝසතුන් බිහිවූ දින පන් සියක් සුදු ඇතුන් කපිලවස්තු නුවර වටා ප්‍රදක්ෂිණා කළ බව මහායාන බෞද්ධ ග්‍රන්ථවල එයි.සුදු ඇතුන් දඹදිව හිමාලය, ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය වැනි රටවල සිටින බවට හා ජීවත් වූ බවට සාධක ඇත. හිමාලයේ වසන බව කියන උ‍පොසථ- ජද්දන්ත යන කුලවල ඇත්තු ස්වභාවයෙන්ම සුදුය. උන්ට අහසින් යා හැකි බව සාහිත්‍ය ග්‍රන්ථ කියයි. චක්‍රවර්තී රජෙකු පහල වූ විට උන් එම රජු වෙත අහසින් එන බව කියවෙයි. බොධිවංශය චක්‍රවර්තී ලක්ෂණ විස්තර කිරීමේදී චක්‍රවර්තී රජෙකුට ධවල ශරීර ඇති අහසින් යා හැකි රිදී පර්වතයක් බඳු උ‍පෝසථ හෝ ජද්දන්ත කුළ ඇතකු එන බව කියයි. ජද්දන්ත කුලයේ නම් එන්නේ හැමවිට බාල සුදු ඇතෙකි. උ‍පෝසථ කුලයේ නම් හැම ඇතුන්ටම ඇතා චක්‍රවර්ත්ති රජුගේ වාහනය වෙයි. බෝධි වංශය අනුව කාලිංඝචක්‍රවර්ති රජුට වාහනය වූයේ උ‍පෝසථ කුල සුදු ඇතෙකි. ඇලි ඇතෙකු සිටියොත් ඌ ජද්දන්ත හෝ උ‍පෝසථ කුලයට අයත් ඇතෙකු අහසින් අවුත් වදා ගිය ඇත් පැටවකු හෝ දෙවියන් දුන් සතෙකු බව බෞද්ධ විශ්වාසය විය.

ජාතක ‍පොතේ වෙස්සන්තර ජාතකය අනුව වෙස්සන්තර රජු දන්දුන්නේ සුදු ඇතෙකි. වෙස්සන්තර කථාව දක්වන බුත් සරණ කර්තෘ විද්‍යාචක්‍රවර්ති වෙස්සන්තර රජු දන් දුන් ඇතා දෙවියන් දුන් සර්ව ශ්වේත පච්චය නම ඇති නියඟ කාලයට වර්ෂාව ලබා දෙන ඉතා දුර්ලභ සුදු ඇතෙකු බව කියයි. මනුෂ්‍ය ලෝකයට ඉතා දුර්ලභ මේ සුදු ඇතා බලා ගැනීමට ඇත්රැටියන්, ඇත් වෙදුන් ආදී පන්සියයක් කුලවල අය හා ඌ නාවනු, කවනු. ‍පොවනු පිණීස වෙනම පිරිවර විය. උගේ විශේෂ පළඳනා හැර ආභරණ සැරසිළිවල වටිනාකම සූවිසි ලක්ෂයක් බව බුත්සරණ කියයි. සුදු ඇතෙකු සිටින විට ඌ සිටින තැන වියන් බැඳ වටිනා රන් බඳුන්වල ආහාර දෙයි. සුවඳ දුම් අල්ලයි. විශේෂ ස්ථානයක තබයි. රන් අබරණින් සැරසී උගේ පිටට නගින බව කියවෙයි. මේ සඳහා විශාල සේවක පිරිසක්. අධික වියදමක් දැරීමට වෙයි.

විශාල වත්‍පොහොසත්කම් ඇති රජෙකුට පමණක් සුදු ඇතා නඩත්තු කළ හැකිය. දුටු ගැමුණුරජු (ක්‍රි.පූ 161-137) කල සිටි විජිතපුර සටනට මූලිකවූ කඩොල් ඇතා සුදු ඇතෙකි. මහාවංශය අනුව ගැමුණු කුමරු උපන් දින ජද්දන්ත කුලයේ ඇතෙකු ගංතෙර පඳුරු අතර තබා ගොස් සිටි මේ සුදු ඇත් පැටවා කඩොල් නම් වැද්දාට හමු වී රජුට දැන්වූ නිසා කඩොල් වැද්දාගේ නමින් ඇතාට කඩොල් ඇතා යයි නම් තබා ඇත. ථූපවංශය අනුව ගැමුණු කුමරුගේ පිනෙන් හිමාලයේ ජද්දන්ත කුළ ඇතින්නන් අහසින් පැමිණ ගං තීරයක මේ ඇත් පැටවා දමා ගිය බව කියයි. සද්ධර්මාලංකාරයේ දුටු ගැමුණු වස්තුව අනුව උ‍පෝසථ කුල ඇතින්නක් අහසින් පැමිණ ගං තීරයක මේ ඇත් පැටවා දමා ගිය බව කියයි. මහාවංශය, ථුපවංශය, සද්ධර්මාලංකාරය අනුව කණ්ඩුල හෙවත් කඩොල් ඇතා ධවල හස්තියෙකු බව පැහැදිලිය. කඩොල් ඇතා විජිතපුර සටනට පෙරමුණ ගෙන යුද වැදුණු අතර වැසි වැස්සීම, අහසින් ගිය බව කියා නැත.

විජිතපුර සටනේදී සතුරන් කකාරන ලද ලෝදිය උගේ පිටට වත් කරන ලදුව ඌ වේදනාවෙන් කෑ ගසමින් අසල වූ දිය අග‍ලේ ගිලුණේය. එවිට ගැමුණු රජු ඇත් වෙදුන් ලවා කඩොල් ඇතාට ප්‍රතිකාර කර උගේ සමට මී හරක් හම් තබා බැඳ ආරක්ෂාව සැලසූ බව කියයි. කාවන්තිස්ස රජු මිය ගොස් ගැමුණු කුමරු කොත්ම‍ලේ වෙස්වලා ගෙන සිටියදී කුමරු සොයාගෙන ආ පිරිස ඉදිරියේ. කොත්ම‍ලේ පුසුල්පිටි විහාරයේ ගල්තලාවේදී රාජ දූතයින් සමග පැමිණි සුදු ඇතා රජකම සඳහා, ගැමුණු කුමරුට දණ නමා ආචාර කර පිටට නැගීමට ඉඩදුන් බව කියවෙයි චූල වංශය අනුව මායා රට මාණාභරණ රජු හා රත්නාවලී දේවිය දරුවන් නැතිව දුකින් දරුවෙකු පතා නොයෙක් දේව පූජා කළහ. දිනක් රත්නාවලීදේවිය සුදු ඇත් පැටවකු පැමිණ තමා වැළඳ ගන්නා බව සිහිනෙන් දුටුවාය. සිහිනය තේරුම් කළ බමුණන් කීවේ ඉතාම පින්බර කුමරෙක් රත්නාවලී බිසවගේ කුස පිළිසිඳ ගත් බවයි. චූල වංශය අනුව මානාභරණ රජුට දාව රත්නාවලි බිසව කුස පිළිසිඳි ඒ කුමරු ‍පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුය (1157-1183) මේ සිද්ධිය විස්තර කරන ගයිගර් චූල වංශ ඉංග්‍රීසි පරිවර්තනයේ දී සුදු ඇතා ලංකාවේ ඉතා පාරිශුද්ධ සතෙකු වූ බව කියයි.

කුරුණෑගල කල ලංකාවට ආ විදේශ සංචාරකයෙකු වූ ‘ඉබන් බතුතා කියන පරිදි කුනකර් රජුට (ඉබන් බතුතා කියන කුනකර් රජු යනු එදා කුරුණෑගල රජ කළ රජු බව පෙනෙයි.) ඇලි ඇතෙකු සිටි බව කියයි. මෙලොව අන් කිසිම කෙනෙකුට එබඳු වස්තුවක් නැති බව ඉබන් බතුතා කියයි. සුදු ඇතෙකු තමා දුටු පළමු අවස්ථෘව මෙය බව ඔහු කියයි. උත්සව අවස්ථාවල මේ සුදු ඇතා රතුමැණික් ආදියෙන් සරසා රජු ඌ පිට නැගී යන බව ඉබන් බතුතා කියයි.බුරුමය හා තායිලන්තයේ සුදු ඇතා උසස් කොට සලකයි. සියම් රජුට සුදු ඇතෙකු සිටින බැවින් රජුට ධවල ගජපති යන විරුදාවලිය යෙදෙයි. ධවල ගජපති යනු සුදු ඇතුන් හිමි රජු යන අර්ථය දෙයි. තායිලන්ත රජවරු ධවල ගජපති විරුදාවලිය භාවිතා කරති. තායිලන්තයේ අවුරුදු පතා සුදු ඇතුන් සඳහා ප්‍රණාම උළෙලක් පවත්වයි.

ලංකාවෙන් මිලදී ගත් සුදු අලියෙකු ඕලන්ද වෙළෙඳ සමාගම 1939 ඇම්ස්ටර්ඩෑම් නුවරදී ප්‍රදර්ශනයට තබා ඇත. ශ්‍රී විජය රාජසිංහ රජු (1739-1747) උපසම්පදාව ගෙන ඒමට සියමට ගිය විල්බා ගෙදර මොහොට්ටාල තම ගමන ගැන ලියා ඇති වාර්තාවල සඳහන් පරිදි සිංහල දූත පිරිස සියමේදි සියම් රජු සතු රිදි දම්වැලකින් බඳිනා ලද ඉතා වටිනා සුදු ඇතෙකු දැක ඇත.

1736 පහතරට ඕලන්ද වෙළෙඳ සමාගමේ දූතයෙකු ලෙස උඩරටට ආ ඕලන්ද තානාපති ඩැනියෙල් ආදීන් උඩරටට පැමිණ දුටු විස්තර වාර්තාව අනුව සෙන්කඩගල රජ මැදුර අසල ඔහු පිළිගැනීමට උළෙලක් විය. මේ පෙරහරේ ඇතුන් රාශියක් විය. (මේ වන විට උඩරට රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයි) මේ ඇතුන් අතර අනිත් ඇතුන්ට වඩා විශාල, තනි සුදුපාට එක් ඇතෙකු විය. මේ තනි සුදු ඇතා මෙල්ල කළේ සුදු උඩු රැවුලක් ඇති මහල්ලෙකි. ඔහුගේ සහයට හෙන්ඩු රැගත් තවත් තිදෙනෙකු විය.


නරේන්ද්‍රසිංහ රජු කල සිටි මේ සුදු ඇතා ගැන ඩැනියෙල් ආදීන් තොරතුරු දක්වයි.තිස්ස, සූරියවැව, හම්බන්තොට, වැල්ලවාය, යන ‍පොලිස් වසම් හතර මැදිව බොදාගම මත්තල අතර පිහිටි අලුත්කැන්වැව ඇත් රංචුවකට මැදිවී දළ හතරක් යුතු සුදු ඇතෙකු සිටින බව 1982 මාර්තු 04 දින දිනමිණ පත්‍රයේ පළ විය. මේ වාර්තාව අනුව තිස්ස අඩවියේ ගැවසුණු සුදු ඇතාට දළ හතරක් විය.මැදවච්චිය හලඹගස්වැව කැ‍ලේ දිග දළ ඇති සුදු ඇතෙකු ගැවසෙන බව 1981 ජූනි 30 දින දිනමිණ පත්‍රයේ පළ විය. දැනට වසර දෙකකට පමණ පෙර කතරගම අවට ඇත් රංචුවක සිටි සුදු ඇතෙකු ගැන තොරතුරු පුවත් පත් වල පළ විය. මේ සුදු ඇතා කතරගම අවට කැලෑවල ගැවසෙයි.
උපුටා ගැනීමකි....

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට

hide.me VPN Review

Hide.me offers some interesting features including a completely free, anonymous trial. It now unblocks streaming services and supports WireGuard for better speeds.
Should I Buy hide.me VPN? Pros Unblocks NetflixFree versionSupports WireGuard Cons More expensive than rivals Our Verdict Hide.me is a good VPN service which has recently sorted a number of issues that previously held it back. It still needs to be a bit cheaper though.

කිරි අම්මා දානයට මේ අය ගන්න එපා

සුව සෙත, භාග්‍ය සංකේතවත් කිරීමේ අදිටනින් යුතුව කෙරෙන මෙම පූජාවට කිරි මුල් කරගනී. කිරි අම්මා දානය ලෙස හඳුන්වන මෙය පත්තිනි දේව මෑණියන්ට කරන පූජාවකි. කිරිඅම්මා දානය වැඩි වශයෙන් බෞද්ධයන් අතර ප්‍රචලිත පූජා ක්‍රමයකි. ලෙඩරෝග, අසනීප, ව්‍යාධි, කරදර නිමාකර ගැනීම සඳහා පත්තිනි දේව මෑණියන්ට කලින් බාර හාරවී පසුව එකී බාරය, ඔප්පු කිරීමට මෙම පූජාව පැවැත්වෙයි. එහෙත් ඇතැම් අය කිසිදු බාර හාරයක්‌ නොවී වර්ෂයක්‌ පතා නොකඩවා කිරි අම්මා දානය දීම පුරුද්දක්‌ වශයෙන් කරගෙන යයි. මෙම කිරි අම්මා දානය දීමෙන් පවුලේ දියුණුව, ඇස්‌වහ කටවහ දුරුවී යක්‌ෂ, ප්‍රේත, භූත ආදීන්ගෙන් ඇතිවන උපද්‍රව දුරුවෙයි.