පිදුරංගල ඉතිහාසය | Your Choice Way

සීගිරිය කියන්නේ දෙස් විදෙස් ලාංකිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වුන සංචාරක ගමනාන්තයක්. නමුත් සීගිරියට කිලෝමීටර් 2ක් තරම් නුදුරින් පිහිටි පිදුරංගල ගැන සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වුනේ මේ මෑත කාලිනවයි. පිදුරංගල මුදුනේ සිට සීගිරි ගල පසුබිමෙන් පෙනෙන විදියට ලබාගත් ඡයාරූප Facebook හි විවිධ පුද්ගලයින් පළකිරීමත් සමඟ පිදුරංගල කෙරෙහි සංචාරක ආකර්ෂණය වැඩිවුනා කිව්වොත් හරියටම හරි.ඒත් මේ රැල්ල අවසානයේ නතර වුනේ තරුණ පිරිමි ළමුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වීමෙන්. අපි ඇවිදින්න යන්න ආසයි, අපි විනෝද චාරිකාවක් යන්නේ විනෝද වෙන්න තමයි. හැබැයි අපි යන්නේ කොතනටද ගිහින් හැසිරෙන්න ඕනේ මොන විදියටද කියන එක අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි කියන එකයි මගේ නම් අදහස. කොහොම වුනත් මම මේ ලිපිය ලියන්න හිතුවේ පිදුරංගල ඇති ඓතිහාසික පසුබිම ගැන සොයා බැලීමයි.

ඇත්තටම පිදුරංගල ඇති ඓතිහාසික වටිනාකම මොනවගේද? අතීතයේ එක තැනක කියවෙන විදියට කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා වැඩසිට තිබෙනවා. සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය ආලකමන්දාවක් බවට පත්කරද්දී භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැන නැගී තිබෙනවා. ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න කාශ්‍යප රජතුමා කටයුතු කර තිබෙනවා. කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , එහෙම නැතිනම පිදු අරං ගල පහුකාලිනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ.

ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී මේ විහාරය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් ද හඳුන්වා තිබෙනවා. පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බව එච්. සි.පි බෙල් මහතාගේ වගේම සෙනරත් පරනවිතානයන්ගේද අදහස වී තිබෙනවා, තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනා මාන කල බවත් කියවෙනවා.

එමෙන්ම මහා වංශය ලියු මහාවිහාරික මහානාම හිමියන්ද කලක් මෙහි වාසය කිරීමත් කාශ්‍යප නිරිඳුන්ගේ අවධානය මෙම විහාරස්ථානය කෙරෙහි යොමුවන්නට තවත් හේතුවක් වන්න ඇති. මහානාම හිමියන් කියන්නේ නෑදෑකමින් ධාතුසේන රජතුමාගේ මාමා කෙනෙක්. සොලී ආක්‍රමණ පැවති කාල වකවානුවේ ධාතුසේන රජතුමාවත් කාශ්‍යප හා මුගලන් අතර පැවති සටන් වලදී කාශ්‍යප රජතුමාටත් ආරක්ෂාව සලසන්නේ මේ මහානාම හිමියනුයි. ඉතින් ඒ නිසාම කාශ්‍යප රජතුමා මහාවංශය ලියු මහානාම හිමියන් සමඟ බොහොම සමීප ඇසුරක් පවත්වා තිබෙන බව පෙනියනවා. ඉතිහාසයේ තවත් තැනක කාශ්‍යප නිරිඳුන්ගේ අවසන් කටයුතු පිදුරංගල විහාරයේ සිදුකල බවත් කියවෙනවා. ඒ වගේම පිදුරංගල කඳු මුදුනට යන අයෙක්ට දැක ගත හැකි තවත් දෙයක් තමයි ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය, මේ පිළිබඳවත් විවිධ මත සඳහන් වෙනවා.

සතුරු ආක්‍රමණ ගැන බියෙන් පසු වුන කාශ්‍යප රජතුමා එවන් අවස්තාවක් කල් තියා දැනගන්න හිතාගෙන මේ ගල මෙහි මුදුනත රදවා තබන්න ඇති යන්න එක මතයක් එහිදී එම ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකියි. එදා සිගිරිය හා බැදී පැවතුන පිදුරංගල ගැන අපට ඇත්තේ අල්ප දැනීමක් බව අප තේරුම් ගත යුතුයි. සිගිරියට පැමිණෙන සංචාරකයින්ගෙන් අඩක්වත් මෙම පිදුරංගල භූමියට එන්නේ නැතිවුනත් පිදුරංගල පර්වත මුදුනට පැමිණෙන පිරිසෙනුත් සීමිත පිරිසක් තමයි පිදුරංගල විහාර සංකීර්ණය වැඳපුදා ගන්නේ. ඉතින් මේ සා වටිනාකමක් හිමි පිදුරංගල නොදැන නෙමෙයි දැනගෙන යායුතු ගමනක් බව අපි හැමෝම තේරුම් ගත යුතුයි.

සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල.පිදුරංගල ඉතිහාසය අවම වශයෙන් සීගිරියේ කාශ්‍යප රජතුමා රජකම් කරපු කාලය දක්වා දිව යනවා.සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා කියලා පිලිගත්තට, සීගිරිය කියන්නේ ඊට වසර දහස් ගානකට කලින් ඉදලා යක්ශ ( රාවනා පරපුරේ ) ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් කියලා පිලිගැනීමකුත් තියෙනවා.

පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න හේතුවක් තමයි; සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක.ඊට අමතරව භික්ෂුන්ට වාසස්ථාන උන ගල් ලෙන් රාශියක් තිබීම හා ඒවායේ කොටන ලද කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් ) මේ පුදබිම ක්‍රි.පූ 3 – 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා.

පිදුරංගල Google map එකේ බැලුවොත් ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා.මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා.

මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රේඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලැබෙනවා.ඔය ස්ථානයේ මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රේශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්.

මේ රේඛාව දිගේ ගියොත් අපිට හරි විශ්මිත දෙයක් බලාගන්න පුලුවන්..මේ රේඛාව ඊජිප්තුවේ ගීසා වල ‘පිරමීඩ’ අසලිනුත් , ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා විශ්වාස කරන “ඇට්ලාන්ටික්” නගරය තිබුණායි කියා විශ්වාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත්, ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ ‘මායාවරුන්ගේ ශිෂඨාචරය’ ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් ගමන් කරනවා.

සමහර විටකදී සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලාද කියන සැකයත් අපට මතුවෙනවාආගමික හා සංස්කෘතික විශ්වාසයන් වලට එහා ගිය ගැඹුරු තාක්ෂණයක් විද්‍යාමාන වෙන නමුත් ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත් හැකි ‘පිදුරංගල’ ගැන ‘පුපේ ‘ ආනුභාවයෙන්වත් සාකච්ඡාවට නැගේවා!




👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිදුරංගල ඉතිහාසය | Your Choice Way පිදුරංගල ඉතිහාසය | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, May 05, 2020 Rating:

0 comments:

Post a Comment