මිනිස් වාසයෙන් තොර ස්ථාන අටක් | Your Choice Way

ලෝකයේ මෙතෙක් ඇස නොගැසුනු මිනිස් වාසයකින් තොර හුදකලා ස්ථාන අටක්.

මනුෂ්‍ය වර්ගයා විදියට අපි මේ ලෝකයේ සිදුවෙන සියල්ලම දන්නා බවත් සියල්ල සොයාගෙන ඇති බවත් විශ්වාස කිරීමට කැමතියි.නමුත් සරලවම අපි නොඇසූ නොදුටු බොහෝ දේ ලෝකය තුල සැගවී තිබෙනවා.අති නොදන්නා සත්ව විශේෂ, ශාක විශේෂ වගේම මේ තරම් කාලයක් කිසිදු පුද්ගලයෙකුගේ ඇස නොගැටුණු අපූරු ස්තාන බොහොමයක් ලෝකය තුල සැගවී තිබෙන්නට පුලුවන්. අපි ඔබ වෙත ගෙන එන්නේ තවමත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් වාසය නොකරන හෝ තවමත් කිසිදු පුද්ගලයෙක් ලගා නොවූ අපූරු ස්තාන 8 ක් වෙත ඔබ ගෙන යන්නයි. ඔබත් ලෝකයේ නවතම තොරතුරු දැන ගැනීමටත්, තොරතුරු ගවේශණය කිරීමටත් කැමති කෙනෙක් නම් මේ ලිපිය අවසන් වෙනකම් කියවන්න.
අංක එක – වෙල් දෝ ජවාරි, බ්‍රසීලය. (Vale Do Javari, Brazil)
හුදකලා වූ මේ ඝන වනාන්තය තුල ජීවත් වන දේශීය ගෝත්‍රයට අයත් පිරිස ගණනය කර ඇති අන්දමට 3000ක්. මේ වනාන්තරය තුල ජීවත් වන මෙම ජන කොට්ටාසය දකුණු ඇමරිකාවේ පමණක් නොව මුලු ලෝකයේම හුදකලා ජන කොට්ටාසයක් ලෙස සලකනු ලබනවා.වර්ග සැතපුම් 32990 කින් සමන්විත මේ භූමි භාගය ඕස්ට්‍රියාවේ භූමි ප්‍රමාණයට සමාන වනවා.කෙසේ වෙතත් මේ භූමි භාගය වටා ඇති අභිරහස මේ වන තුරුත් විසදී නැහැ.වන වදුලට පහලින් ඉතා භයානක සත්වයන්ද ජීවත් වන බව වාර්තා වෙනවා.නමුත් මේ ප්‍රදේශයට ඇතුල් වීම සදහා කිසිදු පුද්ගලයෙක් හට අවසර හිමි වී නැහැ. වෙල් දෝ ජවාරි වටා පිහිටා ඇති ඝන වනාන්තරය වර්ග සැතපුම් මිලියන දෙකකින් යුතු වැසි වනාන්තරයක්.මේ නිසාම ඒ අවට පරිසරය හෝ වෙල් දෝ ජවාරි වලට අයත් භූමි භාගය මේ වනතුරුත් කිසිදු විමර්ශනයකට භාජනය වී නැහැ. මේ නිසාම මේ ගෝත්‍ර ජනවර්ගය සහ එහි භූ සැකැස්ම තවදුරටත් අභිරහසක් ලෙස ඉතිරි වී තිබෙනවා.

අංක දෙක – මියන්මාරයේ උතුරු වනාන්තර සමූහය.( The Northern Forest Complex in Myanmar.)
දකුණු ආසියාවේ විශාලම වැසි වනාන්තර සමූහය ලෙස සැලකෙන මෙම වනාන්තර සමූහය සැතපුම් 12,000 කින් යුතු වෙනවා.ඉන්දියාවට සහ චීනයට හරස්ව පිහිටා තිබෙන මෙම වනාන්තර සමූහය ඉතා විශාල ජයිව විවිධත්වයකින් යුතු වෙනවා.මෙහි පිහිටා තිබෙන හුක්වාන්ග් නිම්න භූමිය කොටින්ගේ ගහණය වැඩිම ප්‍රදේශය ලෙස වාර්තා වී තිබෙනවා.හිමාලයේ පහල ප්‍රදේශයේ වනාන්තර විශාල වශයෙන් පිහිටා තිබෙනවා.මේ වනාන්තර වල රතු පැන්ඩා වලසුන්, ගිබන් වදුරන්,වදුරන්,මුවන් සහ රතු හිස සහිත කෑදැත්තන් බොහෝ සෙයින් දකින්නට ලැබෙනවා.මෙහි පිහිටා තිබෙන ගන්ග්ඛාර් නම් කන්ද අඩි 25,000 ක් උස බව වාර්තා වී ඇති අතර එයට මේ වනතුරු කිසිවෙක් ලගා වී නැහැ.ඒ සදහා කිහිප දෙනෙක් උත්සාහ කර ඇති නමුත් කාලගුණය නිසා ඔවුන්ට එය ජය ගැනීමට හැකි වී නැහැ.

අංක තුන – වියට්නාමයේ සොන් දොන්ග් ගුහාව.( Vietnam’s Son Doong Cave)
වියට්නාමයේ ඵෝන් න්හා කේ ජාතික උද්‍යානයේ පිහිටා තිබෙන මෙම ගුහාව ලෝකයේ පිහිටා තිබෙන විශාලම ගුහාව ලෙස සලකනු ලබනවා.මෙම ගුහාවේ දිග සැතපුම් පහක් වන බව ගණන් බලා තිබෙනවා. ගුහාව තුල වනාන්තරයක් සහ ගංගා පද්ධතියක්ද පිහිටා තිබෙනවා.බ්‍රිතාන්‍යයේ භූ පර්‍යේශණ ආයතනය මගින් මේ ගුහාව ගවේශනය කිරීම සදහා සූදානම් වූවත් ගුහාව මධ්‍යයේ පිහිටා තිබෙන අඩි 300 ක් උස කැල්සයිට් බිත්තිය නිසා ඔවුන්ට අභ්‍යන්තරය වෙත ගමන් කිරීමට හැකියාවක් ලැබී නැහැ.මෙම ගුහාව අභ්‍යන්තරය දැක තිබෙන මිනිසුන් ගණන එවරස්ට් කන්ද තරණය කල පුද්ගලයන් සංඛ්‍යාවටත් වඩා අඩු බව වාර්තා වෙනවා.

අංක හතර – මැඩගස්කරයේ ට්සින්ගි ඩෙ බෙමරහා.( The Tsingy De Bemaraha in Madagascar)
මැඩගස්කරයේ බටහිර ප්‍රදේශයේ කෙලවරටම වන්නට පිහිටා තිබෙන මේ ප්‍රදේශය ලෝකය පුරා ජනප්‍රිය වී තිබෙන්නේ එහි ඇති හුණු ගල්වල පිහිටීම නිසායි.වසර 200 කට පෙර නිර්මාණය වන්නට ඇතැයි සැලකෙන මෙම සානුව වර්ග සැතපුම් 600 කින් සමන්විත වෙනවා.මෙහි මෙතෙක් හදුනා නොගත් සත්ව සහ ශාක විශේශ දහස් ගණනක් පවතින අතර එහි අලංකාර දිය ඇළි, මෙතෙක් හදුනා නොගත් වනාන්තර, උණහපුලුවන් විෂේශ රැසක් අන්තර්ගත වී තිබෙන බව සදහන් වනවා. කෙසේ වෙතත් මේ ප්‍රදේශය බොහෝ දෙනෙක් හදුන්වන්නේ මෙතෙක් මිනිසුන් පය නොගැසූ සත්ව පාරාදීසයක් ලෙසයි.

අංක පහ – චිලී දේශයේ උතුරු පැටගොනියාව. (ya)
චිලී දේශයේ පැටගොනියා ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙම ප්‍රදේශය සුවිශාල වැසි වනාන්තරයකින් සමන්විත වෙනවා. එහි කදු පන්ති, ගංගා සහ ඇලදොළ රාශියක් පිරී තිබෙනවා.එමෙන්ම මේ ප්‍රදේශයේ අයිස් බහුල ප්‍රදේශයක්ද තිබෙන බව සදහන්.අපි මුලදී සදහන් කල ප්‍රදේශ වලට වඩා මෙහි ඇති වෙනස්කම වන්නේ මෙම ප්‍රදේශය තුල කැමති නම් කෙනෙකුට සංචාරය කල හැකි වීමයි.1972 වසරේදී එරික් ශිප්ටන් සහ මියුගුවල් ගෝමස් සමග සෙඩොමිර් මුරාන්ගුනික් යන පුද්ගලයන් තිදෙනා විසින් මෙම විශාල අයිස් ප්‍රදේශය තරණය කර ආජන්ටිනාව වෙත සංක්‍රමණය වී තිබෙනවා.අයිස් සහිත මෙම විශාල ප්‍රදේශය 1972 වසරේදී සර් ක්‍රිස්පින් ඇග්නිව් විසින් පර්‍යේශන වලට භාජනය කරනු ලැබ තිබෙනවා.කෙසේ වෙතත් එම ප්‍රදේශයෙන් ඔබ්බට මේ වන විට වෙනත් කිසිදු මිනිසෙක් ගමන් කර නැහැ. ග්‍රීන්ලන්තයද වර්ග සැතපුම් 800,000 කින් සමන්විත මිනිසුන් 56,000 ක් වාසය කරන රටක්.ඒ අනුව ලෝකයේ වැඩිම භූමි භාගයක් හිමි නමුත් අඩුම ජනගහණයක් සිටින රට ලෙස එය හදුන්වනවා.ග්‍රීන්ලන්තයේ තිබෙන අධික ශීත කාලගුණය නිසා එහි ඇති තවත් බොහෝ දේ මේ වනතුරුත් මිනිසා විසින් හදුනාගෙන නැහැ.එසේම ආක්ටික් ධැවය සහ දකුණු අර්ධ ගෝලය මේ වනතුරුත් මිනිසා පය නොගැසූ ස්තාන ලෙස සදහන් වනවා.

අංක හය – නැම්බිඩ් කාන්තාරය.
මෙම වනාන්තරයේ වයස අවුරුදු මිලියන 43 ක්.මෙම කාන්තාරය සැතපුම් 1200 කින් සමන්විත වන අතර එය නැම්බියාව,දකුණු අප්‍රිකාව යන රටවල් වලද විහිදී තිබෙනවා.මෙම කාන්තාරය හදුන්වන්නේ ලෝකයේ තිබෙන විශාලම සහ පැරණිම කාන්තාරය ලෙසයි. මෙම කාන්තාරය තුල අලි ඇතුන්,සීබ්‍රාවන් ඇතුලු විවිධාකරයේ සතුන් මිලියන ගණනක් වාසය කරනවා.එසේම මෙම කාන්තාරයේ ජීවත් වන පදුරු වර්ගයක් ලෙස සැලකෙන Welwitschia mirabilis නම් ශාක වර්ගයට ඇත්තේ ශාක පත්‍ර දෙකක් පමණක් වන අතර එයට වසර 1000 ක කාලයක් ජීවත් වීමේ හැකියාව පවතිනවා.

අංක හත – උතුරු සෙන්ටිනාල් දූපත.
මේ දූපත ඉතා විශ්මිත මෙන්ම භයානක දූපතක් ලෙස හදුන්වනු ලබනවා.මේ දූපතේ වාසය කරන පුද්ගලයින්, බාහිරින් පැමිණෙන කිසිවෙකුට තම දූපතට ඇතුල් වීමට අවස්තාවක් ලබා දෙන්නේ නැහැ.මේ දූපත බෙංගාල බොක්ක තුල පිහිටා ඇති අතර එයට ශිෂ්ට සම්පන්න මිනිසුන් කිසිවෙක් මේ වන තුරු ඇතුල් වී නැහැ.එයට හේතුව වන්නේ එයට පය තබන ඕනෑම මිනිසෙකුට වහාම පහරදී ඝාතනය කිරීම ඔවුන්ගේ සිරිත වන නිසායි.2006 වසරෙදී නොදැනුවත්ව මේ දූපතට ඇතුල් වූ ධීවරයෙක් දරුණු ලෙස වධ හිංසා කිරීමෙන් පසු ඝාතනය කර දමා තිබුනෙ එම දූපතෙ ජීවත් වන ගෝත්‍රියකයන් විසින්.මේ නිසා ඉන්පසුව කිසිවෙන් මෙම දූපතට ඇතුල් වීමට උත්සාහ කර නැහැ.

අංක අට – මරීනා ආගාධය.
මරීනා ආගාධය පිහිටා තිබෙන්නේ සයුරේ ගැබුරුම ස්තානයේයී.එය පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන අතර එය සැතපුම් 1600 ක් දිග සහ සැතපුම් 43 ක පළලින් යුතු එකක් බව සදහන් වෙනවා.එහි ගැඹුර වන්නේ අඩි 36000 ක්. මේ ගැබුරට යන තුරු මිනිසුන්ට ගමන් කල නොහැකි බැවින් මරියානා ආගාදය මේ වන තුරුම ලෝකයේ අභිරහසක් වී තිබෙනවා.කෙසේ වෙතත් දියුණු තාක්ෂණික ආධාරයෙන් සම්මැරීන යවා මරියානා ආගාධය පරීක්ශා කිරීම සදහා පර්‍යේශකයින් සූදානමින් සිටිනවා.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌


View the original article here
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිනිස් වාසයෙන් තොර ස්ථාන අටක් | Your Choice Way මිනිස් වාසයෙන් තොර ස්ථාන අටක් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2020 Rating: 5

0 comments:

Post a Comment