තව අවුරුදු 80කින් ලෝකය වෙනස් වෙනවා

හෙට දවසවත් නිශ්චිත නැති තත්වයක ජීවත්වෙන ලෝකෙක අනාගතේ මොනවා වෙයිද කියන එක කියන්න හරිම අපහසුයි. ඊළඟ දශකයේ නැත්නම් ඊළඟ සියවසේ අවසානය ඇත්තටම මොනවගේ වෙයිද? ඒත් වසර ගණනාවකට පෙර සිදු වුනු දේවල් අද වන විට තියෙන වෙනස්වීම් ඉදිරි කාලේ සිදුවෙන්න පුළුවන් දේවල් අනුව 2100දී වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා බලමු.

2022 වන විට චීනයට වඩා ජනප්‍රිය ඉන්දියාව

ලෝකයේ ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ චීනයේ. පේනවා නේද චීනයට වෙලා තියෙන දේ. ඉතාම නුදුරු දවසකදී ඉන්දියාව ලෝක ජනගහනය අනුව චීනය පසු කරයි කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය ජනගහන ප්‍රවනතා පිළිබඳ අධ්‍යයනයකින් වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම වසර 2050 වෙනකොට එක්සත් ජනපදය වැඩිම ජනගහනයක් ඉන්න තුන්වන රට බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ තැන හිමිකර ගන්නේ නයිජීරියාව කියලයි වාර්තා වෙන්නේ.

වසර 2037 වන විට ආක්ටික් මුහුදේ අයිස් දිය වෙයි.

ඊලඟ දශකය වෙනකොට ආක්ටික් මුහුදේ අයිස් වලට මොනවා වෙලා තියෙයිද? පරීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙන්නේ මේ දේශගුණික විපර්යාස නිසා 2037 වෙනකොට ආක්ටික් මුහුදේ අයිස් සියල්ලම වගේ වේගයෙන් දියවෙලා යනවා කියලා. 2009 වෙනකොට මේ මුහුදේ අයිස් වර්ග කිලෝමීටර මිලියන 4.6 ක් තිබුණත් 2037 වෙනකොට ඒක වර්ග කිලෝමීටර මිලියන එකට අඩු වෙයි කියලයි ඔවුන් පවසන්නේ. ඇත්තටම එහෙම වුනොත් සාගර ජල මට්ටම වැඩි වෙලා පුංචි පුංචි දූපත් ලෝකෙන් අතුරුදහන් වෙන්නත් බැරි නෑ.

2100දී ඇමේසන් වනාන්තරයේ වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වේවි

පසුගිය කාලය පුරාවටම පෘථිවියට අහිමි වෙමින් යන වටිනා සම්පතක් තමයි වැසි වනාන්තර කියන්නේ. දැක්කනේ පහුගිය කාලය ඇමේසන් වනාන්තරයේ ලැව්ගිනි නිසා වුණ විනාසය. 2009 දී එක්සත් ජාතීන්ගේ කාලගුණ සේවා වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ ගෝලීය ප්‍රවනතාවය පදනම්කරගෙන මුළු ලෝකයම වසරින් වසර උණුසුම් වෙන බවයි. ඒ වගේම 2100 වන විට ඇමසන් වැසි වනාන්තරය ලෝකයට මතකයක් විතරක් වෙයි කියලයි ඔවුන් කියන්නේ. ලෝකෙම සමතුලිතතාවය ආරක්ෂා කරන්න ඇමසන් වැසි වනාන්තරය විනාශ වුනොත් ඇත්තටම අපිට මොනවා වෙයිද?

කුරුලු විශේෂ වඳවී යාවි

දැනටමත් ලෝකෙ කුරුලු කුරුළු විශේෂ අතීතයේ හිටපු ප්‍රමාණයට වඩා සෑහෙන්න අඩුයි. වසර 2100 වනවිට මේ තත්ව‍ය වැඩි වෙන බවයි වාර්තා වෙන්නේ. දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනයකට අනුව එළැඹෙන අත්ලාන්තික කාලගුණ උණුසුම හා සීතල කියන තත්ත්ව දෙක නිසාම කුරුල්ලන් විශාල වශයෙන් මරණයට පත්වෙනවා. ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම නිසා කුරුල්ලන් විශේෂ 600- 900 ප්‍රමාණයක් දක්වා ප්‍රමාණයක් වඳවීයාමේ තර්ජනයට ලක්ව තියෙනවා.

ඔවුන් අනිවාර්යයෙන්ම 2100 දී අපිට දැක ගන්න හම්බවෙන්නෙ නැහැ. ගෝලීය උෂ්ණත්වයට අමතරව වෙනත් හේතුන් නිසාත් පක්ෂීන් විශේෂ 100ත් 500ත් අතර ප්‍රමාණයක් වඳ වී යන බවයි වාර්තා වෙන්නේ. කුරුල්ලන්ගේ මී මුත්තා විදිහට සැලකෙන්නේ පියාඹන ඩයිනෝසරගේ කාලේ ඉඳන් කුරුලු විශේෂ විශාල සංඛ්‍යාවක් ලෝකය ලස්සන කළත් අද වන විට ඔවුන් ක්‍රමයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් සමහර විට 2100 ළමයෙකුට කුරුල්ලන් දකින්න පුළුවන් වෙන්නේ පින්තූරයක් මගින් විතරක් වෙන්නත් පුළුවන්.

මිනිස් මොළය ඉක්මවා ගිය කෘතීම බුද්ධිය බිහි වේවි

අද කෘතිම බුද්ධිය මිනිස් බුද්ධිය තරමටම බුද්ධිමත් නැහැ. ඇත්තම කතා කළොත් මිනිසුන් එයට තොරතුරු ඇතුල් කිරීමකින් තොරව එයට කිසි වැඩක් කරන්න අපහසුයි. ඉදිරියට යන්න අපහසුයි මේ නිසා AI තාක්ෂණය මිනිස් මොළය තරම්ම අද වන විට දක්ෂ සහ බුද්ධිමත් වන්නේ නැහැ. නමුත් මේ ට්‍රෙන්ඩ් එක වැඩි කාලයක් තියෙන්නෙ නම් නෑ.

මොකද MYOB තාක්ෂණයේ ප්‍රවීණයකු වෙන බෙන් රෝස් කියන්නේ කෘතිම බුද්ධිය 2040 වෙනකොට මිනිස් බුද්ධියට ගැලපෙන වේගයකින් නිර්මාණය වෙනවා කියලා. බොහෝ විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ 2060 වෙනකොට මේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මානව බුද්ධි මට්ටම ඉක්මවා යන බවයි. අන්න එතකොට නම් අපිට පොඩ්ඩක් බය වෙන්න වෙනවා. 2100 වන විට සමහර විට කෘතීම බුද්ධියෙන් පාලනය වෙන ලෝකයක ඔවුන්ට ඔවුන්ගේ සේවකයන් වෙන්නත් මිනිසුන්ට සිද්ධවෙන්න බැරි නෑ.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තව අවුරුදු 80කින් ලෝකය වෙනස් වෙනවා තව අවුරුදු 80කින් ලෝකය වෙනස් වෙනවා Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2020 Rating: 5

0 comments:

Post a Comment