ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට / ලොව පුරා කොරෝනා වෛරස් මරණ 50000 ඉක්මවයි / කොරෝනා රෝගියෙකු මියගිය මරදානේ නිවාස සංකීර්ණයේ 400 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත - බෑනාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදනය වෙයි / ඉන්දියාවේ මිලියන ගණනකට කොරෝනා රෝගය වැළඳීමේ අවදානමක් ? / ජාත්‍යන්තර සෞඛ්‍ය රීතීන් කඩ කිරීමෙන් එදා ලංකාවට "කොලරා වසංගතය බෝ වුනු හැටි "

ශ්‍රී  ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.

එම මරණයත් සමඟ මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ යනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ක්ශය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

ලොව පුරා කොරෝනා වෛරස් මරණ 50000 ඉක්මවයි
කොවිඩ් 19 ආසාදනයවීමෙන් ලොවපුරා මියගිය පිරිස මේ වනවිට 50,277ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලොවපුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව නවලක්ෂ 81,838ක්.

වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මුව ආවරණ පැළඳීම ප්‍රවර්ධනය කළ යුතුද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 215,344ක්.

ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව පසුකල පළමු රට ඇමරිකාවයි.

ගතවූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව මරණ 900කට වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 5112 දක්වා ඉහළ ගියා.

ඇමරිකාවේ කනේටිකට් ප්‍රාන්තයේ සති 6ක බිළිඳෙකු කොවිඩ් 19 ආසාදනයවීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා රෝගියෙකු මියගිය මරදානේ නිවාස සංකීර්ණයේ 400 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත - බෑනාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදනය වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය මරදානේ පදිංචි පුද්ගලයාගේ දේහය නිරෝධායන නීතිරිතිවලට අනුව අද දහවල් ආදාහනය කෙරුණා.

ඒ, කොටිකාවත්ත - මුල්ලේරියාව - උඩුමුල්ල ආදාහනාගාරයේදීයි. කෙසේ වෙතත්, දේහය ආදාහනය කිරීමට පෙර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ඊට විරෝධය පළ කළේ ආදාහනාගාරයේ චිමිනියේ පවතින දෝෂයක් හේතුවෙන් අවට නිවෙස්වලට අළු පැමිණෙන බවට චෝදනා කරමින්.

73 හැවිරිදි මොහු අයි.ඩී.එච්. රෝහලට මාරු කරන අවස්ථාවේ මියගියේ ඊයේ රාත්‍රියේදීයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු අඩපන වීම් ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු මෙම පුද්ගලයා කොරෝනා වෛරසය වැළඳී රෝගය උත්සන්න වීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, මීට දින 10 කට පෙර ඔහු කොළඹ ජාතික රෝහලෙන් සහ පසුගිය 20 වැනිදා පමණ නාගරික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට මාරු කිරීමට පියවර ගැනුණේ.

මෙම පුද්ගලයාගේ බෑණනුවන් පෙබරවාරි 25 වැනිදා මක්කම වන්දනාවේ පිරිසක් රැගෙන ගොස් යළි දිවයිනට පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ මෙම පුද්ගලයාට සහ මියගිය පුද්ගලයාගේ මුණුබුරාටද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බවයි.

අද දිනයේදී මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීම සඳහා කොටිකාවත්ත - මුල්ලේරියාව - උඩුමුල්ල ආදාහනාගාරයට රැගෙන ආ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කරද්දී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා.

දේහය ආදාහනය කිරීමේ අවස්ථාවට මියගිය පුද්ගලයාගේ පුත්‍රයා ඇතුළු සමීප ඥාතීන් කිහිප දෙනෙකු සහභාගි වී සිටියා.

අනතුරුව දැඩි ආරක්ෂිත ක්‍රමවේද යටතේ දේහය ආදාහනය කෙරුණු අතර, අනතුරුව ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් ෆොන්සේකා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත්, ටොරින්ටන් ජුම්මා මස්ජිද් සුසාන භූමියේ මෙම පුද්ගලයාගේ දේහය භූමදාන කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වළක් කපා ඇති බවට ප්‍රදේශවාසීන් කුරුඳුවත්ත පොලිසියට දන්වා තිබුණා.

ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ තිබූ අතර, අනතුරුව ඒ සම්බන්ධයෙන් ටොරින්ටන් ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපති නීල් ප්‍රදීප් ගුණසේකර අදහස් දක්වා සිටියා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයා වාසය කළ මරදාන - ඉමාමුල් අරූස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ කොටසකට ඇතුළුවීම සහ පිටවීම මෙම සිද්ධියත් සමඟ තහනම් කෙරුණා.

මැද කොළඹ ප්‍රදේශය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරීවත්තගේ කියා සිටියේ මියගිය පුද්ගලයා සමඟ සමීප සබඳතා පැවැත් වූ පවුල්වල පුද්ගලයින් 400 ක් පමණ අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

එසේම, මියගිය පුද්ගලයාගේ පුතු වාසය කළ වැල්ලම්පිටිය - වෙලේවත්ත ප්‍රදේශයේ පවුල් දෙකක පුද්ගලයින් 12 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ෆේස්බුක් සටහනක් තබමින් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලීමක් කර තිබුණේ මියගිය පුද්ගලයාගේ දේහය භූමදානය කිරීමට කාරුණිකව අවසර ලබාදෙන ලෙසයි.

එසේම, සමස්ත ලංකා ජමීයීයතුල් උලමා සංවිධානය අද යළිත් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමඟින් ඔවුන් ප්‍රකාශ කළේ කොරෝනා සැක සහිත හෝ හඳුනාගත් රෝගීන් සම්බන්ධ අවස්ථානුකූල සායනික ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ගෝපදේශ පසුගිය 31 වැනිදා සංශෝධනය කර දේහ ආදාහනය සඳහා බලධාරීන් ගත් තීරණය පිළිබඳ තම සංවිධානය කළකිරීමට පත්වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා භූමදාන කටයුතු සඳහා අවසර දී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, පවතින බැරෑරුම් තත්ත්වය යටතේ දේහයක් බලහත්කාරයෙන් ආදාහනය කළහොත් එය පවක් සේ නොසලකන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් එම සංවිධානය සිය ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින්නේ පවතින ව්‍යවසනය පිටුදැකීම සඳහා බවයි.

ඒ අනුව ප්‍රජාවක් ලෙස එකාවන්ව ඊට සහය දීමට බැඳී සිටිනවා සේම ඊට වගකීමක්ද පවතින බව සමස්ත ලංකා ජමීයීයතුල් උලමා සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එසේම, ඔවුන් සියලූ මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ් මෙම රෝග තත්ත්වය පිළිබඳව කිසියම් හෝ රෝග ලක්ෂණයක් පවතින්නේ නම් වහාම සෞඛ්‍ය අංශ වෙත වාර්තා කරන ලෙසයි.


ඉන්දියාවේ මිලියන ගණනකට කොරෝනා රෝගය වැළඳීමේ අවදානමක් ?
ඉන්දියාවේ මිලියන ගණනකට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය වැළඳීමේ අවධානමක් මතුව තිබෙනවා.

ලොව විශාලතම රාජ්‍ය වන එරට ජනගහණය බිලියන 1.3 කි.ඉන් මිලියන 400 කම ජනතාව වාසය කරනුයේ ජනාකීර්ණ ප්‍රදේශවලයි.

ඔවුන් බොහෝ දෙනෙකුට නිසි සෞඛ්‍ය පහසුකම් මෙන්ම පිරිසිදු ජලයද ලබා ගැනීමේ ගැටලු පවතින අතර එම නිසා වෛරසය ඉක්මනින්ම පැතිර යාමේ අවදානමක් ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

හදිසියේම දින 21 ක කාලයකට සමස්ත ඉන්දියාවටම බලපාන පරිදි ඇඳිරි නීතිය දැමූ අතර මේ නිසා එරට දෛනික වැටුප් ලැබෙන රැකියාවල නිරතව සිටි මිලියන ගණනාවක ජනතාව අසරණ වූවා.

ඇතැම් පිරිස් තවමත් නගරයේ සිට ගම් බිම් බලා යමින් සිටින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කිසිදා නොවූ අයුරින් කැළණි ගගේ ජලයේ ගුණාත්මක බව ඉහළට
කැළණි ගගේ ජලයේ ගුණාත්මක බව යහපත් අතට හැරී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකල පරීක්ශනයකින් තහවුරු වී ඇත.

එමෙන්ම මෑතකලයේ කිසිදිනක කිසිදිනක වාර්තා නොවූ අයුරින් එම ජලයේ ගුණාත්මක බව වැඩිවී ඇතැයිද ඔවුන් පවසයි

කර්මාන්ත ශාලාවලින් ද්‍රව්‍යමය මුදා නොහැරීම කැළණි ගගේ ජලය ගුනාත්මක බව ඉහල යාමට ප්‍රධාන හේතුව වී ඇතැයිද ඔවුන් සදහන් කරයි.

ජාත්‍යන්තර සෞඛ්‍ය රීතීන් කඩ කිරීමෙන් එදා ලංකාවට "කොලරා වසංගතය බෝ වුනු හැටි "
මේ දිනවල පැතිර යන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝග තත්වය නිසා ඉන් මිය යන අයව ආදාහනය කල යුතු ආකාරය පිලිබඳව පසුගිය දිනවල බොහෝ අදහස් පල වී තිබුනා.

නමුත් මෙහිදී අනුගමනය කල යුතු වන්නේ යම් ජන කොටසක ඉල්ලීම නොව ජාත්‍යන්තරය විසින් අනුමත කරන ලද උපදෙස් බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි.

මීට වසර ගණනාවකට පෙර කොලරාව පැතිරුනු අවස්ථාවේදී ගනු ලැබූ ඇතම් තීරණ නිසා එය ව්‍යාප්ත වී තිබූ ආකාරය පිලිබඳව සමාජ මාධ්‍යන්හි විවිධ සටහන් පලවී තිබුනා.

මෙම සටහන , ළමා රෝග පිළිබද වෛද්‍ය කසුන් ජයසුන්දර මහතාගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගත්තෙකි.

"1990 දශකයේ මුල්භාගයේදී ලංකාව කොලරා වසංගත තත්වයකට මුහුණ දෙනු ලැබුවා..කොළරාව යනු  විබ්‍රියෝ කොලරේ නම් බැක්ටීරියාවක විසින් ආමාශ ආන්ත්‍රික පද්ධතිය ආශ්‍රිතව බරපතල සංකූලතා ඇතිකරන එමෙන්ම ඉහළ මරණ අනුපාතයක් සහිත රෝගී තත්වයකි.මෙය ප්‍රජා සෞඛ්‍ය අවධානම ඉහළ A ගණයේ රෝගයකි..

 90 දශකයේ අප රට වෙලාගත් කොලරා වසංගතයට මූල බීජය ඇතිවූයේ ද අද ඇතිවී ඇති කතිකාවත මෙන්ම මූලික වී ඇති මලසිරුරු බැහැර කිරීමේ මුලික නීතින් පිළි නොපැදීමෙනි. 

ඉන්දියාවේ කේරලයේදී කොළරා වසංගතයෙන් මියයනු ලබන එක්තරා ජනවර්ගයකට අයත් ලාංකිකයෙකු මූලික මල සිරුරු කළමණාකරණ නීතින් පවා කඩ කරමින් ලංකාවට ගෙන්වාගෙන හැමිල්ටන් ඇලේ ඉහළ කොටසේ යම් ස්ථානයකදී ස්නානය කරවා වතාවත් ඉටු කොට ඇත..කොළරා වසංගතය එතැන් සිට හැමිල්ටන් ඇල පහල අති සුවිශාල ජනකායක් වෙත ද පසුව ලංකාව තුල යම් ප්‍රදේශ වෙතද පැතිරීමෙන් වසංගත තත්වයක් නිර්මාණය කිරීමකි...

මෙම සිදුවීම අපට යළි පසක් කරනුයේ මෙවැනි සංවේදී සෞඛ්‍ය තත්වයකදී සියලු ආගම් සහ විශ්වාසයන්ට ඉහළින් වෛද්‍ය උපදෙස් හා රීතීන් රෙගුලාසි පිළිපැදීමේ ගෝලීය අවශ්‍යතාවයයි..

දත්තයන්- වෛද්‍ය විද්‍යාත්මක ඉතිහාස ගත් දත්ත ඇසුරෙනි.."


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට / ලොව පුරා කොරෝනා වෛරස් මරණ 50000 ඉක්මවයි / කොරෝනා රෝගියෙකු මියගිය මරදානේ නිවාස සංකීර්ණයේ 400 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත - බෑනාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදනය වෙයි / ඉන්දියාවේ මිලියන ගණනකට කොරෝනා රෝගය වැළඳීමේ අවදානමක් ? / ජාත්‍යන්තර සෞඛ්‍ය රීතීන් කඩ කිරීමෙන් එදා ලංකාවට "කොලරා වසංගතය බෝ වුනු හැටි " ශ්‍රී  ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට / ලොව පුරා කොරෝනා වෛරස් මරණ 50000 ඉක්මවයි / කොරෝනා රෝගියෙකු මියගිය මරදානේ නිවාස සංකීර්ණයේ 400 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත - බෑනාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදනය වෙයි / ඉන්දියාවේ මිලියන ගණනකට කොරෝනා රෝගය වැළඳීමේ අවදානමක් ? / ජාත්‍යන්තර සෞඛ්‍ය රීතීන් කඩ කිරීමෙන් එදා ලංකාවට "කොලරා වසංගතය බෝ වුනු හැටි " Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2020 Rating: 5

0 comments:

Post a Comment