ශ්‍යාමලීගේ චියරු හිනාව (Shamali)

ශ්‍යාමලීගේ චියරු හිනාව (Shamali) - Your Choice Way

මේ කථාව සත්‍ය සිද්දියක් මූලික කරගෙන මා විසින් සිදු කරන ලද නිර්මානාත්මක කථාවකි.කථාව රසවිද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.මෙය සත්‍ය සිද්දියක් අලලා ලියවුන කතාවක් නිසා මෙහි එන නම්,ගම් සියල්ල සබෑ ඒවා නොවන බව සලකන්න.

"පුතා පුතා නැගිටින්න.දැන් එලිවෙලා.බලන්න ඔහොම නිදා ඉදල හරියනවද.ශෙහාන් අද ඔයාට කරන්න වැඩක් තියෙනව." ශෙහාන් යනු ලන්කාවේ ප්‍රමුක පෙලේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි.පියාගේ මුදල් බලයේ පිහිටෙන් ඔහු ඉතා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරමින් සිටි අතර එම ආකාරයේම මිතුරන් රැසක් ඔහු සමග ඇසුරු කලේ අන් සියල්ලමට වඩා ශෙහාන් සතුව තිබූ ධන බලයටය.ඔවුන් එම බලය භාවිතා කලේ නොහොඹිනා වැඩ වලට පමනක් අතර සිදුවන බොහෝ දේ ඔහුගේ පියා නොදැන සිටියේය.පවුලේ එකම පිරිමි ලමයා ශෙහාන් වූ නිසා ඔහුගේ මව කුමක් දැනගත්තත් පියාගෙන් ඒ බව සගවා සිටියේ එබැවිනි.ශෙහාන්ට බාල සහෝදරියක් සිටින අතර ඇය පෞද්ගලික විශ්වවිද්‍යලයක ඉගෙනුම ලබමින් සිටියාය.සිය දියනිය තමා මෙන්ම උසස් ව්‍යපාරිකයෙකුගේ පුතෙකුට යෝජනා කර ශෙහාන්ගෙ පියාට අවශ්‍ය වූයේ ව්‍යාපාර කටයුතු ශෙහාන්ට පවරා නිදහසේ ඉතිරි කාලය සිය බිරිදත් සමග ගෙවා දැමීමටය.

"ඕකේ ඕකේ ඩෑඩ්" කියමින් ඉතා අපහසුවෙන් ශෙහාන් නැගිට්ටේ සිය පියාට සිතින් බනිමිනි."පුතා ඔයා අද හපුතලේ වත්තට යන්න ඕන.එහේ ෆැක්ටරි එකට අද මැශින් වාගයක් එනව.ඔයා ගිහින් බලලා ඒ වැඩ ටික කරල එන්න.එහෙ මැනේජර් සිල්වට මන් කිවුව ඔයා එවනව කියල.වත්තෙ බන්ගලාව ලෑස්ති කරයි ඔයාට නවතින්න.එහෙනම් පුතා මන් යනව ඔයා එහෙට ගිහින් මට කෝල් එකක් දෙන්න." එසේ කියමින් ශෙහාන්ගෙ පියා කාර්‍යාලය වෙත යෑම සදහා පිටත්ව ගියේය.ශෙහාන්ද ඇදෙන් නැගිට මුලුතැන්ගෙය වෙත ගියේය."බලන්නකො අම්මෙ තාත්ත මට හපුතලේ යන්නලු.එපා වෙනවනෙ." එසේ කියමින් ඔහු තම මව බදාගත්තේ චාටුවටය."පුතේ තාත්ත ඕව කරන්නෙ ඔයාලටනෙ.අපි ඕව තියන් ඉන්නෙ නෑනෙ.කවදහරි මේව ඔයාලගෙ.පොඩි වැඩක්නෙ ගිහින් කරල එන්න."

අවශ්‍ය සියල්ල ලෑස්ති කරගෙන ඔහු තම පියා උපන්දිනයට තෑගි දුන් නව බෙන්ස් රථයට ගොඩ වූ ඔහු හපුතලේ බලා පිටත් වූයේය.මදක් දුර ගියපසු ඔහුගේ දුරකථනය නාද විය."මචන් ක්ලබ් එකට අලුත් කෑල්ලක් බැහැලලු.අද ගියොත් ඒක සෙට් කරගන්න පුලුවන්". ශෙහාන් සෙල්ලක්කාරයෙක් මෙන්ම සල්ලාලයෙක්ද විය.ඔහු මුදලට දිනපතා කාන්තාවන් ඇසුරු කල අතර ඔහුගේ කඩවසම් රූපයට රැවටුන යුවතියන් ඔහු නිසා අනාථ වූ ගනන කොතරම්දැයි ඔහුවත් නොදනී.නමුත් ඒ කිසිවක් ඔහුට ගනනක් නොවූ අතර එය ඔහුට විනොදයක් විය."අද එන්න විදියක් නෑ බන් මන් වැඩකට පොඩ්ඩක් දුරට යනව බන්.උබල පලයල්ල අද". එසේ කියමින් දුරකථනය තැබූ ඔහු සිය පියාට සිතෙන් බනිමින් හපුතලේ ඔව්න්ගේ තේ වත්ත කරා ලගාවිය.

"අයිසෙ සිල්වා තමුසෙලට බැරිද හලෝ මේ වැඩ තනියෙම කරගන්න.අපේ තාත්ත පින් පඩි දිදී මුන් තියා ඉන්නව.බලපන් මන් මේව බාරගත්ත දවසට උබලට ගහල එලවන්නෙ".කාරය අසලට ශෙහාන්ව පිලිගන්නට ආ සිල්වට ඔහු බැන වැදුනේ කාරයෙන් බසිනවාත් සමගය.ඔහු තම පියාටත් වඩා වැඩිමහල් අයෙකු වුවත් වැඩිහිටියෙකුට ගරුකිරීමට නොදත් ශෙහාන්ට එය ගානක් නොවීය.වැඩ කරන මිනිසුන් ඉදිරියේ බැනුම් ඇසීමෙන් ඉතා අපහසුතාවයට පත් වූ ඔහු පසෙකට වූයේ රූරා වැටෙන කදුලු හොරෙන් පිසලමිනි.

සවස් වන විට වැඩ අවසන් කර ශෙහාන් බන්ගලාවට යෑම සදහා පිටත් විය.මගදී දර ගෙන යන කාන්තාවන් නිසා මග ටිකක් ඇසිරුනු අතර ඔහු කාරයෙන් බැස එම කාන්තාවන්ට බැන වැදුනේය."යකෝ තොපිට මේ වෙලාවෙම මෙතනින් යන්න ඕන උනාද.පාරෙන් අයින් වෙනියවු".එසේ බනිමින් කාරයට නැගුනු ඔහු පාරේ පැත්තකට වී සිටි කාන්තාවන් දෙස රවා බලමින් කාරය පැදවීය.නමුත් එක් වරම ඔහු මුහුනක් දුටු අතර කාරය නවත්වා කන්නාඩියෙන් ඇය දෙස බලා සිටියේය.සැබැවින්ම ඇය රුවැතිය.දුටු කෙනෙක් ඇය දෙස තවත් වරක් හැරී නොබැලුවනම් එය පුදුමයකි.මදකට කලින් සිදු වූ දෙය නිසා ඈ මදක් තැතිගෙන සිටියාය.ඔහු මද වෙලාවක් බලා සිට සෙමෙන් කාරය ඉදිරියට පැදවීය.බන්ගලාවට පැමින තම කාමරයට ගිය ඔහු ඈ ගැනම කල්පනා කරමින් සිටි අතර "මහත්තයෝ බෑග් එක මෙතනින් තියන්නද".ඒ චුට්ටාගේ කටහඩයි.ඔහු බන්ගලාවේ මුරකරු වන අතර අවුරුදු 56ක පමන විය.ඉතා නපුරු පුද්ගලයෙකු වූ ඔහු ශෙහාන්ට මදක් හිතවත් විය.වත්තේ සියලු දෙනාම ඔහුට බිය වූ අතර නිතර ඔහු අත තිබූ තුවක්කුව නිසා එය දෙගුන තෙගුන විය.

"හා ඔතනින් තියපන්.චුට්ටේ මන් එද්දි කෙල්ලක් දැක්ක බන්.වැඩිය උස මහත නෑ.ලස්සන කෙල්ලක්.සුදුයි මූන පිරිල.මාරම ලස්සනක් ඒකිගෙ තියෙන්නේ බන්.

" "ආ ඔය පද්මයගෙ දුව.ඒකිගෙ ලස්සනට ගහන්න මේ පැත්තෙ වෙන එකියක් නෑ.උනුන් මේ වත්තෙම තමයි ඉන්නෙ."ශෙහාන්ගේ ඉහේ මලක් පිපුනා වැනිය."මට ඒකි බලන්න ඕන බන්."ශෙහාන් කෙබදු චරිතයක්ද යන්න චූට්ටේ දැන සිටි අතර ඔහු ඒවාට උදවු කලේ නොකලොත් තමන්ට යනඑනමන් නොමැති වන නිසා පමනක් නොවේ මේ සියල්ලේම අනාගත උරුමක්කරයා හොදින් තියන් හිටියොත් ඉදිරියට වාසියක් වන නිසාය."හරි බේබි මහත්තය අපි හෙට යමු" එසේ කියමින් ශෙහාන් ගෙනවිත් තිබූ බ්‍රැන්ඩි බෝතලෙන් වීදුරු කිහිපයක් ගෙන ඔහුගේ කාමරයට ගියේය.

පසු දින වත්ත බැලීමට යන මුවාවෙන් ඔවුන් පද්මෙගෙ නිවස දෙසට ගියේය."ආ චුට්ටෙ අයියේ තකහනියක්ම මේ පැත්තෙ" එසේ කියමින් ඔවුනට ඉදගැනීමට ආසන ලබා දුන් අතර "මේ අපේ බේබි මහත්තය නිකන් වත්තෙ ඇවිදින්න ආව.ඒ ගමන් මෙහෙට ගොඩ උනේ.කෝ දුව නැද්ද බන්.වතුර එකක් ගෙන්ත් දියන්කො බොන්න".එසේ කියමින් ඔහු ශෙහාන් දෙස බලා ඇහැක් වැසීය."දුව වතුර එකක් ගේන්න චුට්ටෙ මාමට බොන්න".මද වේලාවකින් ඇය වතුර වීදුරුවක් රැගෙන එලියට පැමිනි අතර ශෙහාන්ව දැක තිගැස්සී නැවතුනේ පෙරදින සිදු වූ දේ සිහිවීමෙනි."මොකද බන් උබ යකෙක් දැක්කද ඕක මෙහට ගෙනෙන්" චුට්ටේ තරමක් සැර උනේය.වතුර වීදුරුව ඔහු අතට දී ඇය වේගයෙන් ගේ තුලට දිව ගියාය.මද වේලාවක් කතා බස් කර සිටි අතර ශෙහාන් ඉදිරියට ඇය නැවත පැමිනියේ නැත.මේ අතර චුට්ටේ තම කපටි මොලෙන් අදහසක් ලබාගත්තේය."පද්මේ බේබි මහත්තයට දියඇල්ල බලන්න යන්න ඕනලු.මගෙ කකුලෙ අමාරුවක් තියෙනව බන් ඔය ගල් උඩ දුවන්න බෑ".එවිට පද්මේ "කමක් නෑ අයියා ඉන්න මන් මහත්තයත් එක්ක ගිහින් එන්නම්".ඔවුන්ගේ සැලසුම ව්‍යර්තවේයැයි ශෙහාන්ට සිතුනේය.ඔහුගේ මුහුනේ ඉරියවුවෙන් එය වටහාගත් චුට්ටේ "උබ ගියාම මන් කතා කර කර ඉන්නෙ උබෙ ගෑනිත් එක්කද".එසේ කියමින් ඔහු මල්ලේ ඇති අරක්කු බෝතලය පද්මෙට පෙන්නුවේය."අයියේ යවන්න කෙනෙක් නෑනෙ"."දුවත් එක්ක යවපන්".පද්මෙ මදක් පසු බෑ අතර එවිට චුට්ටේ "යකෝ බේබිමහත්තය ඔයිට වඩා ඒව දැකල තියෙනව උබේ දුවව උස්සන් යනකන් නෑ.ඇරත් අපේ මහත්තය නිසයි උබ අද මෙහෙම ඉන්නේ".මදක් අකමැත්තෙන් උවත් කිරීමට කිසිදු දෙයක් නොමැති නිසා තම දියනියට කතා කලේය.ඇය අකමැත්තෙන් උවද පියාගේ ඉල්ලීම අහක නොදැම්මේ චුට්ටේට මෙන්ම ශෙහාන්ටද ඇති බිය නිසාය.

වත්තේ ඇති අඩි පාර දිගේ ඔවුන් ගමන් කලෝය.ශෙහාන් මදක් ඉදිරියෙන් ගමන් කලේ පසුපසින් එන ඇය දෙස හොරෙන් බලමිනි.දිය ඇල්ලට ගිය පසු මුව සෝදා ගලක් මත ඉදගනිමින් ඇයටද කතා කලේය.ඇය අකමැත්තෙන් වුවද එතනට ගියේ ඔහු කිහිප වරක්ම ඇවිටිලි කල නිසාවෙනි."ඔයාගෙ නම මොකක්ද"." ශ්‍යාමලී" ඇය ඉතා සෙමෙන් පැවසීය."ශ්‍යාමලී ඇයි මට බයෙන් වගේ.ඊයෙ උන දේටද?." ඈ සෙමෙන් හිස සැලීය."බය වෙන්න එපා ශ්‍යාමලී එවලෙ මන් ටිකක් කේන්තියෙන් හිටියේ.අපේ තාත්ත හිතන් ඉන්නෙ මන් මෑශිමක් කියල.මට ගෙදර කිසි නිදහක් නෑ.සල්ලි සල්ලි සල්ලි.මාත් ආසයි ජීවිතය විදින්න ඔයාල වගේ.චූටි කාලෙ ඉදන් මට කාගෙවත් ආදරයක් ලැබුනෙ නෑ.මට ජීවිතේ එපා වෙලා තියෙන්නෙ ශ්‍යාමලී".ඔහු බොරුවට කදුලු පිසිමින් එසේ පැවසුවේ ඇයගේ සිත දිනාගැනීමේ අදිටනිනි.මද වේලාවක් රැදී සිට නැවත ඔවුන් ශ්‍යාමලීගේ නිවස වෙත පැමිනියේය.තම බන්ගලාවට පිටත් වීමට ප්‍රතම ඇය හමු වූ ඔහු "මන් හෙට 10 වෙද්දි ඇවිත් අද අපි කතා කර කර හිටපු තැන ඉන්නවා.ඔයා එන්න.මන් බලන් ඉන්නව.නෑවිදින් හිටියට තරහ නෑ ඒත් කවදහරි ඔයා එතනට එනකන් මන් යන්නෙ නෑ."එසේ කියමින් ඇය පිලිතුරක් ලබා දීමට ප්‍රතම ඔහු පිටත්ව ගියේය."වැඩේ කොහොමද බේබි මහත්තය"."අවුලක් නෑ චුට්ටෙ උබ මාර සපොට් එකක් දුන්නෙ.ඕවට මන් සලකනවා."එදින්ත් ඔවුන් මත්පැනින් සප්පායම්ව රාත්‍රිය ගත කලෝය.

පසු දින ඔහු දියඇල්ල ලග සිටි අතර ඇය 12 වනතුරු නොපැමිනියාය.වැඩේ හරියනපාටක් නැද්ද කියා සිතමින් ඔහු ගලෙන් පහලට පනින විට "බේබි මහත්තය" ලෙස සිහින් හඩකින් ඔහුව ආමන්ත්‍රණය කලේය."ශ්‍යාමලී ඔයා ආවද.මන් දැනන් හිටිය ඔයා එයි කියල."එදින සවස් වනතුරු ඔවුන් කතා කර කර සිටි අතර එදින ඔහු ඇයගෙන් ආදරය විමසීය."මහත්තයෝ මන් දුප්පත් කෙල්ලෙක්.මන් ගොඩාක් දුක් විදින කෙනෙක්.මහත්තයට මාව ගැලපෙන්නෙ නෑ."ඇය එසේ කීවත් ඔහු මුරන්ඩු විය."මට මෙ කෙහෙල්මල් වලින් වැඩක් නෑ ශ්‍යාමලී මට ජීවත්වෙන්න සතුටයි ඕන.සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.""ඒක මන් දන්නව මහත්තයෝ ඒත් මට අම්ම තාත්තවත් නෑ.මේ මගෙ බාප්ප.මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා එහාපැත්තෙ කන්ද නාය ගිහිල්ල මන් චූටි කාලෙ.එදා ඉදන් බාප්පයි පුන්චි ලග මන් හැදුනෙ.මන් ගොඩාක් දුක් වින්ද කෙල්ලෙක් මාව මහත්තයට ගැලපෙන්නෙ නෑ මහත්තයෝ"."හරි ඔයා එහෙමනෙ කියන්නෙ ශ්‍යාමලී.මන් හෙටත් එනව ඔයා අකමැති උනොත් මන් ඇල්ල පහලට පැනල මැරෙනව.මොන කරුමයක්ද දෙයියනේ මේක.ඉදල ඉදල ආදරයක් ලබන්න හිතුව.මන් කවදාවත් මෙහෙම කෙනෙක්ට ආදරේ කරල නෑ.ඔයා තව මොකුත් කියන්න එපා ශ්‍යාමලී.ඔයා මට කැමතිනම් විතරක් හෙට ඇවිත් මාව බේරගන්න.අනුකම්පාවට මෙතනට එන්න එපා.හෙට 10 වෙනකොට මන් මෙතන."එසේ කියමින් ඇය පිලිතුරක් දීමට ප්‍රතම ඔහු පිටත්ව ගියේය.එදින ශ්‍යාමලීට නින්දක් නොවූ අතර ඇය කල්පනා කරමින් කල් ගෙවීය.පසු දින උදෑසන තීරනයක් ගත් ඇය ශෙහාන් පැමිනීමට ප්‍රතම දිය ඇල්ල අසලට පැමිනියාය.

"ඔයා මට කලින් ඇවිල්ල නේ" කියමින් ශෙහාන් ඈ අසලට පැමිනි අතර ඇයගේ උරහිසින් අල්ලා තමා දෙසට ලන්කරගත්තේය."මොකක්ද ඔයාගෙ උත්තරේ" ඔහු ඇසීය."මහත්තය මන් ගැන දන්නව.මාව කවදාවත් රවට්ටන්න එපා.මාව මැරෙයි" කියමින් ඇය හඩමින් ඔහුට තුරුලු වූවාය.එදිනත් බොහෝ වේලාවක් කතා කරමින් කල් ගෙවූ හවස් වනවිට පිටත් වූයේ පසු දිනත් හමුවීමේ බලාපොරොත්තුවෙනි.ශ්‍යාමලීට ශෙහාන් තම ජීවිතය වුවත් ශෙහාන්ට ඇය තවත් එක් කෑල්ලක් පමනක් විය.

කාලය ගෙවී ගියේය.එක් දිනක් රාත්‍රියේ රාත්‍රියේ ශෙහාන් චුට්ටේ සමග මත්පැන් තොලගාමින් සිටියේය."මොකද බේබි මහත්තය තවම අරකිගෙන් මොකුත් කරගන්න බැරි උනාද"."ඔවු බන් ඒකිගෙන් ඒව කරගන්න ලේසි නෑ" කියමින් ශෙහාන් පිලිතුරු දුන්නේය."එහෙම තමා මහත්තයෝ ගමේ කෙල්ලො.මන් දෙන්නම් මහත්තයට හොද ප්ලෑනක්."

පසු දින සුපුරුදු පරිදි ශ්‍යාමලී ශෙහාන් මුන ගැසිනි.එදින ශෙහාන් ශෝක බරිත මුහුනක් පෙන්නුවේය."ඇයි මගෙ සුදු මහත්තයෝ අද දුකෙන් වගේ".ඇය ඇසීය."ලොකු ප්‍රශ්නයක් ශ්‍යාමලී අපේ ගෙදරින් මට කසාද බදින්න කෙනෙක් හොයලා.ඔයාට කීයටවත් අපේ ගෙදරින් කැමති වෙන්නෙ නෑ.මට බය එයාල ඔයාට කරදරයක් කරයි කියල"ඔහු එසේ කියන විට ඇය කදුලු පිරි දෙනෙතින් ඔහු දෙස බැලුවාය."මගෙ මහත්තය මාව දාල යන්වද"."නෑ ශ්‍යාමලී කරන්න තියෙන්නෙ එක දෙයයි.අපි පැනල යමු.වෙන කිසි දෙයක් නෑ".කරන්න කිසි දෙයක් නොවූ හෙයින් ඇය එයට කැමතිවිය.එදින රාත්‍රියේ ඔවුන් පැන ගිය අතර ශෙහාන්ගේ පියා ලගකදී මිලදීගත් නිවසක ඔවුන් නැවතුනේය.එය වැලිමඩ නගරයෙන් පිටත තරමක් ජනගහනය අඩු ප්‍රදේශයක විය.අක්කර කිහිපයක ඉඩම සමග විශාල නිවසක් එහි විය.එය බලාගත්තේ චුට්ටේගේ මස්සිනා කෙනෙක් වූ මාටින් නිසා බියවෙන්න තරම් දෙයක් නොවීය.

පසු දින ශ්‍යාමලී නිවසේ නොමැති බව දැනගත් ගමේ අය ගම පීරා ඇයව සෙව්වේය.ඇය හා ශෙහාන් ගැන සම්බන්ධය ගමේ අය දැනන් නොසිටි බැවින් ඇගේ අතුරුදන් වීමට ඔහුව සැක නොකලෝය.මෙසේ සති කිහිපයක් ගෙවුනි.ශ්‍යාමලී ශෙහාන් සමග ඉතා සතුටින් කල් ගෙවුවාය.ඇය ඔහුගේ උපායකට හසුවී ඇති බව සිහිනෙකින්වත් නොසිතුවාය.මෙසේ කල්ගතවත්ම ශෙහාන් ටිකෙන් ටික වෙනස් වීය.ඔහු බීමත්ව දවස ගෙවූ අතර ශ්‍යාමලීට ගුටි බැට දෙන්නටද පටන් ගත්තේය.නමුත් ඇය ආදරය සහ අසරනකම නිසා ඒ සියල්ලම ඉවසා සිටියත් එක් දිනක් ඇයගේ ජීවිතය එපා කරවන සිදුවීමක් විය.ශෙහාන් තවත් කාන්තාවක් සමග ඇය ඉදිරිපිට යහන්ගතවිය.එදින ඇය හඩාවැලපුන අතර ශෙහාන් ඇයට පහර දී කාමරයෙන් එලියට ඇද දැම්මේය.ඇය සියදිවි නසාගැනීමට සිත් විය.ඇය දොරේ වේගයෙන් හිස හප්පාගත් අතර ඇය එයින් සිහිය නොමැතිව ඇද වැටුනේය.

පසු දින උදෑසන ශෙහාන් දොර හැර බැලූ විට හිසෙන් ගැලූ ලේ සහිතව බිම වැටී සිටි ශ්‍යාමලී ඔහු දුටුවේය.වහා ඇයව රෝහල් ගතකල අතර එහිදී ඇය ගැබිනියක් වී ඇති බව හදුනා ගත්තේය.එය දැනගත් විට ශෙහාන් ඉතා කලබල විය.වහා ටිකට් කපා ගියපසු ඔහු ඇයට ගබ්සා කිරීමට බල කලේය.තම කුසේ වූ දරුවාට ඇය මහත් සේ ආදරය කලේය."අනේ රත්තරන් මහත්තයෝ මන් යන්නම් ඔයාට නොපෙනෙන්න ඕන දුරක අනේ මගේ දරුව මට නැතිකරන්න එපා."ඇය ඔහු ලග හඩාවැලපෙන්න විය.නමුත් ඔහු එයට අකමැතිවිය.ඔහු ඇයව කාමරයකට ඇද දමා දොර වසා දොරගුලු ලෑවේය.ඇය බලා ගැනීම මාටින්ට භාර දී ඔහු කාරයත් රැගෙන වේගයෙන් පිටත්ව ගියේය.

සවස් වන විට ශෙහාන් වෛද්‍යවරයකු හා චුට්ටේ සමග පැමිනියේය."කෝ බන් අරකි" කියා දොර හැරගෙන ගිය ශෙහාන් හඩමින් සිටි ඇයට පා පහරක් එල්ල කලේය.විසිවී ගොස් ඇදට වැටුනු ඇයගේ අත් වලින් සහ කකුල් වලින් චුට්ටේ සහ මාටින් අල්ලාගත් අතර හැඩිදැඩි ඔවුන් දෙදෙනාගෙන් මිදීමට ඇයට නොහැකි විය.
වෛද්‍යවරයා තම කටයුත්ත සිදුකරන විට ශෙහාන් එලියට පැමින මත්පැන් බෝතලයක් කඩා බීමට පටන්ගත් අතර ශ්‍යාමලීගේ හැඩීම මුසු කෑ ගැසීම ඔහුට දරාගතනොහැකි විය.ටික වේලාවකින් එය අවසන්විය.ශ්‍යාමලගේ කිසිදු ශබ්දයක් නොවීය.ඒ සමගම කලබලයෙන් එලියට පැමිනි දොස්තර මහතා දුටු ශෙහාන් ඔහුගේ දෙවුරෙන් අල්ලා ගත්තේය."අයිම් සොරි ශෙහාන් ගොඩක් ලේ ගියා.මට එයාව බේරගන්න බැරි උනා."ශෙහාන්ට උන දේ සිතාගත නොහැකි විය.ඒ සමගම මාටින් සහ චුට්ටේද එලියට පැමිනියෝය.වෛද්‍යවරයාට මිලියන ගනනක මුදලක් ලබා දුන් ශෙහාන් ඔහුව පිටත් කලේය.අනෙක් දෙදෙනාට මතපැන් බෝතලයක් ලබා දුන් ශෙහාන් මත්පැන් පානයෙන් අනතුරුව චුට්ටේ සහ මාටින් සමග එක්ව ශ්‍යාමලීගේ නිසල දේහය සහ ඇද ඇතිරිලි සමග වත්ත පහල වලක් කපා සියල්ල වලලා දැමීය.පසුදින උදෑසනම ශෙහාන් කොලඹ ගිය අතර මාටින්ට සහ චුට්ටේටද මුදලින් උදවු ලබා දීමට ඔහු අමතක නොකලේය.

මේ කිසිදු දෙයක් ශෙහාන්ගෙ නිවසේ අය දැන නොසිටි අතර ඔහු නිවසේ අයට බොරු කියා සියල්ල අස්වැසීය.කාලය සෙමෙන් ගතවිය.සිදු වූ සියල්ල ශෙහාන්ට අමතක විය නැවත ඔහු ඔහුගේ සෙල්ලක්කාර ජීව්තය ආරම්බ කලේය.එක් දිනක් සවස් යාමයේ මාටින් රා බෝතලයක් බී තවත් බෝතලයක් රැගෙන පැමිනියේය.ගේ ඇතුලට ගොඩවෙනවාත් සමග මහ වර්ශාවක් පටන්ගත් අතර මාටින් ඉතිරි රා බෝතලය බීමට පටන් ගත්තේය.දොරට තට්ටු කරන හඩ ඇසිනි."කවුද යකෝ" කියමින් දොර හැරි අතර ඔහු දුටුවේ අවුරුදු 20ක පමණ යුවතියකි."මන් ගෙදරින් පැනල ආවෙ.ගොඩක් වහිනවා.යන්න තැනක් තිබුනෙ නෑ.මේ ගේ දැකල ආවෙ."ඇය දුටු ඔහුට ඇය ගැන සිත් ඇතිවිය."වරෙන් කෙල්ලෙ ඇතුලට.තෙමිලනෙ උබ අර කාමරේට ගිහින් ඇදුම් මාරු කරගනින්."කිසිත් නොකියා ඇය ඔහු පෙන්නූ කාමරයට ගියාය.නැවත පැමින රා බෝතලය තොලගාන අතරතුර ඔහු ඇයසිටි කාමරය දෙස බැලීය.ඇය කොන්ඩය පිසදමමින් සිටි අතර මාටින් සෙමෙන් සීරුවේ ඇයට කිට්ටු වී උරහිසෙන් අල්ලා තමා වෙතට ඇදගත්තේය.ඇයගේ කිසිදු අකමැත්තක් නොපෙනුන බැවින් ඔහු ඇයව තමා පැත්තට හරවා ගත්තේය.ඇයගේ හිසකෙස්වලින් මුහුන වැසී තිබිනි.ඔහු සෙමෙන් ඇයගේ හිසකෙස් දෑතින් මෑත් කරන විට ඇය ඔහු දෙස බැලීය.වේගයෙන් ඔහු පසුපසට පැන්නේය."මොනවා උබ මැරිලා.උබ මැරිලා".ඔහු දෑස් වසාගනිමින් කෑ ගැසුවේය."මැරුනෙ නෑ තොපි සේරම එකතුවෙලා මාව මරාගත්ත.""මට සමාවෙන්න මට සමාවෙන්න" කියමින් ඔහු ඇය ඉදිරියේ වැදවැටුනේය."සමාවෙන්න සමාවෙන්න" කියමින් මහා හයියෙන් වියරු සිනාවක් පාමින් ඇය ඔහු දෙස වෛරය පිරුන දෙනෙත් වලින් බැලුවාය.ඒ සමගම ඇය අතුරුදන් වූ අතර මාටින එලියට පැන වේගයෙන් දිවගියේය.අදුරේ දුවයන ඔහුට දුවන්නේ කොහිදැයි කියා කිසිදු දැනුමක් නොවීය.එක් තැනකදී ඔහු බිමට ඇදවැටුනේය.ඔහු බියෙන් වටපිට බැලීය."උබට මතකද මෙතන".ඔහුට පිටුපසින් ශ්‍යාමලී සිටගෙන සිටියාය."තොපි මාව වලදැම්මෙ මෙතන.දැන් තෝ මැරෙන්නෙත් මෙතන."එසේ කියමින් ඇය ඔහුගේ බෙල්ලෙ අල්ලා ඉස්සීය.ඇයගේ වෛරයෙන් දිලිසෙන දෑස දෙස බැලීමටවත් ඔහුට නොහැකි විය.පොලවෙන් අඩි ගනනක් උසට බෙල්ලෙන් ඔසවා සිටි නිසා ගෙල සිරවී ඔහු ඉතා දුක් විද මිය ගියේය.

"චුට්ටේ අයියේ මන් මාටින් මල්ලි.හොද වල් ඌරු මස් ටිකක් හම්බ උනා.මන් බෝතලේකුත් ගේන්නම්.වරෙන් මේ පැත්තෙ හවස්වෙල"."ආ හරි හරි බන්" කියමින් දුරකතනය තිබූ චුට්ටේ අදුර වැටෙද්දී මාටින් වාසයකල බන්ගලාවට ලගාවිය."මාටියෝ මාටියෝ"කියමින් ගේ ඇතුලත ඔහු මාටින්ව සෙවුවේය."චුට්ටෙ අයියෙ මන් මේහෙ".මාටින් කෑ ගැසුවේ."මේ රෑ ඔය කැලේට වෙලා උබ මොකක් කරනවද" කියමින් ඔහු ඒ දෙසට ඇදුනේය.හඩ ඇසුන තැන ඔහු නොසිටි බැවින් නැවතත් ඔහු මාටින්ව ඇමතුවේය."අයියේ මන් මෙහේ" කියමින් නැවතත් මාටින් කෑ ගැසුවේය.නැවත නැවත කිහිප වතාවක් එසේ සිදුවිය.අවසන් වතාවේ හඩ ඇසුන තැනට ගොස් මාටිනව සොයද්දී යම් දෙයක කකුල පැටලී ඔහු බිම වැටිනි.ඒ කුමක්දැයි කියා හැරී බලද්දී ලා සද එලියේ ඔහු දුටු දෙයින් බිය විය."මාටින් මාටින් උබට මේ මොකක්ද උනේ.නැගිටපන් නැගිටපන්".ඔහුගේ දෙවුරෙන් අල්ලා සෙලවීය."ඌ මැරිල".ඇසුන ශබ්දයෙන් තිගැස්සී චුට්ටේ හැරී බැලීය.ඔහු දුටු දෙයින් බිරාන්තව ගිය අතර මුහුන පුරා දාඩියෙන් පෙගී ගියේය.ගිලින්න කෙල කදුලක් කටේ නොතිබූ අතර වචනද කැඩි කැඩී පිටවිය."මේ මේ මේක වෙන්න බෑ".එක ක්ශනයෙන් ඇය ඔහු දෙසට ලන් ඌවාය."මමයි මූව මැරුවෙ.උබවත් ගෙන්නගත්තෙ මමයි.අද උබත් මෙතනම මැරෙනව." අනේ දුවේ මාව අතෑරපන්.මේවට මන් සම්බන්ද නෑ."වෛරයෙන් කාන්තිමත් වූ දෑස් යුගල ඔහුගේ දෑස් මතට ලන්කර ඇය "තෝ තමා මේ හැමදේටම මුල.අහින්සක මාව දුක් විදල මැරුනෙ තෝ මාව බිල්ලට දුන්න නිසා.අද තෝ මැරෙනව."වෙවුලමින් හඩමින් ජීවිතය යදින චුට්ටේ දෙස රවා බලමින් වියරුවෙන් මහා හයියෙන් සිනාසුන ඇය අතක් ඉහලට එසවූවේය.ඇයගේ ඇගිලිුතුඩු අගින් අඩියක් පමන ඉහලට නියපොතු දිගු වූවේය.නැවතත් චුට්ටේ දෙස බැලූ ඇය වේගයෙන් ඔහුගේ උදරය මතට පහරක් එල්ලකල අතර නැවත නැවතත් එවැනිම පහර කිහිපයක් එල්ල කර චුට්ටේගේ අතුනුබහන් එලියට ඇද්දේය.වියරු සිනාව නගමින් ඇය එම ක්‍රියාව සිදුකරන අතරතුර ඔහු ඉතා වේදනාවෙන් මියගියේය.

"නර්ස් ලෙඩ්ඩු ඉවරද"."ඔවු ඩොක්ටර්".එසේ අසමින් වෛද්‍යවරයා තම සේවා ස්තානයෙන් එලියට ගමන් කලේය.තමා ඉදිරියට කාන්තාවක් පැමිනි අත්ර ඇය ඔහු දෙස රවා බලාසිටියාය."ඩොක්ටර් ඩොක්ටර්" ඔහුට නර්ස් කතා කලත් නෑසුනාත්මෙන් කාරයට නැගී ගමන් කලේය.පියවි සිහියට ඔහු එනවිට ඔහු සිටියේ කැලයකය.දෑස් පිසදමමින් වටපිටාව බැලූ ඔහු දුටුවේ ඔහු රෝහල අසල දුටු කාන්තාවය."මන් කොහොමද මෙතනට ආවෙ".ඇය ඔහු ලගට කිට්ටුවිය."මමයි උබව ගෙනාවෙ"."මොකක් ඒ කොහොමද,කවුද තමුසෙ".ඇය ඔහු අසලට ලන්විය."මන් කවුද, මන් කවුද ඇයි උබට මතක නැද්ද.මන් උඹ මගෙ දරුව මගෙ බඩේම මරල මාවත් මැරුවෙ".ඇය ඔහු අසලට කිට්ටු විය."මොකක් මේක වෙන්න බෑ මේක වෙන්න බෑ අනේ මට මොකුත් කරන්න එපා".වෛද්‍යවරයා පය පැටලී බිම වැටිනි."තෝ වගේ එදා මන් තොගෙන් ජීවිතය ඉල්ලුව.ඒත් තෝ සල්ලි වලට පෙරේතකමේ මාව මැරුව මගෙ බඩේ හිටපු දරුවත් එක්ක.අද මගෙන් උබට බේරුමක් නෑ".එසේ කියමින් වියරු සිනාවක් මහහඩින් පෑවාය.එසැනින් අසල ගල්කුලක් වේගයෙන් ඇගේ දෑත් අතර පාවී ඇවිත් රැදිනි.ගල්කුල ඉහලට ඔසවා සිනාව අවසන්කර වෛද්‍යවරයා දෙස වෛරයෙන් රවා බැලීය.ඔහු බියෙන් වෙවුලමින් ජීවිතය යදිමින් සිටියේය.නැවතත් වියරු සිනාවක් නගාගත් ශ්‍යාමලී ඔසවා සිටි ගල්කුල ඔහුගේ හිසට එල්ල කලාය.එසැනින්ම එම පහරෙන් හිස පොඩි වී ගිය වෛද්‍යවරයා එතැනම මිය ගිය අතර ශ්‍යාමලීගේ තුන්වන බිල්ලත් සම්පූර්ණ විය.

මේ කිසිවක් නොදත් ශෙහාන් සුපුරුදු කෙලිදෙලෙන් කල් ගත කල අතර වෛද්‍යවරයාගේ මරනින් පසු දිනයේ ශෙහාන්ගෙ පියාගෙන් දුරකතන ඇමතුමක් ලැබිනි.එයින් කියවුනේ ඔහුව ඉක්මනින් හමුවන ලෙසයි."ආ ශෙහාන් මන් එන්න කිවුවෙ පුතේ වැලිමඩ ගෙදර අමුතු දෙයක් වෙනව.අර මාටින් ආගිය අතක් නෑ.චුට්ටෙ එහෙ එනව කියල පෙරේදා ඇවිත් ඒ මිනිහත් ආගිය අතක් නෑ.ඊයෙ හපුතලේ පැත්තෙ ඩොක්ටර් කෙනෙක්ගෙ කාර් එකක් මිදුලෙ දාල මිනිහත් ආගිය අතක් නැතිලු.අනේ මන්ද මොනව වෙනවද කියල.අද මට එහේ පොලිසියේ ඕ.අයි.සී කතාකරල කට උත්තරයක් දෙන්න එන්න කිවුව.මට යන්න විදියක් නෑ පුතා ගිහින් බලනවද".එදින සවස වැලිමඩ යාම සදහා ශෙහාන් පිටත් වූයේ එදින රැය ගතකිරීම සදහා හෝටල් කාමරයක්ද කලින් වෙන්කර ගනිමිනි.වැලිමඩ ආසන්නයට ඔහු ලන්වෙනවිට අදුර වැටී තිබුන අතර ඇද වැටුන මහා වර්ශාව නිසා එය දෙගුන විය.වැස්සත් අදුරත් නිසා ශෙහාන් කාරය සෙමෙන් පැදවීය.

එක්වරම දරුවෙක් ලයට තුරුලු කරගෙන සිටි කාන්තාවක් කාරයට අත දැමීය.කාරය නැවැත් වූ ශෙහාන් වීදුරුව පහත් කලේය.අදුර නිසා ඔහුට ඇයගේ මුහුන පැහැදිලිව නොපෙනෙනුයේය."මහත්තය මාවයි දරුවවයි ඉස්සරහින් බස්සල යනවද"."හරි නගින්න".නැවතත් ගමන ඇරඹ්නි.ඇය තම දරුවා සුරතල් කරමින් සිටි අතර සිදු වූ සිදුවීම් නිසා කැලඹීමට පත්වසිටි ශෙහාන්ටද ඇය හා කතා කිරීමට සිතක් නොවීය.ටික දුරක් යනවිට "ඔව් මගෙ පැටියෝ මේ ඔයාගෙ තාත්ත".මෙය කිහිප වතාවක් කියනු ශෙහාන්ට ඇසුනි.ඔහු එම කටහඩ හුරුපුරුදු බව දැනුන නිසාත් හැරී බැලීය.එවිට එම කාන්තාව දරුවා ඔසවා "මේ ඔයාගෙ තාත්ත" යනුවෙන් කීවේය.එයින් ශෙහාන් තරමක් කේන්ති ගත් අතර තරමක් සැරෙන් "මොකක්ද කිවුවෙ කාගෙවත් ලමයිට උප්පැන්න දෙන්න මාව ගාවගන්න එපා" කියා කීවෙය.එවිට ඇය ඔහු දෙස හැරී බැලීය."ඇයි මහත්තයෝ මේ අපේ දරුවනෙ." දුටු දර්ශනයෙන් ශෙහාන් ඉතා බියට පත්විය."මොකක් මේක වෙන්න බෑ.උබ මැරිල.උබ මැරිලා" ."මැරිල නෙමෙයි මහත්තයෝ මාව මැරුව.මහත්තයයි තව පහරයො තුන් දෙනෙක් එක්ක එකත්වෙලා මාවයි මගේ කුසේ හිටපු අහින්සක දරුවයි මැරුව.

මගෙ ආදරේට දුන්න තෑග්ග තමයි ඒක."එසේ පවසමින් ඇගේ අහින්සක පෙනුම වෙනස් වී දරුනු පෙනුමක් ඇතිවිය.වෛරයෙන් දිලිසෙන දෑස් ඔහු දෙසට එල්ල කල අතර එම දෑස් ගිනිදැල්වල තරමට රත්පැහැ විය.දරුනු කටහඩකින් නැවත ඇය ඔහුව ඇමතීය."මන් අරුන් තුන්දෙනා මැරුව.අද උබේ වාරෙ" කියමින් ඈ වියරුවෙන් සිනාසිනි.එසැනින් ඈ අතුරුදන්විය.අපහසුවෙන් කාරයේ දොර හැරගත් ඔහු බියෙන් ගැසෙමින් දුවන්නට විය.එක් වරම ඔහු ඉදිරියට චුට්ටේ පැමිනියේය ."බේබිමහත්තය බේබිමහත්තය ඒකි මට කරපු දේ මේ බලන්න" කියමින් ඔහුගේම අතුනුබහන් එලියට ඇද දැම්මේ වියරු හඩින් සිනාසෙමිනි.කෑ ගසමින් ජීවිතය බේරාගැනීමට දිවයන අතතුර ඔහු ගසක වැදී බිම වැටිනි."තව කොච්චර දුර දුවන්නද මහත්තයෝ".දිව පපුව දෙසට ඇදී දෑස් එලියට පැන තිබූ මාටින් ඔහු අසල විය."මේක වෙන්න බෑ මේක වෙන්න බෑ" කියමින් ලේ ගලන නලලත මත අත තබා නැවතත් දුවන්නට විය.එක් වරම ඔහු නැවතුනි.පොඩිපට්ටම් වූ හිස සහිත ශෙහාන්ගේ මිත්‍ර වෛද්‍යවරයා විය.කර කියා ගත නොහැකිව ශෙහාන් පසුපස බැලීය.එහි මාට්න් විය.තවත් පැත්තකින් චුට්ටෙ සිටියේය.එක පැත්තක් නිදහස්ව තිබූ හෙයින් ඔහු ඒ දෙසට දිව ගියේය.මද දුරක් දිවගිය ඔහු එක තැනක දනින් වැටුනේය.හඩමින් ශ්‍යාමලීගෙන් ජීවිතය යැද්දේය."මාත් එදා උබෙන් ඔහොම තමයි ජීවිතය ඉල්ලුවෙ.ඒත් උබල මට මොකක්ද කලේ.තව අඩපන් හයියෙන් අඩපන්.මන් උබට මට කරපු දේ තව කෙනෙක්ට කරන්න ඉඩ තියන්නෙ නෑ." එසේ කියමින් ඇය ඔහුට ලන්විය."අනේ මාව මරන්න එපා".ශෙහාන් බැගෑපත්විය."නෑ මන් උබව මරන්නෙ නෑ.ඒ දඩුවම උබට පොඩි වැඩී.උබ ජීවත් වෙනවා හැබැයි හැමදාම මැරි මැරි." මෙසේ කියමින් වියරු සිනාවක් මහ හඩින් නගමින් ඇය අතුරුදන්විය.

පසුදින උදෑසන පොලිසියේ ශෙහාන්ව සොයාගන්නාව්ට ඔහු තමා කල වරද පාපොච්චාරණය කරමින් ශ්‍යාමලී යටකල තැන අත්වලින් හාරමින් සිටි අතර චුට්ටේගේ මාටින්ගේ සහ වෛද්‍යවරයාගේ සිරුරුද ඒ අසලවිය.පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව එම ස්තානය හාරා ශ්‍යාමලීගේ සිරුර සොයාගත්තේය.ගෙල පැලදි මාලෙන් සහ අත පැලදි අත් පලදනාවෙන් මෙය ශ්‍යාමලීගේ සිරුර බව ඇගේ බාප්පා විසින් හදුනා ගනු ලැබිනි.සැකපිට ශෙහාන්ව අත් අඩන්ගුවට ගත් අතර උසාවි නියෝගය මත ඔහුව මානසික රෝහලකට යොමු කෙරිනි.එතැන් පටන් දිනපතා තනි වූ සෑම වේලාවකම ශ්‍යාමලී ඔහු ඉදිරිපිට පෙනී සිටියාය.එම නිසා ඔහුගේ උමතුව අඩුවීමක් නොමැතිවිය.සිදු වූ දෙයින් පවුලට වූ අවනම්බුව සුලුපටු නොවීය.මාධ්‍ය ඉතා ඉහලින් එය වාර්තා කලේය.ශේහාන්ගෙ පියා තමා සතු සියලු දේපල විකුනා දමා සිය බිරිද සහ දියනිය සමග පිටරටක පදින්චියට යෑමට තීරනය කලේ තම එකම පුතා මියගොස් ඇතැයි සිතා සිත හදාගෙනය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශ්‍යාමලීගේ චියරු හිනාව (Shamali) ශ්‍යාමලීගේ චියරු හිනාව (Shamali) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2022 Rating: 5

0 comments:

Post a Comment