නීරමුල්ලිය / කටු ඉකිරිය (Neeramulliya / Katu Ikiriya- Hygrophila Schulli)

නීරමුල්ලිය / කටු ඉකිරිය (Neeramulliya / Katu Ikiriya- Hygrophila Schulli) - Your Choice Wayනීරමුල්ලිය / කටු ඉකිරිය (Neeramulliya / Katu Ikiriya- Hygrophila Schulli) - Your Choice Way

🌿 මෙය තෙත් හෝ ජලාශ්‍රිත ප්‍රදේශවල 1.25 m තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහු වාර්ෂික පැළෑටියකි.

🌿 සිලින්ඩරාකාර කඳේගැට අසල රෝම සහ තියුණු කටු පිහිටා ඇත.

🌿 දිගැටි පත්‍රද බූව සහිතය. පුෂ්ප 6-8 වලයන් ලෙස පිහිටා ඇත.

🌿 පෙති (දල) දම් නිල් පැහැතිය.

🌿 ඵලය 1 cm පමණ දිග ස්ඵෝ ටිකාවකි.

🌿 මෙරට වියළි හා තෙත් කලාපයේ විවෘත වගුරු බිම්වල පාර දෙ පස ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබේ.

🌿 මෙහි නිල් පැහැති මල් සහිත වර්ගයක් සහ සුදු මල් සහිත වර්ගයක් ඇත. සුලභව දක්නට ඇත්තේ නිල් පැහැති මල් පිපෙන වර්ගයයි.

🌿 නීරමුල්ලි රසවත් පලාවක් ලෙ ස ආහාරයට එක්කර ගත හැකිය. මෙය Acanthaceae කුලයට අයත් ශාකයකි.

🌿 නාඩි දුබලතාව, වාත රෝග, ආමවාත, පිත්තාතිසාරය, රත්පිත්, වාතරක්ත, සෙංගමාලය , මූත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීරමුල්ලිය ශාකයේ කොළ, මුල්, බීජ ඇතුළු පංචාංගයම භාවිතයට ගනී.

🌿 මුත්‍රාශයේ ගල් ඇති අයට ලුණුවර පොතු, නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම, පොල්පලා, නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පමණ බීම මගින් එම රෝගයෙන් සහනය ලැබිය හැකිය.

🌿 වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුන විට නීරමුල්ලිය කොළ තැම්බූ ජලයේ කකුල් බාහා තබමින් සේදීම හා තැම්බුණු කොළවලින් තැවීම සිදුකරයි.

🌿 රුධිර ධාවනය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇති අයට අහිතකරයි. මුත්‍ර කාරක, කාමොද්දීපක, ඉදිමුම් නසන, ශුක්‍ර දුබලතාවන් නසන ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
නීරමුල්ලිය / කටු ඉකිරිය (Neeramulliya / Katu Ikiriya- Hygrophila Schulli) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නීරමුල්ලිය / කටු ඉකිරිය (Neeramulliya / Katu Ikiriya- Hygrophila Schulli) නීරමුල්ලිය / කටු ඉකිරිය (Neeramulliya / Katu Ikiriya- Hygrophila Schulli) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 14, 2022 Rating: 5

0 comments:

Post a Comment