Ridi Kadukkan Song Lyrics - රිදී කඩුක්කන් ගීතයේ පද පෙළ

Ridi Kadukkan Song Lyrics - රිදී කඩුක්කන් ගීතයේ පද පෙළRidi Kadukkan Song Lyrics - රිදී කඩුක්කන් ගීතයේ පද පෙළ
Song Title : Ridi Kadukkan (රිදී කඩුක්කන්)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : දෙල්තොට චන්ද්‍රපාල
තනුව : ස්ටැන්ලි පීරිස්


රිදී කඩුක්කන් කනේ පළන්දා
තුන් පොට ඇට වැල ගෙලේ පළන්දා
දෙන්නට දෙන්නා දිවුරා කී මුත්
පැතූ පැතුම් ඉටු වුණේ නැතේ

බණ්ඩි ගොයම හුළඟේ නැළවෙනවා
ලන්ද උඩින් සඳවතක් පිපෙනවා
වෙල් ඉපණැල්ලේ සීපද කී හැටි
පුංචි මස්සිනේ සිහිවෙනවා

රිදී කඩුක්කන් කනේ පළන්දා
තුන් පොට ඇට වැල ගෙලේ පළන්දා
දෙන්නට දෙන්නා දිවුරා කී මුත්
පැතූ පැතුම් ඉටු වුණේ නැතේ

බැන්ද ආදරේ හිත තුළ රන්දා
දෙමාපියන් හට හොර රහසේ
උන්නු නිසාවෙනි අද ළතැවෙන්නේ
පුංචි මස්සිනේ අපි දෙන්නා

රිදී කඩුක්කන් කනේ පළන්දා
තුන් පොට ඇට වැල ගෙලේ පළන්දා
දෙන්නට දෙන්නා දිවුරා කී මුත්
පැතූ පැතුම් ඉටු වුණේ නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment