Chuti Nangiye Song Lyrics - චූටි නංගියේ ගීතයේ පද පෙළ

Chuti Nangiye Song Lyrics - චූටි නංගියේ ගීතයේ පද පෙළ
Song Title : Chuti Nangiye (චූටි නංගියේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : සමන් චන්ද්‍රනාක් වීරසිංහ
තනුව : සරත් දසනායක

චූටි නංගියේ
අදින් පසුව අක්කා ඔබ ළඟ නෑ
පති කුලයට මා කැන්දා යන්නට කුමාරයෙක් එනවා

නංගියෙ ඔබෙ අත ළඟින් අල්ලගෙන
ඉස්කෝලේ ගිය යුගය මතක්වන

එදවස මුව හසරැල් පුරවා ගෙන
අයියා මතකද අප හා පැමුණුන

චූටි නංගියේ
අදින් පසුව අක්කා ඔබ ළඟ නෑ
පති කුලයට මා කැන්දා යන්නට කුමාරයෙක් එනවා

ඉර හඳ පසුකොට කාලය පැන යන
දිනක් උදාවෙයි ඔබත් දීග යන

එදිනෙහි මා මෙන් රහසේ සැඟවෙන
හිතක් නොවේවා ඔබට පහළවන

චූටි නංගියේ
අදින් පසුව අක්කා ඔබ ළඟ නෑ
පති කුලයට මා කැන්දා යන්නට කුමාරයෙක් එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment