Nelum Male Pethi Kadala Song Lyrics - නෙළුම් මලේ පෙති කඩලා ගීතයේ පද පෙළ

Nelum Male Pethi Kadala Song Lyrics - නෙළුම් මලේ පෙති කඩලා ගීතයේ පද පෙළ
Song Title : Nelum Male Pethi Kadala (නෙළුම් මලේ පෙති කඩලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු, මරියසෙල් ගුණතිලක (මුල් ගායනය - නිර්මලා අතපත්තු)
සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගී පද : කරුණාරත්න අබේසේකර


නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා

සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නලවමි පවන් ගසාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා
සුවඳ එවමි සුළඟෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුං ගාලා
මම සමනළයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනළා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා...

මැණික් කැට අරන් පෙරලන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා
මම රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment