Du Daru Sampath Song Lyrics - දූ දරු සම්පත් ගීතයේ පද පෙළ

Du Daru Sampath Song Lyrics - දූ දරු සම්පත් ගීතයේ පද පෙළ
Song Title : Du Daru Sampath (දූ දරු සම්පත්)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : මර්වින් පෙරේරා


දූ දරු සම්පත් ප්‍රාර්ථනා මැද
යම් දිනයක අප මැදි විය පත් කල
උනුන් අනුන් සිත් ප්‍රේම රැහැන් මැද
සොරා බැඳෙන සමයේ
අප අද මේ තුරු සෙවණේ උන් බව
අමතක වී යාවී

එදාට මේ මල් තුරු ගොමු ලිය යට
කුල ගොත වත ගොත ගැටෙනු එපා යැයි
අද මෙන් නොසැලී ඔබට කියන්නට
වීරිය ලැබෙනු නැතේ

දූ දරු සම්පත් ප්‍රාර්ථනා මැද
යම් දිනයක අප මැදි විය පත් කල
උනුන් අනුන් සිත් ප්‍රේම රැහැන් මැද
සොරා බැඳෙන සමයේ
අප අද මේ තුරු සෙවණේ උන් බව
අමතක වී යාවී

අද අප දෙගුරුන් අප පෙම හමුවේ
උරණව ඔබ හට කියන කතාවන්
කම්පිත නොමවී ඉවසනු මිහිරේ
ඒ දියදමෙට නැමී

දූ දරු සම්පත් ප්‍රාර්ථනා මැද
යම් දිනයක අප මැදි විය පත් කල
උනුන් අනුන් සිත් ප්‍රේම රැහැන් මැද
සොරා බැඳෙන සමයේ
අප අද මේ තුරු සෙවණේ හුන් බව
අමතක වී යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment