Yaluwe Sithin Hadannepa Song Lyrics - යාළුවේ සිතින් හඬ්න්නෙපා ගීතයේ පද පෙළ

Yaluwe Sithin Hadannepa Song Lyrics - යාළුවේ සිතින් හඬ්න්නෙපා ගීතයේ පද පෙළ
Song Title : Yaluwe Sithin Hadannepa (යාළුවේ සිතින් හඬ්න්නෙපා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : රූකාන්ත ගුණතිලක


යාළුවේ සිතින් හඬ්න්නෙපා
මාලුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬ්න්නෙපා

ලෝ උපන් දිනේ පටන්
ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ

දේශ දේශයේ මවා
ලෝ නිරන්තරේ දවා
යෞවනේ නසාලු යාළුවේ

යාළුවේ සිතින් හඬ්න්නෙපා
මාලුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ
 යාළුවේ සිතින් හඬ්න්නෙපා

සෑම ප්‍රේමවන්තයෝ
රෑ දිවා හැඬූ නෙතේ
බින්දු බින්දු ඈත පාවෙලා

සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ
ඒ උදාර ආදරේ අමා

යාළුවේ සිතින් හඬ්න්නෙපා
මාලුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ
 යාළුවේ සිතින් හඬ්න්නෙපා
යාළුවේ සිතින් හඬ්න්නෙපා
යාළුවේ සිතින් හඬ්න්නෙපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment