Paloswaka Sanda Payanu Wanne Song Lyrics - පාළොස්වක සඳ පායනු වැන්නේ ගීතයේ පද පෙළ

Paloswaka Sanda Payanu Wanne Song Lyrics - පාළොස්වක සඳ පායනු වැන්නේ ගීතයේ පද පෙළ

Paloswaka Sanda Payanu Wanne Song Lyrics - පාළොස්වක සඳ පායනු වැන්නේ ගීතයේ පද පෙළ
Song Title : Paloswaka Sanda Payanu Wanne (පාළොස්වක සඳ පායනු වැන්නේ)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස


පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවෙ කළ පින් අපට කොයින්දා
පූරුවෙ කළ පින් අපට කොයින්දා

සැතපෙන නින්දෙදි රෑ තුන්යම සීන හතක් පෙනුණා
සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ ඔබෙ රුව නෙත ඇඳුණා

සිවුමැලි වත දනිනා මා නෙත ආල මතින් බැඳුණා
මියුරු තෙපුල් නඳනා සවනත බිඟු ගී රැව් නඟනා
සවනත බිඟු ගී රැව් නඟනා

කියාගන්න බැරුවා හිතු දේ තොල් අතරේ රැඳුණා
මනාපදෝ මන්දා මා සිත ආදර මල් පිපුණා

තුන් ඉරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්නා
එරබදු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා

පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවෙ කළ පින් අපට කොයින්දා
පූරුවෙ කළ පින් අපට කොයින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment