Parami Dam Puramu Api Dedena Song Lyrics - පාරමී දම් පුරමු අපි දෙදෙනා ගීතයේ පද පෙළ

Parami Dam Puramu Api Dedena Song Lyrics - පාරමී දම් පුරමු අපි දෙදෙනා ගීතයේ පද පෙළ
Song Title : Parami Dam Puramu Api Dedena (පාරමී දම් පුරමු අපි දෙදෙනා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක


පාරමී දම් පුරමු අපි දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අපි දෙදෙනා

ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පළන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මගෙම ඔබ අයියණ්ඩියක වේවා

ජාති ජාතිත් සංසාරේ
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අපි දෙදෙනා

ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මා
සිරිත් ලෙස කුලගෙයට යනදා
හීනයක් සේ මතක්වෙයි මට
අපේ අසරණ බිඳුණු පෙම් ලෝකේ

පූර්ව ආත්මෙක සංසාරේ
පාරමී දම් පුරමු අපි දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අපි දෙදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment