Mage Lowata Oba Wadina Thura Song Lyrics - මගේ ලොවට ඔබ වඩින තුරා ගීතයේ පද පෙළ

Mage Lowata Oba Wadina Thura Song Lyrics - මගේ ලොවට ඔබ වඩින තුරා ගීතයේ පද පෙළ
Song Title : Mage Lowata Oba Wadina Thura (මගේ ලොවට ඔබ වඩින තුරා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස


මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා
තරුවක් වාගේ හෙටත් පායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා ඉඳීවී
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

බලා හිඳිමි පෙර මඟ නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා

කවදා හෝ එක් අරුණු උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

බලා හිඳිමි කඳුළින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර

වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment